27 July 2024

මම නිතර කියවන වෙබ් අඩවි පිලිබද ඔත්තුවක් - Websites I Read Frequently

මීට දශකයකට පමන එපිටින් ඉන්ටනෙට් එක තුල සිංහල බසින් ලියැවුනු අන්තර්ගතයන් තිබුනේ ඉතාම අල්ප ප්‍රමානයක්. 

ඒ වෙනකොට බ්ලොග් සමාජය ගොඩක් වේගයෙන් දියුණුවෙමින් ආවත් බ්ලොග් කියවන්න පෙලඹිලා හිටියේ සමස්ථයක් වශයෙන් සුලු පිරිසක්. කොහොම උනත් දැන් විවිධ අකාරයේ ලිපි අදහස් හා වෙනත් ලේඛන ගනනාවක් ෆේස්බුක් වගේ සමාජමාධ්‍ය වල පේන්න තියෙනව. 

මම නම් පෞද්ගලිකව ෆේස්බුක් ලිපි කියවන්න යන්නෙ නැ. මොකද ඒවා බහුතරයක තියෙන්නේ මේවා ලියන අයගේ මනෝභාවයන් මුලික වෙච්ච අදහස් මිසක් සංවාදයට ගත හැකි මාතෘකා නෙවේ .

නමුත් ලංකාවේ තිබුන සමහර වෙබ් අඩවි යම් වගකීමක් ඇතුව තමන්ගේ ප්‍රකාශනයන් ඉදිරිපත් කරන බවක් පේන්න තිබුනා. කොහොම උනත් මම මේ කෙටි පිලියෙන් ලියන්න උත්සහ කලේ මම ඉන්ටනෙට් එකේ නිතර ගොඩවෙන වෙබ් අඩවි කිහිපයක් පිලිබද විස්තර ටිකක්. 

jdslanka.org

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනමාධ්‍යවේදියෝ නම් සංවිධානය විසින් පවත්වාගෙන යන මේ වෙබ් අඩවිය ඇතම්විට  ලංකාවේ දේශපාලනය සහ එහි කෘර ඉතිහාසය සම්බන්ධයෙන් අතිශය සංවේදි මෙන්ම හෙලිකරන ලද රහස් රැසක් අඩංගු වෙබ් අඩවියක්. 

ජාතිවාදයට එරෙහිව මෙන්ම දමිල අරගලය නියොජනය කරමින් ලියවුනු ලිපි සිය ගනනක් මෙන්ම 88-89 අදුරු යුගය තුල ඔබ කිසිදා නෑසු සත්‍යක් තොරතුරු ගනනාවක් සහිත ලිපි විශාල ප්‍රමාණයක් සිංහලෙන් කියවන්න පුලුවන්.

3mana.com

මීට දශක කිහිපයක පෙර ලංකාවේ දේශපාලනයට සුවිශාල බලපෑමක් සිදුකරන ලද X-කන්ඩායමේ නිල වෙබ් අඩවිය මෙයයි. මෑතක් වන තුරු ලංකාවේ දේශපාලනය තුල බලපෑම් කන්ඩායමක් ලෙස ක්‍රියාත්මවු ඔවුන් දැන් සමබිම පක්ශය යන නමින් සෘජු දේශපාලන ප්‍රවාහයට පිවිස ඇත .

ලංකාවේ ධනවාදය තුල සංස්කෘතික විචාරය දැඩි ලෙස සිදුකරන ලද්දේ ඔවුන් විසින්ය .දර්ශණය  ,පශ්චාත් මාක්ස්වාදය, ව්‍යුහවාදය සහ මනෝවිශ්ලේශණය වැනි සංකීර්ණ මාතෘකා ඔස්සේ ශාස්ත්‍රිය ලිපි ගනනාවක් මේ වෙබ් අඩවිය තුල ඇත .

www.icij.org

ලෝක දේශපාලන සහ අපි දැන් ජීවත් වෙන සමාජක්‍රමය කොයිතරම් දුශිතද කියල දැන ගන්න තියෙන හොදම තැනක් තමයි මේ. ගවේශණාත්මක මාධ්‍යවේදින්ගේ අන්තර්ජාල සාමුහිකයේ නිල වේබ් අඩවිය .ඔබ හොදින්ම දන්න පැන්ඩෝරා පත්‍රිකා ලෝකයට විවෘත කරේ මේ අය. 

Reddit.com

මේක නම් එක්තරා විදියක ඉන්ටනෙට් ලොන්ඩරියක් වගේ. ලොකේ හැම තැනින්ම එකතුවෙන ඩිජිටල් පින්තුර, විඩියෝ, අදහස්, කෙලවරක් නැතුව හුවමාරුවෙන තැනක් තමයි රෙඩිඩිට් කියන්නේ .ලංකාවේ මේක වැඩිය ජනප්‍රිය නැති නිසා තමයි ගොඩක් කුනු ගොඩවල් තාම ෆේස්බුක් එකේ යන්නේ. 

Pinterest.com

මේක ගොඩක් පරන Social Bookmarking site එකක්. ඒ කියන්නෙ අන්තර්ජාලයේ අපිට වැදගත් යැයි හිතෙන වෙබ් අඩවි සටහන් කරන්න තියෙන තැනක්. හැබැයි පසුගිය වසර කිහිපය තුල මෙහි ජනප්‍රියතාව අතිශයින්ම වැඩිවුනා. ඒ විතරක් නෙවේ මේකේ තියන contents මාරම වටිනව .වැඩි විස්තර කියන්නේ නැ ගිහිල්ලම බලන්න. 






8 comments:

  1. tumblr, medium පැත්තේ යන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ටම්බ්ලර් යනව මොකක් හරි හොද පින්තුරයක් හොයගන්න ඕන උනාම ඒ ඇරෙන්න එකේ නම්
      කියන්න තියෙන ලිපි ඉතාම අඩුයි නේද

      Delete
    2. මම යනවා හොඳ එකක් poem හොයාගන්න ඕනැ උනහම පරිවර්තනය කරන්න.

      Delete
    3. ගිහින් බලන්න ඕන - තැන්ක්ස් කිවුවට

      Delete
  2. මිදියම් පැත්තේ මම යන්නේ නැහැ. මගේම බ්ලොග් ලිපියක් ප්ලගරිස්ම් කියල මාව තහනම් කරලා තිබ්බ නිසා කාලයක්. අනිත් බ්ලොග් අඩවි වලට යනවා. ත්‍රිමාණ එකේ මගේ ලිපි කිහිපයක් දීප්ති පල කරලා තිබුන

    ReplyDelete
    Replies
    1. ත්‍රිමාන ඒකේ තියෙන ඔයා ලියපු ලිපි මම කියවලා තියෙනවා.
      මිඩ්යම් වල නම් සිංහල කොන්ටෙන්ට්ස් අඩුයිනේ ඒක නිසා එක බැලෙන්නෙම නෑ.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි