17 July 2024

පොත් නොකියවීම පසුපස ඇති රහස

මගේ කුඩා පොත් රාක්කය තුල කියවීමට නියමිතව ඇති පොත් සංඛ්‍යාව දිනෙන් දින ඉහල යමින් පවතී .මෙයට හේතුව ලෙස විමසීමේදී මට පෙනී ගිය කරුනු කිහිපයක් ඇත. 

එවාට සාධාරණ හේතු කිහිපයක් ඇතත් සාධාරණ නොවන හේතුද ඇත. පාසල් යන අවධියේ අපි සාමාන්‍ය ප්‍රමාණයේ කෙටිකතා පොතක් එක දිනක් ඇතුලතදී කියවා නිම කර තිබේ. 

නමුත් දැන් පොතක් කියවා අවසන් කිරීමට ඇතැමි විට මාසයක පමන කාලයක් ගතවේ .නැතහොත් එම කාලය ඊටත් වඩා වැඩිය. 

ඩිජිටල් උපාංගවලට හුරුවීම නිසා දැන් අපේ කියවීමේ සිග්‍රතාව මොටවී ඇති බව නම් පැහැදිලිය. නමුත් ඊටත් වඩා නරක දෙයක් අපට සිදුවී ඇති බව මට තේරුනේ දේශපාලන පංතියකදී මම ඉගෙනගත් න්‍යායික කරුණක් නිසාය .

රොබට් පාලර් නම්  සමාජන්‍යායවේදියා Interpassivity of modern society (නුතන සමාජයේ අන්ර්අක්‍රියතාවය) යනුවෙන් අලුත් අදහසක් ඉදිරිපත් කලේය. 

මින් අදහස්වන්නේ මේ කාලයේ මිනිසුන් සමාජ/දේශපාලනික ක්‍රියාකාරකම් වලට සහභාගි වෙනවා වෙනුවට එය තවකෙකුට පවරා ඒ තුලින් විනෝදවිමට කැමති බවයි. 

මේ සමාජිය අක්‍රියභාවයට නුතන තාක්ශනික ධනවාදය සෘජුබලපෑමක් එල්ල කර ඇත. මෙම කිසිදු සමාජ ක්‍රියාවලියකට අපට දායක නොවි ඒය තවකෙකුට පවරා දැන් අපට එම විනෝදයම ලබා ගත හැකිවීම තරමක් ඛේදජනක දෙයක් කියලයි මට නම් හිතෙන්නෙ. 

ඉතින් ඔබ මොකද හිතන්නේ? 

දැන් අපට විඩියෝ ක්‍රිඩාකරනවා වෙනුවට තවකෙක් අපි වෙනුවෙන් ක්‍රිඩාකරනවා බලාසිට විනෝදවිය හැකිය

අපි ආහාරපාන විඩියෝ දෙස බලන්නේ එවා සැබැවින්ම රසවිදින්න නොව විඩියෝව රස විදින්නය

අපට දැන් සක්‍රියව සමාජ අරගලවලට සහභාගිවෙනවා වෙනුවට ෆේස්බුක් හැශ්ටැග් එකක් හරහා විරයකු විය හැකිය

දැන් අපට කොතරම් හොද සිනමාපට ඇතිතරම් භාගතකර නැරඹිය හැකි උවත් අපි එවා භාගත කරනවා මිස නරඹන්නේ නැත 

අපි දැන් පොත් එකතුකරනවාමිස කියවන්නේ නැත




11 comments:

  1. අපි පොත් එකතු කරන තරමට කියවන්නේ නැතිබව සැබෑය. එහෙත් පොත් එකතු කරන්නේ ඒවා කියවීමට තරම් වටින ඒවා බවට ඇතිවන හැඟීම නිසා ය. නොකියවනවා කියා වරදකාරී හැඟීමක් ඇතිකර ගතයුතු නැති බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔය අක්‍රිය විනෝදය තමයි interpassivity එකට පදනම වෙන්නේ
      පොත් විතරක් නෙවේ හොදට හිතල බැලුවොත්
      අපේ ලිංගිකත්වය පවා දැන් ඉන්ටරපැසිවු වේගෙන එන්නේ
      මගේ යාලුවො පවා කියල තියෙනව රියල් සෙක්ස් එක්කට යනවට වඩා තෘප්තියක් පොනෝග්‍රැෆි වලින් එනව කියල

      Delete
  2. මගෙත් පොත් කියවීම පහල ගිහින් මෑත කාලේදී. අන්තර්ජාලය ඔස්සේ ඉතාම පහසුවෙන් entertain වෙන්න පුළුවන් වීම තමයි මගේ නම් හේතුව. අනික දැන් සමාජ මාධ්‍ය වල තියෙන ඉක්මන් කෙටි වීඩියෝ එහෙම ඇබ්බැහිකාරකයි. පොතක් කියවන්න තරම් මොළේ වෙහෙස නොවී ඉබේ කාලේ ගත කරන්න පුළුවන් උනාම මොළෙත් හොර වෙනවා කියලා මට හිතෙනවා. ඊට අමතරව සාපේක්ෂව යොවුන්/තරුණ කාල වලට වඩා අපි දැන් picky වැඩියි කියලාත් මට හිතෙනවා. ඉස්සර තරම් ලේසියෙන් පොතක් රස විඳින්න බැහැ දැන්. මේ හැම දෙයක්ම නිසා මම හිතලාම පොත් කියවන්න අමතර උත්සාහයක් ගන්නවා. හොඳ recommendations තියෙන පොත් හොයාගන්නවා. සෑහෙන්න දුරට සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. මේක තමයි ගොඩක් අයගේ තත්වෙ

      Delete
  3. කාර්යබහුල බව එක්ක අතීතේ වගේ දවසට දෙක තුන පොත් කියවීමක් වෙන්නෙ නැති වුණත් හැකි හැම විටකම පොත් කියවන්න වෙලාව හදාගන්න උත්සාහ කරනවා මාත්. ‌සමාජ මාධ්‍යවලින් නම් ගොඩක් ඈත් වුණා නිරපරාදෙ කාලය ගත වෙන නිසා. හැබැයි හෙල්මලී අක්කා කියන්නා වාගෙ පිකී වීම මටත් බලපාන ලොකු හේතුවක්. ඉස්සර වගෙ දකින දකින පොත කියවීමක් වෙන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. සමාජමාධ්‍ය කියන්නෙ නම් හිසරදයක්
      නමුත් අපට ඒකෙන් මිදෙන්නනම් අමාරුවෙයි
      නමුත් මම සරල ක්‍රමයක් අනුගමනය කරනව සෝශල් මිඩියා වලින් එලියට පැනල ඉන්න
      ඒ ගැන ලිපියක් දාන්නම් ඉස්සරහදී

      Delete
  4. ගොඩාරියක් පොත් කතුවරු ලියන්නේ තමන් ලියන දේ මොනවා වුණත් පාඨකයා ඒවා කියවිය යුතුයි කියන මතයේ ඉඳන්.
    ඕනිම කෙනෙකුට රිසි දෙයක් ලියන්න ඉඩ තිබෙන බව ඇත්තයි.

    ඒත් පොතක් කියන්නේ මිලක් ගෙවලා ගන්න දෙයක්. ලියන විට- පොතක් පළ කරනකොට එය මිලදී ගන්න පාඨකයාගේ පැත්තත් හිතන්න ඕනි නේද? එහෙම නැති පොත් නිසාත් කියවන්නන් අඩු වෙන බව මගේ නිරීක්ෂණයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තක් නැතුවාම නෙවේයි .ඒත් මිනිස්සු දැන් පොත් මිලට ගන්නේ
      ඒ මිලට ගන්න අවස්තාවෙදි එන පොඩි ආතල් එකකට කියලයි මගේ නිරීක්ශනය.

      Delete
  5. එකම කතාව තමා .. නමුත් මම මේ අවුරුද්ද්දට පොත් හතර පහක් කියෙව්වා .. Kindle එකක් අරන් කියවන එක සාර්ථක දෙයක් .. ටැබ් වලට වඩා සෑහෙන වෙනස් Kindle එක .. මම Dune පොත Audible එකෙන් අහල ඉවර කළා .. පැය 22ක කතාවක් ..

    අලුත් විදි ට්‍රයි කරලා බලන්න වෙනවා .. නමුත් අපි ඉන්ටර්නෙට් එකෙන් නොදනිම බොහෝ දේ කියවනවානේ .. එකෙත් වරදක් නැහැ ඉතින් ..

    මගේ අදහස නම් වීඩියෝ කියන්නෙත් නරක දෙයක් නෙමේ .. අපිට වෙනස් වෙන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ටැබ් එකක් බලන එක සහ කින්ඩ්ල් එකක් අතර වෙනස මොකක්ද ?

      Delete
    2. වෙනස් කම් ගොඩක් තියෙනවා . Kindle එක ගොඩක් පොඩියි, හරි සැහැල්ලුයි . වෙන කිසිම දෙයක් කරන්න බැහැ පොත් විතරයි කියවන්න පුළුවන් . වරකට පේලි 10-20ක් විතර තමා පෙන්නන්නේ .. එතකොට ඉක්මනට කියවන්න පුළුවන් .. අකුරු පහසු සයිස් එකකට හදා ගන්න පුළුවන් ..

      වැදගත් ම දේ Blue Light එක නැහැ .. නිදා ගන්න කලින් කියවන්න පුළුවන් .. පොතක් කියවනවා වගේම නිදි මත එනවා .. බැටරි ලයිෆ් එක මාසයක් විතර තියෙනවා .. මමත් කාලයක් නොගෙන හිටියා ටැබ් එකෙන් පුළුවන් නේ කියල .. නමුත් ගත්තට පස්සේ ලොකු වෙනසක් තියෙනවා

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි