ඩයනා - ( Story About Princess Diana)

Guns And Roses නම් ඇමරිකානු රොක් සංගීතක කන්ඩායමේ සුප්‍රකට Don't cry නම් ගීතය අසමින් සිටිනවිට මට මේ සටහන ලිවිය යුතුයැයි සිතුනි. ඩයනා කුමරිය මියගොස් එලඹෙන අගොස්තු 31 වෙනිදාට විසිහත් වසරක් සම්පුර්ණවේ. ඩයනාගේ අවසන් කටයුතු සිදුවන දිනයේ එය ලොවපුරා මාධ්‍ය නාලිකාවල ප්‍රචාරයවිය. එකල අපි කුඩා දරුවන්වීමු. 

ඇගේ දේහය රැගත් රිය පෙරහරවල් ගමන්කරන අකාරය අපි ඉතා උනන්දුවෙන් බලා සිටියෙමු. ඇය මුහුනදුන් මාරක රිය අනතුර පිලිබද විස්තර නිරන්තර පුවත් නාලිකාවල විකාශය විය. එපමනක් නොව අපිට හමුවු වැඩිහිටියන්ගේ මුවග තිබු මාතෘකාව ඇගේ හදිසි මරණයයි. නමුත් ඇය පිලිබද විස්තරයක් මට සෙවීමට අවශ්‍යවුයේ මගේ ප්‍රියතම ගීතයක් වන Modern Talking සංගීත කන්ඩායමේ Cherry Cherry Lady ගීතයට යොදන ලද ඩයනාගේ රැපරාමු සහිත වීඩියෝවක් නැරඹිමෙන් පසුය. 

චාල්ස් සමග ඩයනාගේ විවාහ ජීවිතය අප්‍රසන්න එකක්ව තිබුන බව ප්‍රසිද්ද රහසකි.

වංශාධිපති පවුලක කුමාරිකාවකට කැමති උවත් අකමැති උවත් සිදුවන්නේ ලෝකයේ කොතරම් පිරිමි සිටියත් තවත් එවැනිම සීමිත වු පවුල් කිහිපයක් අතර සිටින එක් පිරිමියකු තෝරාගැනීමටයි .ඒ අනුව ඇය ඇයට වඩා විශාල වයස් පරතරයක් සහිත කුමරයකු වු චාල්ස්ව තෝරාගන්නට ඇත. නමුත් එය ඇගේ අවසානය විය. 

පසුගිය දිනෙක පැවති පොත් ප්‍රදර්ශනයකින් මට ඩයනා පිලිබදව විස්තර සහිත පොතක් හමුවිය. Andrew Morten විසින් ලියන ලද මෙම පොතේ නම Diana - Her True Story - In Her Own Words (ඩයනා නම් ඇගේ කතාව ඇගේ වඩන වලින්ම ) නම් විය. මෙම පොත සිංහලට පරිවර්ථනය කර තිබුනේ දයා ගුණතිලක විසින්ය. මෙයින් මට ඩයනාගේ ජීවිත කතාව පිලිබද බොහෝ දේ දැනගැනීමට හැකිවිය . ඒ සමගම Guns and Roses  කන්ඩායමේ මම අසමින් සිටි ගීතයේ පද පේලි කිහිපයක් මෙලෙස ලියා තබමි.

පලමුව ඛේදවාචයකි - දෙවනුව විහිලුවකි ( first as a tragedy, second as a farce)

ඉතිහාසය නැවත නැවතත් සිදුවන බව  යන කියමන කාල් මාක්ස්ගේ ඉතා සුප්‍රකට වැකියකි .බොහෝ දෙනා එහි නොදන්නා කොටස වන්නේ පලමුවර එය කේඛවාචයක් වනවිට එයම නැවත සිදුවනවිට දෙවන වර එය විහිලුවක් බවට පත්වන බවයි. 

පලමුවර අපට ආපසු හැරවිය නොහැකි තරම් ඛේදවාදචයක් කරා ගමන් කිරීමට සිදුවිය .එහිම දිගුවක් ලෙස අපට විශාල විගඩමක්ද අවසානයේ දැකිය හැකිවුනි. 

ඔහු ඉන් පැහැදිලි කිරීමට උත්සහ කල දේ පහත පටු උදාහරණයට හරියටම සමපාත කල නොහැකි උනත් එය ගැලපෙන වැකියක් යැයි මට සිතේ. 



“ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යන පනත සම්මත වුවහොත් ලංකාව මාස හයක් ඇතුළත මදුරාසියේ කොටසක් වනු ඇතැ”යි ඔහු (F R ජයසුරිය ) ප්‍රකාශ කළේය. 

ආරම්භයේ දී බණ්ඩාරනායක එෆ් ආර් ජයසුරියගේ විරෝධය හෙළා දුටුව ද පසුව ඔහු සමග සම්මුතියකට එළැඹියේය. උපවාසයේ නියුතු ජයසූරිය වෙත එළැඹි බණ්ඩානායක අගමැතිවරයා ඔහු වෙත දොඩම් යුෂ වීදුරුවක් පිරිනමමින් උපවාසය නතර කිරීමට එකඟකරවාගත් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවූ ඔහුට පාර්ලිමේන්තුව ඇමතීමට අවස්ථාවක් ලබා දීමට ද පොරොන්දු විය. 

ජයසූරිය සිය පාර්ලිමේන්තු කතාව මගින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ සහාය තමන්ගේ අන්තවාදී සිංහල ස්වෝත්තමවාදී මතයන්ට ලබා ගැනීමට සමත් විය. 

උපුටා ගැනීම - Jdslanka.com


ශිබා නොහොත් ජොනී නම් බලුපැටියා

මේ සිටින්නේ දශක දෙකකට ආසන්න කාලයක් අපේ නිවසේ හැදී වැඩුනු කුඩා බලුපැටියාය. ඌට ශිබා යන නම තැබුයේ අපේ තාත්තාය. ශිබා යනු බලු වර්ගයක් බව අපි දැන ගත්තේ පසුවයි. 2004 වර්ශයේ සුනාමියට ඔන්න මෙන්න කියා තිබයදී අපේ ගෙදරට ගෙන ආ මේ පොමරේනියන් වර්ගයේ බලුපැටියාට තබන්නට මා කැමැත්තෙන් සිටි නම ජොනීය. 

නමුත් වැඩි ප්‍රසාදය මත ජොනියා ශිබා බවට පත්විය. මු ගෙන එන විට මට එතරම කැමැත්තක් නොවීය .කුඩා බලුපැටියෙක් උවත් මවගෙන් වෙන්කිරීම අපරාධයක්යැයි මම එකලත් සිතුවෙමි .

තරමක් රලු ගති තිබු ජොනියා ලේනුන් ගේ ජීවිත කිහිපයකටම වගකීවේය. ඒත් ඌ නිබදවම අපේ පවුලේ කොටසක්ව සිටියේය .එක් අවස්තාවක නිවසෙන් පැනගොස් සිටි ජොනියා ඊට ටිකවෙලාවකට පසු ආපසු නිවසට ආවේ වෙනත් බල්ලන්ගේ සැපුම්පාරවල් කිහිපයක් සමගයි. 

Stalker - සිනමා හරය දේශපාලනයට බද්ධකිරීම

x දේශපාලනයට ආසන්නව සිටි කාලයේ අප නිතරම වගේ සිනමාව පිලිබද සාකච්චා කලෙමු. සිනමාව සහ X දේශපාලනය කිසිසේත් එකිනෙකට වෙන්කල නොහැකි කාරනා දෙකකි. 

ඇතැම් න්‍යායාත්මක දේශපාලනය කරුනු පිලිබද වඩා නිවැරදි අවබෝධයක් ගැනීම උදෙසා අපට උපකාරවුයේ සිනමාවයි. මේ අතර සාකච්චාවට ගැනුනු ප්‍රධානම සිනමා පටයක් වුයේ අන්ද්රේයි තාකොව්ස්කිගේ Stalker නම් සිනමා පටයයි. පැය තුනකට ආසන්න කාලයක් පුරා දිගහැරෙන ඉතා කෙට් සංවාද ඇති මෙම චිත්‍රපටය. සැබැවින්ම කියතොත් කම්මලි එකකි. 

මේ චිත්‍රපටයේ Stalker නමින් හදුන්වන පුද්ගලයා සිනමාව ආරම්භයේදී අපට පෙන්වන්නේ ඉතාම දුර්වල හා යම් කිසි මානසික බෙලහීනතාවයකින්සුවෙන්නෙක් බවයි .
ඔහු ඉතා දුර ප්‍රදේශයක පිහිටි යම් යම් හාස්කම් සිදුවන Zone නම් ස්ථානයක් පිලිබද දැඩි ලෙස විශ්වාසකරයි. මෙම හාස්කම් සිදුවන ස්තායට යා යුත්තේ ඉතා දුශ්කර කටුක යුධබිම් හා බාධක ඔස්සේය. 

මැටි බල්ලාගේ මතකය

 මේ මැටි බල්ලා මම මිලට ගත්තේ 2019 අප්‍රේල් මස 20 වැනිදා රාත්‍රියේ නුවරඑලියේ පැවති කානිවල් එකකිනි.  ඒ මාත් මගේ මිතුරන් 4 දෙනෙකුත් සමග ගිය තෙදින සවාරියක අවසන් දවසේදීය. 

මේ අකාරයේ විවිධ වර්ගයේ මැටි බල්ලන් කිහිප දෙනෙකු සහ තවත් කුඩා ස්මාරකයක් වැනි කුඩා ඵලයක් මම එදින මිලට ගත්තේ එකක් රුපියල් 80 ක් හෝ 100 ක් වැනි කුඩා මුදලකටයි.(මම මේ වගේ කුඩා සිහියටන එක්රුස් කිරීමට දැඩි ලෙස ප්‍රියකරන්නෙකි).

එදා රාත්‍රියේ අපි හොදින් විනෝදවී නිදා ගත්තෙමු. ඉන් ඉක්බිති අලෝකයේ වේගයෙන් කාලය ගතවිය .පසුදා ආපසු නිවෙස් බලා එන ගමනේදී උදැසන ආහාරය උදේ නවය පමන වනවිට අපි ලබාගත්තෙමු. 

වාහනය පනගන්වා රේඩියෝව ක්‍රියාත්මක කල සැනින් අපට දැන ගන්නට ලැබුනේ කිතුනු පල්ලි රාශියකට බෝම්බ ප්‍රහාර එල්ලකර සිය ගනනක් ජීවිත අවසන් වි ඇති බවයි. දැන් මේ බල්ලා මා සතුව නැත. මගේ අක්කගේ පුතා උගේ බෙල්ල කැඩුවේය ඉන් පසුව මම එය විසිකර දැමිය.