15 August 2024

Stalker - සිනමා හරය දේශපාලනයට බද්ධකිරීම

x දේශපාලනයට ආසන්නව සිටි කාලයේ අප නිතරම වගේ සිනමාව පිලිබද සාකච්චා කලෙමු. සිනමාව සහ X දේශපාලනය කිසිසේත් එකිනෙකට වෙන්කල නොහැකි කාරනා දෙකකි. 

ඇතැම් න්‍යායාත්මක දේශපාලනය කරුනු පිලිබද වඩා නිවැරදි අවබෝධයක් ගැනීම උදෙසා අපට උපකාරවුයේ සිනමාවයි. මේ අතර සාකච්චාවට ගැනුනු ප්‍රධානම සිනමා පටයක් වුයේ අන්ද්රේයි තාකොව්ස්කිගේ Stalker නම් සිනමා පටයයි. පැය තුනකට ආසන්න කාලයක් පුරා දිගහැරෙන ඉතා කෙට් සංවාද ඇති මෙම චිත්‍රපටය. සැබැවින්ම කියතොත් කම්මලි එකකි. 

මේ චිත්‍රපටයේ Stalker නමින් හදුන්වන පුද්ගලයා සිනමාව ආරම්භයේදී අපට පෙන්වන්නේ ඉතාම දුර්වල හා යම් කිසි මානසික බෙලහීනතාවයකින්සුවෙන්නෙක් බවයි .
ඔහු ඉතා දුර ප්‍රදේශයක පිහිටි යම් යම් හාස්කම් සිදුවන Zone නම් ස්ථානයක් පිලිබද දැඩි ලෙස විශ්වාසකරයි. මෙම හාස්කම් සිදුවන ස්තායට යා යුත්තේ ඉතා දුශ්කර කටුක යුධබිම් හා බාධක ඔස්සේය. 

Stalker වරු ලෙස හදුන්වන්නේ මෙම ශුද්ධභුමියට මිනිසුන් රැගෙන යන නඩේගුරාලාටය. මෙම කතාවේ Stalker සමග මේ හාස්කම් සිදුවෙන ශුද්ධ භුමියට යාමට විද්‍යාඥයකු සහ ලේඛකයෙකු එකතුවේ. 

නමුත් Stalker ඔවුනට දෙන අවවාදය වන්නේ "Zone එක ගැනවිශ්වාස කරන්න" යන්නයි. ඔවුන් පෙර කී අතිදුශ්කර බාධක තරණය කරමින් අවසානයේ හාස්කම් සිදුවන ස්ථානය පැමිනේ. එය හුදෙක් අත්හැර දැමු ගොඩනැගිල්ලකි. 

එමෙන්ම කිසිම අශ්චර්මත් දෙයක් ඒ තුල දකින්නට ඔවුනට ලැබෙන්නෙ නැත. Stalker දුකට පත්වන අතර අනික් දෙදෙනා අපේශාභංගත්වයට පැමිනේ. ඔවුන් ආපසු පැමිනේ. චිත්‍රපටයේ අවසන් කොටස පටන් ගන්නේ වේදනාවෙන් අසනීප වී සිය නිවසේ බිම වැටී සිටින Stalker ගේ දර්ශනයකින්ය. 

ඔහු පසුපසින් ඇත්තේ දැවැන්ත පොත්රාක්කයකි. එය නියොජනය කරන්නෙ Stalker ගේ දැනුමයි. නමුත් සිනමාපටය අවසන්වන්නේ Stalker ගේ අබාධිත දරුවා සිය ඇස් බැල්මෙන් මේසයක් මත ඇති වීදුරුවක් චලනය කිරීමෙනි. 

මිනිසුන්ගේ විශ්වාසය යනු කිසි විටකත් දැනුම මත පදනම්ව දැනුම හරහා විග්‍රහකල හැකි දෙයක් හෝ සංසන්දය කල නොහැකි දෙයකි .

දැනුමට වඩා හැමවිටම මිනිසුන්ගේ විශ්වාසය ඉදිරියෙන් සිටියි. දැනුමට කල හැකි කාර්‍ය ඉතාම සීමිත පරාසයක පිහිටි දෙයකි. ජනතා විමුක්ති පෙරමුණ සිය ජිවිත කාලය පුරාවට සිය දේශපාලන උපාය මාරග්ය ලෙස තෝරාගත්තේ විශ්වාසය නොව දැනුමයි. 

මෙය ඔවුන් පමණක් නොව බොහෝ වාමාංශික පක්ශ විසින් සිදුකල වරදකි. ගනන් මිනුම් /උපක්‍රම/ සංඛ්‍යාලේඛන සහ වෙනත් භාශාව සහ දැනුම මත පදනම් වු දේශපාලන ප්‍රයෝග පමණක් භාවිත කල නිසා වාමාංශිකයන්ට සැමවිටම පරාජය උරුමවිය . 

ඔවුන් දිගින් දිගටම කලේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම වෙනුවට දැනුම පදනම්කරගෙන විශ්වාසයන්ට පහරදීමයි. ඔවුන් තවමත් කියන්නේ පොතපත කියවීමෙන් දැනුම ලබාගැනීමෙන් සහ දැනුවත් වීමෙන් දේශපාලන ප්‍රශ්න සියල්ල විසදෙන බවයි. 

හැමෝම ඔවුන්ගේ රස කතා ඇසීමට කැමති නමුත් ආපසු කිසිවෙකුත් ඔවුන්ව විශ්වාස කරන්නේ නැත.

පසුගිය මැතිවරණ වලින් එය ඔප්පුවේ. මෙයට ප්‍රතිපක්ශව කිසිම ආකාරයට රට ගොඩනැගීම පිලිබද දැක්මක් නැති සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ව්‍යාපාරය ක්‍රියාත්මක වන්නේ විශ්වාසය පදනම්කරනගෙනයි.

 (සැබැවින්ම මහින්ද රාජපක්ශගේ දේශපාලන ව්‍යාපාරයේ පදනම වන්නේද විශ්වාසයයි) . සජිත් නිතරම මාධ්‍ය සහ ජනතාව ඉදිරියේ පවසන්නේ ආදරය, විශ්වාසය, සුරක්ශිත බව වැනි පාරභෞතිකයන් පිලිබදවයි . වඩා හොදින් විශ්වාසය දිනා ගන්නා පක්ශය ජයග්‍රහනය කරනු ඇත








2 comments:

  1. එක්තරා දුරකට ඒක ඇත්ත
    මෙම මම ෆිල්ම් එක ගැන ලියපු එකක්
    https://kolambagamaya.blogspot.com/2019/11/blog-post_23.html

    ReplyDelete
    Replies
    1. මම කියැව්වා
      හොද පැහැදිලිකිරීමක් තිබුනා Stalker සිනමාවට අදාල වටපිටාව ගැන.
      මේ සිනමාපටය පිලිබද අපි කල සාකච්චාවක රෙකෝඩින් එකක් මා ගාව තිබුනා .
      අවාසනාවට ඔබට දෙන්නට මට ඒක තාම හොයාගන්න බැරි උනා.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි