09 July 2024

අපේ අලුත් කාඩ් ක්‍රිඩාව (Monopoly Deal) ගැන මගේ අත්දැකීම

පසුගිය කාල සීමාව පුරාම මාත් මගේ නෝනත්  නිතරම වගේ මොනොපොලි කාඩ් ක්‍රිඩාවෙ නිරත වෙලා තමයි හිටියේ. 

ඇත්තම කිවුවොත් මේ ක්‍රීඩාව ඇබ්බැහිවෙන සුලු එකක්. කාඩ් පත් 110 කින් යුතු මොනොපොලි ඩීල් කාඩ් කුට්ටමේ ක්‍රිඩාව සැබැවින්ම විනෝදජනකයි .

මේකේ කාඩ් වර්ග තුනක් තියෙනව ඒව තමයි මුදල් කාඩ් පත්, දේපල කාඩ් සහ ක්‍රිියාකාරකම් කාඩ්පත් .

උපක්‍රමශිලිව අනෙක් ක්‍රිඩකයාගෙන් දේපල කාඩ්පත් අත්පත් කරගන්න එක තමයි ක්‍රිඩාවේ අරමුන. 

ලංකාවේ අපි හුරුවෙලා ඉන්නේ කොල 52 දෙකේ සම්මත කාඩ් පැක් එකේ ක්‍රිඩාවන් දෙක තුනක් නිතරම සෙල්ලම් කරන්න. 

නමුත් ලෝකයේ ගොඩක් රටවල විවිධ කාඩ් ක්‍රිඩා ගනනාවක් තියෙනවා .

ඉතින් මේකේ පස්සේ අපි UNO සහ Phase 10 කියන කාඩ් සෙල්ලම් දෙකත් අන්තර්ජාලය ඔස්සේ මිලට අරන් ක්‍රිඩාකරන්න පටන් ගත්ත. 

මේ කාඩ්කුට්ටමට මට වැයවුනේ රුපියල් 700 ක් වගේ මුදලක්

යන ඕන තැනක දන්න කෙනෙක් එක්ක සෙල්ලම් කරන්න පුලුවන් ක්‍රිඩා කිපයක් තමයි මේ. ඉතින් ඔයාලත් පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න ආස හිතෙයි .



2 comments:

  1. ඇබ්බැහි වෙනවා කියපු එක ගැන තමයි ටිකක් හිතන්න ඕනෑ.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි