මට මෑතකදි හිටපු ගමන් මතක් වුනා යුද්ධෙ ඉතාම දරැණුවට ඇවිල ගිය කාලයක වුන සිදුවීමක්. ඒතකොට අපි උසස්පෙල ලියන කාලේ. අපි අමතර පංති යන්න පටන් ගත්තෙ අනුරාධපුර .මේ කාලේ අනුරාධපුර කියන්නේ අධිඅවධානම් කලාපයක්.
එතැන තමයි සිංහල ජනතාව බහුල කලාප වලට පිවිසෙන්න සහ (උතුර දකුන) සම්බන්ධකරපු මංසන්ධිය වෙන්නෙත්. මේ කාලේ තමයි අනුරාධපුර ගුවන්හමුදා කදවුරට එල් ටී ටී ප්‍රහාර එල්ල උනේ. ඒත් එක්කම අනුරාධපුරේදී ජානක පෙරේරා ඝාතනය වුන මරාගෙන මැරෙන ප්‍රාහාරය එල්ලවුනෙත්. අපි බස් එකේ යන්න පටන් ගත්තම චෙක් පොටින්ට් තුන හතරිකින් නවත්වලා කට්ටිය බස්සවලා චෙක් කරනවා.
අපිත් එක්ක ඒ දවස්වල පංති ගියා යාලුවෙක් හිටිය. මිනිහගේ නම මතක නෑ. ටිකක් තද කලු පැහැ හමක් එක්ක පොකුටු කොන්ඩයක් තිබුනා .වැල් වටාරම් නැතිව කිව්වොත් මිනිහට ඒ තරම් අකර්ශණිය පෙනුමක් තිබුනෙ නැ.එතැනදී මම නෝටිස් කරපු දෙයක් තිබුනා.. අනිත් හැමෝටම චෙක් කරල එැතින් යන්න කියල මේ කලු පාට කෙනාව තියාගෙන ප්‍රශ්ණ අහනවා ඒවයේ ඉන්න සෙබලු .
ඒ චෙක් පොටින්ට් වල සමහර දවස්වලට ඉන්න අය මාරු වෙනවා .සමහර වෙලාවට කලින් හිටපු අය හම්බවෙනවා .ඒත් හම කලුයි නම් පෙනුම ආකර්ශණිය මදිවගේ නම් කලින් කොයිතරම් දැකල තියෙනව උනත් මේ සෙබලු මේ වැඩේ කරනවා. චෙක් පොයින්ට් එකේ රදවාගන්න (සැක සහිත) වගේ අයගෙ පෙනුම ගොඩක් ඔය කියන ලක්ෂන වලින් සමන්විතයි.