මාස දෙකකට විතර පස්සේ බ්ලොග් එකට මොනවත් දැම්මේ නැති හින්ද හදිස්සියේ මතක් උන කතාවක් ලියන්න හිතුව.
දශක දෙකකට පමණ එපිටදී අපට අන්තර්ජාලය නහුරු කාලයේ අපට කියවන්නට දේ බොහෝ තිබුනා. අපිට දැනුම ලැබෙන මාර්ග තිබුනේ කිහිපයක් පමනයි. විදුසර පත්තරේ සිවුදෙස මුතුහර මනහර සගරා ඒ අතර විශේෂයි. දැනුම ලැබුන මාර්ග සිමිත හින්දම අලුත් දේ හොයාගෙන යන්න ඒ කාලෙ මිනිස්සුන්ට තිබුනෙ පුදුම උනන්දුවක් .
මේ සගරා වල තිබුන ලෝකයේ විවිධ රටවල කතන්දර, සිදුවීමි, දේශපාලනය ,සංස්කෘතිය, විද්‍යාව වගේ විශයන් අපේ උනන්දුව පුලුල් කලා. ඒ අතර ලෝකයේ තාක්ශණය දියුණු උනා .
කඩදාසි සගරා වෙනුවට අන්තර්ජාල වෙබ් පිටු සහ යුටියුබ් වගේ දේවල් ආවා .ලෝකය අතැඹුලක් උනා කියලනේ කියන්නේ. හැබැයි මගේ අදහස මේ වෙනකොට මේ තාක්ශනය විසින් අපට තොරතුරු අධිභාරයක් (Overload Of Information) ලබා දිලයි තියෙන්නෙ.
කොතැන බැලුවත් තොරතුරු. මේ හැම එකක්ම වගේ ධනවාදී අර්ථක්‍රමය විසින් ලාබ පරමාර්ථයෙන් අපට බලහත්කාරයෙන් ලබාදෙන්නක්. සියලුම ඩිජිටල් තිර (මම මේවට කියන්නෙ Black Mirrors කියල එහෙම කියන්නේ ඇයි කියල බ්ලැක් මිරර් කතාමාලාව බලබු අය දන්නව ඇති) ක්‍රියාත්මකවෙන්නෙ මේ ලාබ උපයන සටන ඇතුලේ අපිට තොරතුරක් ලබාදෙන්න .
අපි කතාකරන වචන පවා ග්‍රහනය කරගනිමින් අපට තොරතුරු සපයන එකයි මේ අය කරන්නේ. හැබැයි අපි නොදැනවත්වම සිදුවන දෙයක් තියෙනවා. අපිට දැනගන්න අවශ්‍ය සියලු දේ සීමාවකින් තොරව දැනගන්න අවස්තාව ලැබෙනව කියන්නේ අපේ කුතුහලය මියයන්න පටන්ගන්නව.
කුතහලය තමයි අපෙ ආශාව සහ සතුට රැගෙන ට්‍රෝජන් අශ්ව.ය දැන් අපිට කොයිතරම් දේවල් ගැන දැනගත යුතුයි කියල හිතුනත් අපි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැතුව ඉන්නෙ මෙන්න මේ නිසයි. මම කලින් ලිපියන අන්තර්අක්‍රීයතාවය කියල සදහන් කලේ මෙන්න මේකට .
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි