06 July 2024

මේ කවුද ? මොනවද කරන්නේ ?

 මේ ජායාරුපයේ සිටින පුද්ගලයා චේතිය මනතුංග නොහොත් අන්වර් මනතුංගයි .මැත කාලින සිංහල සහ මුස්ලිම් ගැටලුව යලි නැගීආවේ 2010 වසරේදී පමණය. උපතින් බෞද්ධයකු වන අන්වර් මනතුංග ලමා කාලය ගෙවන්නේ සිය පියාගේ දැඩි තාඩන පිඩන සහ මුදල් දුශ්කරතාවයන් රැසක් සමගයි .


ඔහුම පවසන පරිදි සිය පියා බේබද්දෙකි .පසුකාලිනව කුමක් හෝ හේතුවක් මත සිය පවුලම ක්‍රිස්තියානි ආගමට බැදි තිබේ .


පසුව චේතිය ක්‍රිස්තියානිය අතහැර මුස්ලිම් වන්නේ අන්වර් මනතුංග යන සිංහල-මුස්ලිම් නාමය සමගයි .මේ ඔහු සිය අන්වර් දවාහ් යන නමින් සියමින් සිටි බ්ලොග් අඩවියක තිබු පාපොච්චාරනයකි. කෙසේ නමුත් ඔහුගේ වෘත්තිය කුමක්ද ඔහු ජිවත් වන්නේ කෙසේද යන්න පිලිබද ආරංචියක් නැත .


2009 හෝ 2010 වර්ශයේ ඔහු ආන්දෝලනාත්මක විඩියෝවක් ඉදිරිපත් කරමින් බුදු දහම පිලිබද ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කලේය. කිසිදු තර්ක බුද්ධියක් නැති සිංහල බෞද්ධයන් මෙයට දැඩි ලෙස කලබල විය. උපතින් බෞද්ධයකු වි පසුව මුස්ලිම ආගමට හැරුනු සිංහල වාසගමක් ඇති අයෙක් ඉදිරිපත් කල ප්‍රශ්ණ නිසා තත්වය බැරෑරැම් විය. 


මේ ගැන සීතල යුද්ධය මුලින් ව්‍යාප්තවුනේ ෆේස්බුක් සමාජ ජාලය හරහාය .පිටියේ අප්පු  සහ රංග දිසානායක වැනි නම් වලින් පෙනී සිටි අතැම් ජාතිකවාදීන් මෙය සිය අරගලයක් බවට පත්කර ගත්තේය. සිංහලයන්ගේ අවසානය ආරම්භව ඇති බව ව්‍යාජ ප්‍රවාත්ති නිකුත් කරමින් ජනතාව කුපිත කලේය. 


මෙම  වෙඩි නුල අවසානයේදී පුපුර ගියේ 2019 පාස්කු ඉරිදා දිනයි. බෝම්බයේ ගිනිපුපුර තුලින් අලුත් නායකත්වයක් රටට බිහිවිය. මෙම සියලු කරුනු අපට පසක් කරන ලද්දේ මේ සියල්ල මුල මැද අග හොදින් ගලපන ලද සැලසුමක කොටසක් බවයි. 


අන්වර් මනතුංග මුල්කාලයේ පෙනී සිටියේ ඉතා ප්‍රගතිශිලි සහ නුතනවාදී අදහස් ඇති මුස්ලිම්වරයකු ලෙසයි. ඔහුගේ වෙබ්අඩවියේ පලකල ලිපි වලින් අපට එය ප්‍රත්‍යක්ශවිය .

නමුත් ඔහු 2018 සිට අතුරුදන්ය. සිංහල බෞද්ධ ජාතිය බේරාගැනීමට අන්තර්ජාලයේ සෙල්ලම් දැමු අයියලා මෙන්ම උන්ගේ බ්ලොග් අඩවි රොත්තද අතුරුදන්ය. මනතුංගයේ බ්ලොග් අඩවියත් දැන් ක්‍රියාත්මක නැත . දේශපාලනය තුල කලින් කලට ගුප්ත චරිත මතුවෙමින් අතුරුදන්වේ.


අන්වර් මනතුංග යනු තවත් එවැනි අවතාරයක් පමනී ඔහු ඔහුට පැවරුනා කාර්‍ය නිමකර දැන් විවේකයෙන් පසුවෙනවා විය හැකිය 



2 comments:

  1. ඔව්. ඔව් අකරණ වෙනම අය ඉන්නව. බ්ලොග් සම්මාන කරන්න ගිය කාලේ දැන ගත්තේ

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි