13 August 2024

මැටි බල්ලාගේ මතකය

 මේ මැටි බල්ලා මම මිලට ගත්තේ 2019 අප්‍රේල් මස 20 වැනිදා රාත්‍රියේ නුවරඑලියේ පැවති කානිවල් එකකිනි.  ඒ මාත් මගේ මිතුරන් 4 දෙනෙකුත් සමග ගිය තෙදින සවාරියක අවසන් දවසේදීය. 

මේ අකාරයේ විවිධ වර්ගයේ මැටි බල්ලන් කිහිප දෙනෙකු සහ තවත් කුඩා ස්මාරකයක් වැනි කුඩා ඵලයක් මම එදින මිලට ගත්තේ එකක් රුපියල් 80 ක් හෝ 100 ක් වැනි කුඩා මුදලකටයි.(මම මේ වගේ කුඩා සිහියටන එක්රුස් කිරීමට දැඩි ලෙස ප්‍රියකරන්නෙකි).

එදා රාත්‍රියේ අපි හොදින් විනෝදවී නිදා ගත්තෙමු. ඉන් ඉක්බිති අලෝකයේ වේගයෙන් කාලය ගතවිය .පසුදා ආපසු නිවෙස් බලා එන ගමනේදී උදැසන ආහාරය උදේ නවය පමන වනවිට අපි ලබාගත්තෙමු. 

වාහනය පනගන්වා රේඩියෝව ක්‍රියාත්මක කල සැනින් අපට දැන ගන්නට ලැබුනේ කිතුනු පල්ලි රාශියකට බෝම්බ ප්‍රහාර එල්ලකර සිය ගනනක් ජීවිත අවසන් වි ඇති බවයි. දැන් මේ බල්ලා මා සතුව නැත. මගේ අක්කගේ පුතා උගේ බෙල්ල කැඩුවේය ඉන් පසුව මම එය විසිකර දැමිය. 



6 comments:

  1. කියැවීමි
    එපමණක් ලියන්නෙමි.

    ReplyDelete
  2. එකතු කරනා සිහිවටන වල මිලදිගත් දිනය හා ස්ථානය සටහන් කරන්නේ නැද්ද?
    මා එසේ කරනවා නිසා ඇහැව්වේ
    ----කොළොම්පුරේ අසංග-----

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න ඕන කියල මීට කලින් හිතුවේ නැ ඇත්තටම

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි