X යනු කුමක්ද ?

අපි ව්‍යුහවාදය ඉගෙන ගන්නා මුල් කාලයේ අපට ඒ ගැන තිබුනේ හුදෙක් දැනුමක් විතරයි. අපි ඉගෙන ගත්ත ව්‍යුහවාදය ඇසුරෙන් අපිට කිසිම සාමාජ සංසිද්ධියක් දිහා බලන්න බැරි උනා . 

සමහරු මේ දැනුම ඒ විදිහට දැනුක් විදිහට තව කෙනෙකුට  පවරලා ලොකු චරිත බවට පත්වුනා. නමුත් අපි උත්සහ කලේ ව්‍යුහවාදය ඇසුරින් අපේ ජීවිතය දකින්න .ඒක නිසා අපි ඒක ප්‍රැක්ටිස් කලා .

X - කන්ඩායම නැතිනම් සමබිම පක්ශය පසු ගිය දෙසැම්බර් මාසයේ දී ව්‍යුහවාදය පිලිබද ඔවුන්ගේ කෘතිය එලි දැක්වුවා. දීප්ති කුමාර ගුණරත්න ඇතුලු තවත් රචකයන් කිහිපදෙනෙකුගේ ලිපි මේ පොතට ඇතුලත් .මේ පොත මගේ අතටත් ආව .(ව්‍යුහවාදයට ප්‍රවේශක් නැතහොත් පශ්චාත් පදනම්වාදී දේශපාලනයට සංඥාර්තවේදී ප්‍රවේශයක්)

මේ මුලු පොතේ තියන වැගත්ම ලිපිය විදිහට මට හැගුනේ මිහිරාන් ජයසිංහ ලියපු පශ්චාත් පදනම්වාදී දේශපාලන චින්තනයට ආරම්භයක් කියන ලිපිය. ව්‍යුහවාදය ප්‍රයෝගිකය ඇප්ලයි කරගන්න විදිහ උගන්වපු හොදම ගයිඩ් එක මම දැක්කේ මිහිරාන්ගේ ලිපියෙන්. 


4 comments:

  1. මේ දවස් වල මම එක කියවමින් සිටිනවා . හොඳ පොතක්

    ReplyDelete
  2. මාතොට, ලන්ඩන්, පෙරදිග සුළං දක්වාම කියෙව්වා. 10% විතර තමා ඔලුවට ගියේ.

    ReplyDelete
    Replies
    1. මෙ චින්තනය ප්‍රැක්ටිස් කරන්න ඕන එකක්

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි