ඉන්දියාවට සංචාරයක් යන්න මට කාලෙක ඉදන් ලොකු ආශාවක් තියෙනවා. නමුත් තාම බැරිඋනා ඒක ඉශ්ඨ කරගන්න මේ ඉන්දියානු සවාරි උන්මාදය අස්සේ තව පොඩි වෙන කතාවකුත් තියෙනවා.
එවට මේකේ විකාශය උනු කතා අතරින් වඩාත්ම මගේ සිත ගත්තේ" රසකැවිලි වෙලෙන්දා" නම් කතාවයි. රස කැවිලි වෙලෙන්දෙකු සහ ඔහුගේ පුත්‍රයා වටා ගෙතුනු මේ කතාව මගේ සිත්ගත් එකක්.
නමුත් බොහෝම කලකට පස්සෙ විකාශය උනු කතා නිසා මට මේවායේ මතක තියෙන්නේ කිහිපයක් විතරයි.
1998 වසරේ දිනෙක මට අපුරු පොතක් හමුවුනා. මේකෙ නම භාරතීය කෙටිකතා පරිවර්තනය කරල තිබුනෙ බොබී ජී බොතේජු මහතා විසින්
මේක මම වැඩිපුරම කියවපු පොතක්. ඉන්දියාවේ විසි වෙනි සියවසේ පලමු අර්ධය ඒ කියන්නේ 1900-1950 අතර කාලයේ සිටි ලේඛකයන්ගේ කෙට් කතා තමයි මේකේ තියෙන්නේ.
මල්ගුඩි දවස් කතාමාලාවට පදනම් වෙන්නෙත් ඉන්දියාවේ මේ කාලසීමාවම තමයි .මට හිතෙන්නෙ නුතන ඉන්දියාව එකලට වඩා දැන් වැඩි වෙනසක් වෙලා නැහැ කියලයි .
ආගමික භක්තිය /විශ්වාස/ රික්ශෝ කරුවන්/රසකැවිලි/ පුද පුජා ගැන බොහොමයක් මේ කෙටි කතාවල අන්තර්ගතයි මේක කියෙව්වොත් අපහු අඩ සියවස් පැරණි ඉන්දියාවට යන්න පුලුවන් එලෙසම .
අබ්දුල් රහුමාන් සහෝදරයා - අමරලාල් හින්ගුරානි
තිරය - යස්පාල්
සිහිනය -දුලීප් කාවුර් ටිවානා
දිලිසෙන මුද්ද - ජගදීස් මොහාන්තී
මෙහි කෙටි කතා කිහිපයකි
තිරය - යස්පාල්
සිහිනය -දුලීප් කාවුර් ටිවානා
දිලිසෙන මුද්ද - ජගදීස් මොහාන්තී
මෙහි කෙටි කතා කිහිපයකි
කතාව පුරා දිවෙන සියුම් හාස්‍යය තමයි නාරයන් කියවන්න පොළඹවන්නේ. තවත් පොතක් තියනවා The Very Best of R.K. Narayan, Timeless Mulgudi කියලා.
ReplyDeleteතැන්ක්යු ඔත්තුවට
Deleteලෙමන් මහත්තයා, ඔය රසකැවිලි වෙළෙන්දා කතාව කියවලා ආසා වෙලා මම ඒකෙ පලවෙනි චැප්ටර් එක පරිවර්තනය කළා ඉස්සර දවසක.
ReplyDeletehttps://hotchocolatedays.blogspot.com/2023/07/blog-post_20.html
මේ කීව පොතත් හොයලා බලන්න ඕන. ස්තූතියි ඔත්තුවට. ඉන්දියානු කතා කියවද්දී අපිට හරි හිතට සමීපයි.
මම නම් කැමතිම රුසියානු ඉන්දියානු සහ ලතින් ඇමරිකානු සාහිත්‍යට
Deleteඒ අතරින් ඉන්දියන් කතා කියන්නේ වඩාත්ම සමීප දෙය
මල්ගුඩියෙ මෑන්ඊටර් පොත මට විශ්වවිද්‍යාලෙ පළමු උපාධියට තිවුණා!
ReplyDeleteනියමයි
Deleteයුක්රේනයේ දවසක්, රුසියාවේ හවසක්, වගේ අදාළ නැති කතාවක් මෙතනදි කියන්න හිතෙනවා. ඒ සංස්කෘතිමය ජීවිතවල රසය කාලයට අදාළ අමුතුම එකක් කියල දැනෙනවා මට!
ReplyDelete