නාමල් රාජපක්ෂ සහ මෙක්සිකානු පාඩම

පසුගිය සතියේ ලෝක දේශපාලනය තුල සිදුවු ආන්දෝලනාන්මකම සිදුවීම වුයේ කුප්‍රකට ජලිස්කෝ  නිව් ජෙනරේශන් මත්ද්‍රව්‍ය කාටලයේ නායකයා වු නෙමෙසියෝ රුබන් ඔසග්වේරා නොහොත් එල් මෙන්චෝ මෙක්සිකානු රජයේ හමුදා විසින් ඝාතනය කිරීමයි .මේ ඝාතනයේ ප්‍රතිවිපාක ලෙස මෙම මත්ද්‍රවය කල්ලියේ සමාජිකයන් මෙක්සිකෝව පුරා දරුණ භිශනයක් දියත් කල අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙක්සිකෝව පුරා විශාල දේපල සහ ජිවිත හානියක් ඔවුන් විසින් සිදුකරන ලදී .

රජයේ හමුදාවක් සහ සහ මහජන නීතියක් තිබියදි මත්ද්‍රවය කාටලයක මෙවන් භිශනයක් දියත් කිරීමට බලය ලැබෙන්නේ කෙසේද? .පිලිතුර සරලය. මේ මත් කල්ලි සහ දැඩි ජීවන සටනකින් පෙලෙස බහුතරයක් මෙක්සිකානු වැසියන් අතර ඇත්තේ ගහට පොත්ත මෙන් සමබන්ධයකි. මේ මත්දුව්‍ය සංස්කෘතිය විසින් බහුතරයක් පහල පාන්තික මෙක්සිකානුවන්නේ කුසට ආහාර සහ ඔවුන්ගේ පවුල් වලට මුල්‍යමය ශක්තියක් විය.

 කිනම් අයුරකින් හෝ ඔවුන් මෙම මත්ද්‍රව්‍ය වෙලදාම නඩත්තු  කිරීම උදෙසා විවිද අකාරයෙන් සහයෝගය සපයමින් සිය ජීවිතය පවත්වාගෙන යන ලදි. සරලවම කිවහොත්  මෙක්සිකෝව, එල් සැල්වදෝර්, සහ පේරු යන මේ දුප්පත් ලතින් ඇමරිකානු රටවල් වල ආර්ථිකය නඩත්තුවන්නේ මේ මත්දුව්‍ය හරහා උත්පාදනය වන කලු සල්ලි මතය.  ලෝකයේ බොහෝ රටවල් නඩත්තුවන ප්‍රධාන සාදකයක් වන්නේ මේ අපරාධ ආර්ථික කටයුතුය .

වරක් ආර්ථික අර්බුධයට බොහෝ කලකට පෙර නාමල් රාජපක්ශ ප්‍රසිද්ධ පුවත් පතකට කියා තිබුනේ ලංකාවේ දුශනය සහ වංචාව නවතා දැමුහොත් ලංකාවේ ආර්ථිකය නියත වශයෙන්ම කඩා වැටෙන බවයි .ජනතා විමුක්ති පෙරමුන ඇතුලු මලෙන් උපන් දේශපාලන පක්ශ විසින් මෙයට ප්‍රතිචාර දක්වා තිබුනේ දැඩි සාදාචාරවාදී ස්තාවරයක සිටයි .

නමුත් නාමල්ගේ කතාවේ අභ්‍යන්තරික හරය වටහා ගැනිමට තරම්වත් මොල බාගයක් ඔවුනට තිබුනේ නැත. අපි හැමෝම දන්නා කාරනය වන්නේ මෙක්සිකෝ සමාජයට මත්ද්‍රවය මෙන් ලංකාවට දුශනය සහ වංචාව සමාන්‍ය ජනජීවිතය සමග කොතරම් බැදී තිබෙිද යන්න පිලිබද ඔවුනට තෝරුම් ගැනීමට කිසිදු ව්‍යුහාත්මක දැනුමක් තිබුනේ නැත .දුශනය සහ වංචාව හරහා උපයන මුදල් අපේ ආර්ථිකයේ ඉතා සැලකිය යුතු කොටසට රදා පවතී .

පොලිස් ට්‍රැෆික් රාලහාමිගේ සිට ජාත්‍යන්තර වෙලදාම සහ රේගු කටයුතු පවා ඇතැම් විට  සිදුවන්නේ අතයට ගණුදෙනු ලෙසයි. මෙය සදාචාරාත්මකව වැරදි බව සත්‍යක් උවත් එයට ප්‍රාෙයා්ගික විසදුම සංකිර්ණ එකකි .කප්පම් / අල්ලස්/ කොමිස්/ගේම්  වැනි කුප්‍රකට ක්‍රම වලින් ජීවිතය පවත්වාගෙන යන්නන් සහ ඔවුගෙන් යැපෙන්නන් මිලියන ගනනක් ලංකාවේ සිටි. 

මේ සත්‍ය පිලිගැනීම වෙනුවට නාමල්ගේ විවේචකයින් කලේ මේ ප්‍රකාශය අල්ලාගෙන ඔහුට පහරදීමය .ලංකාවේ වික්ටෝරියානු වාමංශිකය මෙය පුද්ගල බද්ධ විවේචනයක් දක්වා මෙම ප්‍රශ්නය කුඩා කලද දුශනය සහ වංචාව යනු ලංකාවේ සමාජ ජිවිතයේම කොටසක් බව පිලිගැනීමට ඔවුන් අකමැතිවිම අභාග්‍යකි.






No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි