21 August 2024

ශිබා නොහොත් ජොනී නම් බලුපැටියා

මේ සිටින්නේ දශක දෙකකට ආසන්න කාලයක් අපේ නිවසේ හැදී වැඩුනු කුඩා බලුපැටියාය. ඌට ශිබා යන නම තැබුයේ අපේ තාත්තාය. ශිබා යනු බලු වර්ගයක් බව අපි දැන ගත්තේ පසුවයි. 2004 වර්ශයේ සුනාමියට ඔන්න මෙන්න කියා තිබයදී අපේ ගෙදරට ගෙන ආ මේ පොමරේනියන් වර්ගයේ බලුපැටියාට තබන්නට මා කැමැත්තෙන් සිටි නම ජොනීය. 

නමුත් වැඩි ප්‍රසාදය මත ජොනියා ශිබා බවට පත්විය. මු ගෙන එන විට මට එතරම කැමැත්තක් නොවීය .කුඩා බලුපැටියෙක් උවත් මවගෙන් වෙන්කිරීම අපරාධයක්යැයි මම එකලත් සිතුවෙමි .

තරමක් රලු ගති තිබු ජොනියා ලේනුන් ගේ ජීවිත කිහිපයකටම වගකීවේය. ඒත් ඌ නිබදවම අපේ පවුලේ කොටසක්ව සිටියේය .එක් අවස්තාවක නිවසෙන් පැනගොස් සිටි ජොනියා ඊට ටිකවෙලාවකට පසු ආපසු නිවසට ආවේ වෙනත් බල්ලන්ගේ සැපුම්පාරවල් කිහිපයක් සමගයි. 

ජොනියාගේ වඩාත් ප්‍රියතම අංගය වුයේ සතියකට කිහිපවරක් අම්මා සමග ඇලේ නෑමට යාමයි. නමුත් ඌ පිහිනීමට දක්ශයෙක් නොවන බව අපි දැන සිටියෙමු .

ජොනියා කෑවේ මස් සමග බත් හෝ උම්මලකඩ දැමු බත් පමනී අනික් ආහාර වර්ග ඌ ප්‍රියකලේ නැත. මේ වර්ගයේ වෙනත් බල්ලන් සතුව නොතිබු ආකර්ශනයක් තිබු ජොනියා නිරන්තර අමුත්තන්ගේ ආකාර්ශනයට බදුන් විය. 

බෙහෙත් විදීම සදහා පශුවෛද්‍ය කාර්‍යාලයට යන සැමවිටම වාහනයෙන් හෝ බයිසිකලයෙන් බැසගත් සැනින් ජොනියාගේ කකුල් මැඩ්ලින් ගසන්නට පටන්ගනී. ඌ පශුවෛද්‍ය කාර්‍යාලයතුල වසරක් පාසා කෙරෙන බෙහෙත් විදීමේ වේදනාව හොදින් දැන සිටියේය. 

ජොනි වසර 18කට ආසන්න කාලයක් අපි සමග ජීවත්වීය. නමුත් ඔහුගේ අවසාන කාලය තුල පස්ස පැත්තේ හටගත් තුවාලයක් සහ ඇසේ සුදමතු වීම නිසා දැඩි ලෙස පිඩාවට පත්ව සිටියේ. 

කොතරම් ප්‍රතිකාර කලත් එවා සුවවුනේ නැත. අවසානයේ 2022 වසරේ ජුනි මාසයේ දිනෙක උදෑසන ජොනී මියගොස් සිටියේය. අපේ නිවසට යාබද ස්තානය අපි එදා ඔහු වලදැමුවෙමු. වසර ගනනාවකට පෙර බලුපැටවු කිහිපදෙනෙකු අතරින් ජොනී මම තෝරාගෙන ආවෙමි. ඉන් වසර ගනනාවකට පසු මගේ අතින්ම ජොනී මිහිදන් කෙරුනි. 




5 comments:

  1. සත්තු පුදුම විධිහට හිතට බැඳෙන්නේ . මම දම්වැල් හෝ පටි දාල සතෙක් තියා ගන්න කැමති නැහැ . එනිසා පූසෙක් විතරයි ඉන්නේ .

    ReplyDelete
    Replies
    1. දම්වැල් , කෙනල් ඕනෙ නෑනෙ. ගේ ඇතුලයි බැක් ගාඩ්න් එකයි තියනවනෙ

      Delete
    2. එසේම තමයි මමත් අය කිසිම සතෙක්ව ඇතිකරන්නේ නැ

      Delete
  2. අජිත්ගෙ කතාව හරි. ඒ නිසාම අවසානයට සිටි බලු සුරතලුන් මියගිය පසුව සතුන් හැදීම නතර කළා.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි