26 July 2024

සුබගමන් වික්‍රමබාහු - Salute To Comrade

වික්‍රමබාහු කරුනාරත්න සහෝදරයා මිය ආරංචිය අද දැන ගන්නට ලැබුනි. මම බාහු ගැන දන්නේ පුංචි දේවල් කිහිපයක් පමනි. බාහු සහෝදරයා සුවිසල් මිනිසෙකු බව දැන ගන්නට පෞද්ගලිකව මට විශාල කාලයක් ගතවිය.

ඔහු ලංකාවේ ජාතිකවාදයෙන් ඔද්දල්වුන කුහක වාමාංශිකයකු නොවන බව දැන ගැනීමට මට විශාල කාලයක් ගතවිය. ඔහු සැබැ නුතනවාදී වාමාංශිකයකු විය. 2005 සිංහල බෞද්ධ යුද්ධය ආරම්භවු  සමයේ බොහෝ දෙනා ඔහුව හැදින්වුයේ කොටි බාහු යන නමින්ය. 

එවකට ජනතා විමුක්ති පෙරමුන නම් අන්තවාදි සිංහල බෞද්ධ වාමාංශික පක්ශය විසින් උතුරේ ද්‍රවිඩ සංහාරයට පිඹුරුපත් සකස්කල යුගයයි. ඒපමනක් නොව මහින්ද රාජපක්ශ සිංහල ජාතියේ ගැලවුම්කරුවා බවය අභිශේක ලබන්නට සිටි මොහොතයි. 

මේවන් අවස්තාවක පවා නිර්භයව සිය මතවාදය ප්‍රකාශකරන්නට ඔහු පැකිලුනේ නැත. බාහු සහෝදරයා යනු කවරෙක්දැයි දැන ගැනීමට සිංහල සමාජයට තව සියක් වසක් ගතවනු ඇත. නැතහොත් ඉතිහාසයේ දෙුා්හියකු ලෙස සදාකල්ම ඔහු කාලයේ වැලිතලාවෙන් වැසෙනු ඇත .ඔබට සුභ රාත්‍රියක් 

වික්‍රමබාහු කරුනාරත්න ගැන මීදුම බ්ලොගයේ සටහන මෙතැනින් 



2 comments:

  1. මම ෆේස්බුක් එකේ දැම්ම එක - සුභ ගමන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
    මට මුලින්ම ඔහු මුණ ගැහුනේ 1983 අග හෝ '84 මුල. මම '83 ඒ ලෙවල් ඉවර කරලා පබ්ලික් ලයිබ්‍රරි එකේ, බ්‍රිටිෂ් කවුන්සිල් එකේ , සෝවියට් කල්චරල් එකේ රස්තියාදු ගහන කාලේ. එතකොට '83 ජූලි කලබල නිසා ඔහුගේ පක්ෂය තහනම් කරලා , එයාලගේ පෝස්ටර් හැම තම දුටු තැන අල්ලනු. රුපියල් 50000 දෙනවා කියල. ඒ කාලේ මගේ යාළුවෙක් වන චන්ද්‍රජිත් (චන්ද්‍රා) විතානගේ තමා මාව අරන් ගියේ එයාලව හම්බ වෙන්න. වාසුයි (වාසුදේව නානායක්කාර) සහ බාහුයි කොම්පඤ්ඤවීදියේ වෑකන්ද හන්දියේ තියෙන අමරදිසි හෝටලේ (ස්ටේෂන් පාරේ කොන) කොනක ඉඳගෙන හිටිය. විතානගේ ගේ පියා තමා හොරණ උපාලි විතානගේ. චන්ද්‍රා විතානගේ පස්සේ කිව්වා ඔවුන් මම පොලිසියට ඔත්තුව කියයි කියල හිතුව කියල. පස්සේ දෙන්නම පොලිසියට භාර වුනා මම හිතන්නේ. මම නසසප/විකොස දෙකටම සපෝට් ඒ කාලේ. මගේ පුංචි අම්ම කෙනෙක් හිටියා. පණ වුනත් දෙයි බාහුට. 1943 දී ලුණුගල උපන් ඌවෙන් බිහිවුණු තවත් අභීත සටන්කාමියෙක් . විදුලි ඉංජිනේරුවෙක්. ආචාර්ය උපාධියක් තියෙනවා. නමුත් ලංකාවේ ගොබ්බ ජාතිවාදී ආණ්ඩු ඔහුට උගන්වන්න දුන්නේ නැහැ. මැරෙනතුරුත් ලංකාවේ ගොබ්බ ජාතිවාදයට එරෙහිව සටන් කරපු කෙනෙක්. සුභ ගමන්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ තුච්ජ ජාතිවාදය සහ ස්වොත්තමවාදයට එරෙහි උන හැමෝට අත්වුන ඉරනම තමා මේක.
      මට බය කවදාක හෝ දිප්තිටත් මේ ඉරනමම අත්වේද කියල. දශක 3 ක් පුරා ඔහු කල කැපකිරීම්වලට ප්‍රථිපල ලෙස අදටත් ඔහුට ඉතිරි ඇත්තේ නින්දා අපහාස පමණයි .

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි