01 September 2024

දැනුම - බලය හා පොත් නොකියවා බුද්ධිමතෙක් වීම

මම හිගුරක්ගොඩ ප්‍රදේශයේ සේවය කරන කාලයේ අපට නැවතී සිටීමට කාර්‍යමන්ඩල නිවස්නයක් හිමිව තිබුනි. මම බොහෝ විට කලේ සතියේ දින 05 සේවය කර සති අන්තයේ ගෙදරයාමයි. සතියේ දිනවල අපේ රාජකාරි සවස 5 න් පසුව අවසන්වේ. නමුත් අපි අපේ නිල නිවසට යන්නේ රාත්‍රී 6.30 ට පමණය .

මම පොත් කියැවීමට සාමාන්‍යන් හුරුවුන අයෙක් .නමුත් ගොඩක් නොවේ.මට පෞද්ගලිකව තිබු වැඩ රාජකාරි හා බලනවිට ඇත්තටම මට පොත් කියවන්නට තිබුනේ සතියටම පැය කිහිපයක කාලයක් පමනී .ඒ නිසා මම හැකි හැමවිටම සදුදුා වැඩට යනවිට කියවන්නට පටන් ගත් පොත් රැගෙන ගියෙමි .නමුත් නිල නිවසේ ගතකරන කාලය තුල ඇත්තටම මට පොත් කියවන්න තරම් කාලයක් එහි තිබුනේම නැති තරම්ය. 

නමුත් මා රැගෙන යන පොත් එහි තිබිනි .ඒ කාලයේ නිතරම මා සතුව X කන්ඩායමේ ප්‍රකාශන වන පශ්චාත්නුතනත්වය ඇසිඩ් වැස්ස සහ සිනමාව සම්බන්ධ පොතක් සහ තවත් දේශපාලනික පොත් කිහිපයක්ම තිබුනි. (ඇත්තටම මට ඒවා කියවන්න උවමනා උනත් එහි තිබු කිසිදු දැනුමක් මා සතුව තිබුනේ නැත .ඇත්තටම මට ඒවා කියවා නිමකරන්නට කාලයක් තිබුනේද නැත.) 

මගේ කාර්‍යල සගයන් මේ පොත් පිලිබදව අවධානයේන සිටින බව මට අවබෝධ විය . ඉන් මාස කිහිපයකට පසු මගේ උපන්දිනය එලැබිනි. කාර්‍යාල සගයන් මාහට ලබාදුන් උපන්දින කේක් එකේ සැරසිල්ලෙහි සිටියේ පොතක් කියවන මිනිසෙකුගේ රූපයකි. ඉන් මට ගම්‍යවුයේ ඔවුන් විසින් මම මහා බුද්ධිමතෙක් ලෙස තක්සේරුකර ඇති බවයි. (මෙය සැබැවින්ම මට සිනා පහලවෙන සුලු සිදුවීමක් විය) .

ඉන් දෙවසරකට පසු මට මාරුවීමක් ලැබුනි. ඒම රාජකාරි ස්ථානයේ මගේ අවසන් දින සමුගැනීමේ හමුවීම. Farewell Speech එකේදී මගේ කලමණාකරු කිවේ අනිත් සියලු දෙනාම මා මෙන්ම පොත් කියවීමට හුරුවිය යුතුබවයි. තවකෙකු කීවේ මා ඇවිදින පුස්තකාලයක් බදුය කියාය. ඇතමෙකු කීවේ මගේ දැනුමෙන් හරියට ප්‍රයෝජනක් ගැනීමට ඔවුනට නෙහැකි වු බවයි.  ඇත්තෙන්ම මේවා ඇසිමෙන් මා මගේ සිනහව මැඩපවත්වා ගත්තේ ඉතා අසීරුවෙනි. පොත් නොකියව පොත් කියවනවා මෙන්හිද හෝ පොත් ලගතබා ගැනීමේන් බුද්ධිමත් පොරක් බවට පත්විය හැකිය බව මට අවබෝධවිය.

Bonus Tip - මේ සදහා සුරංගනා කතා සහ නවකතා කියැව්වාට වැඩක් නැත මේ සදහා මාක්ස්වාදය/දර්ශණය/සමාජ විද්‍යාව/සහ දේශපාලනය සම්බන්ධ පොත් ලග තබා ගැනීම ප්‍රමාණවත් වේ 





5 comments:

  1. ම‍ෙටාවේ සමහර වියමන්වලට ප්‍රතිචාර දක්වන අය භාවිතා කරන වචනත් එක්ක ගලපන කොටත් මෙහෙම හිතෙනවා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි