30 July 2024

අතරෑ පැලැස්ස - කෙටි දැනුම් දීමක්

90 දශකයේ මුල උපන් දරුවොන්ට හොදටම මතක නම් ලැයිස්තුවක් තියෙනවා. එලුසන්, බගලවතී ඉස්කෝලේ හාමිනේ ,පඩිතුමා වගේ චරිත අමතක වෙන්න විදියක් නෑ .

මට අහම්බෙන් වගේ ඊයේ යුටියුබ් එකේ සජෙස් කරල තිබුනා අතරෑ පැලැස්ස කියන මපට් නාටකය. මේක ටයිටස් තොටවත්ත මහත්මයගේ නිර්මාණයක්. දැන් බලනකොට තමයි තේරෙන්නෙ එලුවා දෙන පට්ට ආතල් තොගය. 

මේක බලන්න පුලුවන් Rupawahini Dubbing  යුටියුබ් නාලිකාවට ගියාම. මේක විතරක් නෙවේ අපි කුඩා කාලයේ ආසාකරපු පැරනි හඩකැවු වැඩසටහන් ගොඩක් බලන්න පුලුවන් මේකෙන් . මේ කෙට් සටහන ඒ මතක් කිරීමට 



10 comments:

  1. බොහොම ස්තුතියි මේක අපිත් එක්ක බෙදා හදා ගත්තට ජෝන් ලෙමන් බ්රෝ, බයි ද වේ ඔය 1990 -92 වගේ කාලේ හවස හතරට විතර ජාතික රූපවාහිනියේ පෙන්නපු "රසාර" වැඩසටහන ගොඩක්ම බැලුවේ අසූව දශකයේ මැද භාගයේ උපන් අය, අනූ ගණන්වල අය එම්ටීවී සහ ටීඑන්එල්, ඊටත් පසුව සිරස ස්වර්ණ වාහිනී වගේ ඒවා බැලුවේ, තව දෙයක් රසාර වැඩසටහනට අනුබද්ධිත රොබින් ඔෆ් ෂර්වුඩ් කතාව සිංහල උපසිරැසි එක්ක පෙන්නුවා ඒ කාලේ, ඒකත් දැන් සාමාන්‍යයෙන් වයස හතලිහකට ආසන්න සීමාවේ ඉන්න අනූ ගණන්වල දරුවන්ට අමතක කරන්නම බැරි විදියේ පට්ට නොස්ටැල්ජියා එකක් බවත් කියන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. හසරැලි රාසාර මට මතකයි
      2005 වෙනකම්ම පිටරටින් ලංකාවෙට ගෙන්වපු සුපිරි ලමා වැඩසටහන් ගොඩක් ප්‍රචාරය උනා
      ඊට පස්සේ රට බේරාගන්න අවශ්‍ය සංස්කෘතික විප්ලයවය කරන්න ඕන උනානෙ ලක්වැසියන්ට

      Delete
  2. ස්තුතියි ලෙමන් ඔත්තුව කිව්වාට
    නැවත යන්න හැකි ඒ රස අතීතෙට

    ReplyDelete
  3. Replies
    1. මේ පැත්තේ ආවට ස්තුතියි .
      පරණ යාලුවෙක්

      Delete
  4. ස්තූතියි , බලන්නම් පස්සේ

    ReplyDelete
  5. එතන හුඟක් තියනවා. නිදි පස්සේ ලින්ක් එක දාන්න

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නෙ.
      https://www.youtube.com/@Rupavahini_Dubbing_Official

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි