2000 දශකයෙන් පසු ලංකාවේ බිහිවුන පොප් සංගීත කන්ඩායම් අතර තරු යුවලක් (Pop-Duo) සේ වැජඹුනේ භාතිය සහ සංතුශ්ය.
ඔවුන් ගීත ගායනා කල වැඩ සටහන් වලට අනුග්‍රහය ලැබුනේ Coca-cola වැනි සමාගම්වල දේශීය නියෝජිතයන්ගෙන්ය.
එපමනක් නොව මේ සංගීත වැඩසටහන් වලට නිතරම පැමිණයේ අගනුවර ඉහල මධ්‍යම පංතියේ රසිකයන්ය. ඉන් පසුව මේ කිරුල ඉරාජ් වීරරත්න විසින් අත්කර ගත් අතර ඔවුන් සැමවිමට පාහේ සහභාගි වුනේ ඉංග්‍රිසි බසින් පැවැත්වුන රුපවාහිනි සම්මුඛ සාකච්චාවලටය.
ඔවුන්ගේ ඇදුම් පැලදුම් විලාසිතා වාහන සහ අපට පෙන්වු සුපිරි ජිවන රටාව අපට නිතර නිතර පසක්කලේ සාමාන්‍ය ගැමි තරුණයන්ට කිසි දිනක ලගාවිය නොහැකි උත්කෘශ්ට (Sublime) සුපිරි සමාජයක ඔවුන් ජිවත්වන බවක්ය .
එකල ඉරාජ්ගේ ගීත වලට ආකර්ශනය වු මගේ ඇඹිලිපිටියේ මිතුරෙක් ඉරාජ්ට යවන්නට සුදානම්කර තිබු ලිපියක් මට පෙන්වු අතර එය කොතරම් හාස්‍යජනකද විද කිවහොත් මුලු ලිපියම ඔහු ලියා තිබුනේ ඔහු දන්නා ඉංග්‍රිසි- සිංහල කවලම් භාෂාවකිනි .
2005 මහින්ද රාජපක්ශ (බයි) විප්ලවය පැමිනියේය. භාතිය සහ සංතුශ්ද මහින්ද රාජපක්ශයේ දැත් ශක්තිමත් කරන්න පැමිනි අතර මේ ජාතිකවාදී රැල්ල විසින් එතෙක් අන්ත ලිබරල්වාදී නිදහස්කාමි අනාගතවාදී මේ ගායන තරු වල රෙදිගලවාගෙන ගිය අතර ඔවුන් කොතරම් ජාතිවාදී, අන්තවාදී, නාගරික ගොඩේ බයියන්ද යන්න පිලිබදව අපට හෙලිදරුව් විය.

අනුර කුමාර වගේ ග්‍රාමීය පචයෙක්ට රටේ මිනිස්සු චන්දෙ දුන්නේ
ReplyDelete