25 August 2024

ඩයනා - ( Story About Princess Diana)

Guns And Roses නම් ඇමරිකානු රොක් සංගීතක කන්ඩායමේ සුප්‍රකට Don't cry නම් ගීතය අසමින් සිටිනවිට මට මේ සටහන ලිවිය යුතුයැයි සිතුනි. ඩයනා කුමරිය මියගොස් එලඹෙන අගොස්තු 31 වෙනිදාට විසිහත් වසරක් සම්පුර්ණවේ. ඩයනාගේ අවසන් කටයුතු සිදුවන දිනයේ එය ලොවපුරා මාධ්‍ය නාලිකාවල ප්‍රචාරයවිය. එකල අපි කුඩා දරුවන්වීමු. 

ඇගේ දේහය රැගත් රිය පෙරහරවල් ගමන්කරන අකාරය අපි ඉතා උනන්දුවෙන් බලා සිටියෙමු. ඇය මුහුනදුන් මාරක රිය අනතුර පිලිබද විස්තර නිරන්තර පුවත් නාලිකාවල විකාශය විය. එපමනක් නොව අපිට හමුවු වැඩිහිටියන්ගේ මුවග තිබු මාතෘකාව ඇගේ හදිසි මරණයයි. නමුත් ඇය පිලිබද විස්තරයක් මට සෙවීමට අවශ්‍යවුයේ මගේ ප්‍රියතම ගීතයක් වන Modern Talking සංගීත කන්ඩායමේ Cherry Cherry Lady ගීතයට යොදන ලද ඩයනාගේ රැපරාමු සහිත වීඩියෝවක් නැරඹිමෙන් පසුය. 

චාල්ස් සමග ඩයනාගේ විවාහ ජීවිතය අප්‍රසන්න එකක්ව තිබුන බව ප්‍රසිද්ද රහසකි. එංගලන්තයේ වංශාධිපති පවුලක කුමාරිකාවක් ලෙස උපන් ඩයනා ෆ්‍රැන්සෙස් ස්පෙන්සර් ට චාල්ස්ට වඩා හොද සැමියෙක් සොයා ගැනීමට නොහැකි උනාද ? .

එහෙත් වංශාධිපති පවුලක කුමාරිකාවකට කැමති උවත් අකමැති උවත් සිදුවන්නේ ලෝකයේ කොතරම් පිරිමි සිටියත් තවත් එවැනිම සීමිත වු පවුල් කිහිපයක් අතර සිටින එක් පිරිමියකු තෝරාගැනීමටයි .ඒ අනුව ඇය ඇයට වඩා විශාල වයස් පරතරයක් සහිත කුමරයකු වු චාල්ස්ව තෝරාගන්නට ඇත. නමුත් සියල්ල අවසානයේ ඇය කුඩුවෙන් නික්මෙන කිරිල්ලියක් මෙන් ඇගේ නිදහස සොයා ගියාය. නමුත් එය ඇගේ අවසානය විය. 

පසුගිය දිනෙක පැවති පොත් ප්‍රදර්ශනයකින් මට ඩයනා පිලිබදව විස්තර සහිත පොතක් හමුවිය. Andrew Morten විසින් ලියන ලද මෙම පොතේ නම Diana - Her True Story - In Her Own Words (ඩයනා නම් ඇගේ කතාව ඇගේ වඩන වලින්ම ) නම් විය. මෙම පොත සිංහලට පරිවර්ථනය කර තිබුනේ දයා ගුණතිලක විසින්ය. මෙයින් මට ඩයනාගේ ජීවිත කතාව පිලිබද බොහෝ දේ දැනගැනීමට හැකිවිය . ඒ සමගම Guns and Roses  කන්ඩායමේ මම අසමින් සිටි ගීතයේ පද පේලි කිහිපයක් මෙලෙස ලියා තබමි.

If we could see tomorrow, what are your plans?
No one can live in sorrow, ask all your friends
Times that you took in stride they're back in demand
I was the one who's washing blood off your hands

Don't you cry tonight
I still love you, baby
Don't you cry tonight
Don't you cry tonight

There's a heaven above you, baby
And don't you cry tonight
I know the things you wanted, they're not what you have
With all the people talkin', it's drivin' you mad
If I was standin' by you, how would you feel?
Knowing your love's decided and all love is real, yeah, yeah, yeah, baby

And don't you cry tonight
Don't you cry tonight
Don't you cry tonight
There's a heaven above you baby
And don't you cry tonight



4 comments:

  1. ඩයනා මැරෙන කොට පි කෝන්වොල් වල කැම්පින් නිවාඩුවකට ගිහින්. එතන මූන හෝදන කොට මිනිස්සු රූපවාහිනිය ගාව බලන් ඉන්නව දැකල . එතනම අඬන අය දැක්ක . එලිසබෙත් රැජින ගේ මව් රැජින වික්ටෝරියා තමා අවුරුදු 17 ඩයනා රජ ගෙදර පාටියක දැකල චාල්ස් ට හොඳයි කියල පික් කරලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඩයනාගේ මරණය සිදුවු වෙලේ ඔබේ අත්දැකීම ගැන දාපු ලිපිය මම කියැව්වා.
      මට නම් හිතෙන්නේ රජපවුල ඇයව ඝාතනය කලා කියලා.

      Delete
    2. මමත් හිතන්නේ එහෙම තමයි . ඒකට ඕන තරම් කරුණු තියනව

      Delete
    3. conspiracy theorists lol

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි