20 July 2024

AI තාක්ශණය සහ මානසික ප්‍රතිකාර

AI තාක්ෂණය දශක ගණනාවක් තිස්සේ සෙමින් වර්ධනය වෙමින් පැවතුනා , නමුත් පසුගිය වසර 2022 දී එය ශක්තිමත් පිම්මක් ගනු ලැබුවා. ඒ Chat-GPT හරහා Ai තාක්ෂණය දියුණු වීම නිසා.

දැන් ලෝකයේ සියලුම මිනිසුන්ට Ai තාක්ෂණයේ උපකාර විවිධ ආකාරවලින් ලබා ගත හැකිය. මෙම තාක්ෂණය තවමත් එහි ආරම්භක අවධියේ පවතී.

 ඒකෙන් අපිට අනාගතයේ ලැබෙන ප්‍රතිලාභ ගැන මටනම් දැනට හිතාගන්නවත් බැහැ.

අප දන්නා තරමින් මේ තාක්‍ෂණයෙන් කිසිවකුට ඍණාත්මක බලපෑමක් තවම සිදුවී නැ. ඒ නිසා අපිට දැනට ඒ ගැන විශ්වාසයෙන් ඉන්න පුළුවන්.

ඒ ගැන කියනකොට මට මතක් වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි AI හරහා මානසික රෝගවලට ප්‍රතිකාර ගන්න පුළුවන්ද කියන එක.

ඖශධ ප්‍රතිකාරයක් නෙවෙයි, මම අදහස් කළේ උපදේශනය වගේ දෙයක්. බොහෝ මානසික රෝග සහ පෞරුෂ ගැටලු ඇති අය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නෙ නැහැ.

ලංකාවෙ වගේ රටවල මේ ඉතාම නරක තත්වයකයි තියෙන්නේ  බොහෝ දෙනෙක දන්නේ නැ තමන්ට මානසික රෝගයක් තියනව කියල මෙය විශාල සමාජ හානියක් සිදු කරනව. 

මෙයට පිළිතුරක් ලෙස AI හරහා උපදේශන ක්‍රමයක් ක්‍රියාත්මක කළහොත් බොහෝ දෙනෙකුට එයින් ප්‍රයෝජන ගත හැකිය.

මෙය කොතරම් දුරට සාර්ථක වේදැයි කිව නොහැක්කේ දැනට Ai පද්ධති වලට මිනිස් හැඟීම් පරිපුර්ණව තේරුම් ගැනීමට අපහසු නිසයි.

හැබැයි ඒකට motivation වගේ දෙයක් හොඳට කරන්න පුළුවන්. 

එතකොට මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක්ට වෛද්‍යවරයෙක් ගාවට යන්න කලින් තමන්ගේ වේදනාව ගැන AI එකකට කියන්න පුළුවන්.

ඔක්කොමත් හරි අනාගතයේ අපේ මානසික ගැටලු සහ දුක්පීඩා හිතක් පපුවක් නැති යන්ත්‍රයකට කියන්න සිදුවෙයි කියල හිතනකොට පොඩි අමුත්තක් දැනෙනව වගේ 



2 comments:

  1. හිතාගන්න අමාරුයි ඒක කොහොමද කරන්න පුළුවන් කියලා. ඒත් පුළුවන් නම් මානසික සෞඛ්‍යය පිළිබඳ ලොකු පිම්මක්.

    ReplyDelete
    Replies
    1. දැනටමත් වැඩේ පොඩියට යනව ඉස්සරයට තව දියුණුවෙයි

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි