13 July 2024

රොහාන් පෙරේරාගේ මරණයෙන් පසු හෙලිවුන දෙයක්

රොහාන් පෙරේරාගේ මරණය සිදුවු දිනවල හා ඉන් පසුව දකින්න ලැබුනු ප්‍රධාන කරුනු දෙකක් තිබුනා.

නලීන් ද සිල්වා නලීන් සුබසිංහ සහ මාතලන් වැනි ජාතිකවාදීන් තිබුනු ප්‍රධානම ප්‍රශ්ණය තමයි ෆස්ලි නිසාර් කියන මුස්ලිම්වරයා රොහාන් පෙරේරා නමින් සිංහල කරණය වුනේ කොහොමද කියන එක .

අනිත් පසින් ලංකාවේ වාමාංශිකයන්ට ආපු ගැටලුව තමයි කොහොමද රොහාන් පෙරේරාට දැනුම ආවේ කියන .

එකට නිශ්චිත පිලිතුරක් නැතත් මතුවෙලා ආපු කාරණය තමයි රොහාන් පෙරේරා ලලිත් ඇතුලත්මුදලි ලග හිටියාය ඔහුගෙන් තමයි රොහාන්ට මේ දැනුම ලැබුනෙ කියන .

ඒක ගොඩක් දුරට ඇත්තක් වෙන්න පුලුවන්. මොකක් උනත් මතුවෙලා ආපු වෙනත් වැදගත් කාරණාවක් තියෙනවා .

70-80 දශක වෙනකොටත් ලංකාවේ දේශපාලන බලය තිබුනු බොහෝ දේශපාලඥයන් උසස් පවුල් පසුබිමක් වගේම අධ්‍යාපනික සහ බුද්ධිමය උරුමයක් කරපින්නාගෙන ආපු අය.

වාමාංශික හෝ දක්ශිනාංශික කුමන දේශපාලන ධාරාවක් නියෝජනය කලත් මේ අය බටහිර සමාජ දේශපාලනික දර්ශනය ගැන හොද අවබෝධයක් තිබුන අය .

මේ ගොඩක් අය පොත් කියවපු මිනිස්සු. මට මතකයි දිප්ති කුමාර ගුණරත්න එක අවස්තාවකි කියල තිබුන ගාමිනි දිසානායක තමන්ගේ අවසාන කාලය තුල අන්තෝනියේ ග්‍රම්ස්චි කියවමින් හිටිය කියල ඔහුට දැනගන්න ලැබුනා කියල

ග්‍රම්ස්චි කියන්නේ මාක්ස්වාදී දේශපාලනික දාර්ශනිකයෙක් .

ලිබරල් මතවාදයක් නියෝජනය කල ගාමිනි පවා ග්‍රාම්ස්චිගැන කියෙව්වා.

මිට ප්‍රතිපක්ශව ජවිපෙ කරේ ගම්වල ඉන්න දුප්පත් සහ නුගත් ප්‍රජාව ඉලක්කකරගනිමින් ඉතාම දුර්වල පැරණි පසුගාමි දුප්පත් චින්තයක් ඔවුන් තුල වගාකිරීම . මේක ලංකාවේ සිංහල ජාතිකත්වයට සම්බන්ධයි.

20 වන සියවසේ ප්‍රංශය ජර්මනිය ප්‍රමුඛ යුරෝපාකරයෙන් බිහිවුන නව බුද්ධිමය චින්තනය ගැන බින්දුවක්වත් මේ වම්මු දැනගෙන හිටියේ නැහැ.

වාමාංශික දේශපාලනයට උරුම බුද්ධිමය චින්තනය ලංකාවේ ඇතුලේ දුප්පත් හිගන සබ්ජෙක්ට් එකක් කරේ මේ ජනතා විමුක්ති පෙරමුන .

වැරහැලි ඇදගෙන පෙරේතයෙක් වගේ හිටියොත් ඌ තමයි නියම වාමාංශිකය කියල ජෙප්පො කිවුවේ.

හොදට කනබොන අදින හොද වාහනය යන එකෙක් වාමාංශිකයෙක් වෙන්න බැ උන් ප්‍රතිගාමියෝ කියලයි කිවුවේ ඇත්තටම මොවුන්ට ඒ කාලෙත් රිචඩ් දි සොයිසා වගේ චරිතයක්වත් දිරව ගන්නන අමාරු උනා


No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි