07 August 2024

අලුත් ලෝකයකදී අපි අයෙත් හමුවෙමු - Welcome My Son

මගේ බිරිදට දරුවෙක් ලැබෙන්න සිටින බව අපි දැන ගත්තේ ගිය සතියේ දිනෙකයි. සාමාන්‍යයෙන් ඇය පෞද්ගලිකව භාවිත කරමින් සිටි කුඩා Pregnancy Test Kit  එක පොසිටිවු වීම නිසා අපි HCG පරික්ශනයක් හරහා එය එදිනම තහවුරු කරගත්තා.  

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිතුමියගේ ගනනය කිරීම් වලට අනුව කලලය සති 05 ක් පමන වන්නට ඇති බව අපි හදුනාගත්තා .

මේක අපිට සතුටුදායක ප්‍රවෘත්තියක් උනා. මගේ බිරිද තයිරොක්සීන් ඌනතාවයකින් පෙලුනු නිසා HCG පරික්ශණය කල දවසේම තයිරොක්සීන් පරික්ශනයකුත් කලා. 

නමුත් තයිරොක්සින් පරික්ශාවේදී එය තිබුනේ ඉතාම අඩු මට්ටමක බැවින් අපි පහුවදාම ප්‍රසව හා නාරි රෝග විශේෂඥ  වෛද්‍යවරයකු  සහ අන්තරාසර්ග පද්ධතිය පිලිබද විශේෂඥ වෛද්‍යවරියකුත් හමුවුනා. ඔවුන් දෙදෙනාගෙන්ම ලැබුනේ සුබවාදී ප්‍රතිචාර නොවෙයි. 

VOG දොස්තර මහතා පැවසුවේ කලලය ගර්භාශයෙන් පිටත වර්ධනය වන බවත් එය ඉක්මනින් පරික්ශාකර පිලියම් යෙදිය යුතු බවයි. 

එමෙන්ම තයිරොක්සීන් ප්‍රමාණය සහ බිරිද ගර්භනීවිම අතර කාල පරාසය අනුව හෝමෝන ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරිය සිටියේ අසතුටුදායක තත්වයකින්. 

කෙසේ නමුත් අවසන් ප්‍රතිඵලය ලෙස කලලය ඇගේ ශරීරයෙන් සැත්කමක් හරහා ඉවත් කල යුතු බව VOG වෛද්‍යවරයා කියා තිබුනා. 

මේ අනුව අදාල සැත්කම පසුගිය සෙනසුරාදා සිදුකරනු ලැබුවා .මේ සියල්ලටම ගතවුනේ සතියකටත් අඩුකාලයක් .මෙය තරමක් ඛේදජනක දෙයක් උනත් අපි සියල්ල මැදහත් සිතින් බාරගත්තා .

මම හිතන විදියට දරුවන් බිහිකිරීම පිලිබදව ගැහැනුන් සිටින්නේ ධනාත්මක මානසිකත්වයකින්. පිරිමින්ට සාපේක්ශව ගැහැනුන් භෞතික සහ මානසික දේවල් වලට දක්වන බැදීම වැඩියි . මේ ලෝකය පවත්වගෙනයාමට අවශ්‍ය මානසික ඉන්දන ඇත්තේ ගැහැනුන් ලගයි . 

මේ සදහා අවශ්‍ය මානසික තත්වය සොබාදහමෙන්ම ඔවුනට ලැබෙනවා ඇති .මම හිතන්නේ පිරිමින්ගේ මානසිකත්වය ගොඩනැගීඇත්තේ දේවල් වලට බැදීමටත් වඩා දේවල් අත්හැරීමටයි. මා ඇතුලුව මා දන්නා පිරිමින් හැම කෙනෙක්ම පාහේ දේවල් අත්හරින අයයි. 

කෙසේ නමුත්  අප ඉපදෙන්නේ අපට කැමති ලෝකයක නොව කැමති උවත් අකමැති උවත් අපට ජීවත් වන්නට සිදුවෙන ලෝකයකයි .

එසේත් නැතිනම් අපි දැන් සිටින ලෝකයට වඩා වෙනස් ලෝකයක් තැනීමට අපි මහන්සිවිය යුතුය. ඒ සියල්ල නැතහොත් අපි උපන් ලෝකය තුල අපට කැමති ලෙස ජීවත්වෙන්ට ඉඩදිය යුතුය 

මා වැඩි පුරම ප්‍රියකරන Pink Floyed සංගීත කන්ඩායමේ මේ  ගීතය අලුත උපන් පුතෙකුට පියකු කියන හුදු කතාවක් නොව යථාර්තය පිලිබද ඔහුම අවබෝධ කරවීමකි.

Welcome, my son, welcome to the machine
Where have you been?
It's alright, we know where you've been
You've been in the pipeline, filling in time
Provided with toys and scouting for boys
You bought a guitar to punish your ma
And you didn't like school
And you know you're nobody's fool
So welcome to the machine

Welcome, my son, welcome to the machine
What did you dream?
It's alright, we told you what to dream
You dreamed of a big star
He played a mean guitar
He always ate in the steak bar
He loved to drive in his Jaguar

So welcome to the machine

- Pink Floyd



2 comments:

  1. මමත් මේ වගේම අත්දැකීමකට මුහුණ දී ඇති නිසා ඇතිවන මානසික පීඩනය ගැන වැටහීමක් තිබෙනවා. දරාගැනීමට ශක්තියක් තිබීම වටිනා දෙයක්. අනාගතයේදී වඩා සුබදායක පුවතක් ලැබේ යයි සිතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතිය දිරිගැන්වීමට සහෝ

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි