Grok AI සමග මගේ පලමු අත්දැකීම

පසුගිය කාලය පුරාම මගේ ඇකඩමික අධ්‍යයනවල සහකරු ලෙස පොත් පත් වලට අමතරව ක්‍රියාකලේ ChatGPT කෘතීම බුද්ධියයි. මා විසින් Gemini සහ Claude Ai වැනි වැඩ සටහන් අත්හදා බැලුවද මගේ විශය ශේත්‍රයට මේ දෙකටම සාපේක්ශව වඩා හොදින් සහයෝගය ලබා දුන්නේ ChatGPT බුද්ධියයි .

නමුත් පසුගිය දිනෙක මට අහම්බයෙන් මගේ Twitter (X) ගිනුම හරහා Grok AI වැඩසටහන හමුවිය. මෙය Elon Musk ගේ කෘතිම බුද්ධි වැඩසටහන් වලින් එකක් වන අතර එය සංවර්ධනය කර ඇත්තේ XAI  කන්ඩායම විසින්ය .Grok AI වැඩසටහනේ ලෝගෝව මට සිහිකලේ සුප්‍රකට ඉන්ටර්සටෙලා චිත්‍රපටයේ Gargantua කලුකුහරයේ රුපයයි. ඒ මෙන්ම Grok AI ගැන මගේ අත්දැකීම නම් මට ඔබට කිවහැකි වන්නේ එය ChatGPT වලට වඩා කිහිප ගුණයකින්  බලවත් බවයි .( කෘතිම බුද්ධියක පලදායිතාව තීරනය වන්නේ එය භාවිත කරන්නාගේ අවශ්‍යතාවය මතයි). 

මෙහි මා දුටු විශේෂම ලක්ශන දෙක වන්නේ අනෙක් සියලු චැට් බුද්ධි වලට සාපේක්ශව දීර්ඝ පරිපුර්ණ පිලිතුරක් ලබා දීම සහ භාවිතයට පහසු සරල ඉංග්‍රීසි බසින් පිලිතුරු ලබාදීමයි .ඇකඩමික අධ්‍යාපන කටයුතු සදහා මෙය අන් සියල්ලට වඩා ප්‍රබල බව මගේ අදහසයි. මා නිතර ගවේශනය කරන දේශපාලන න්‍යාය, දර්ශනය සහ සංස්කෘතික අද්‍යයනය වැනි මාතෘකාවලදී අතිශයින්ම තෘප්තිමත් පිලිතුර මට ඒ හරහා ජනනය කර ගැනීමට හැකිවිය. 



Checkpoint වර්ගවාදය - යුධ සමයේ දමිල ශරීර වර්ග කල හැටි

මට මෑතකදි හිටපු ගමන් මතක් වුනා යුද්ධෙ ඉතාම දරැණුවට ඇවිල ගිය කාලයක වුන සිදුවීමක්. ඒතකොට අපි උසස්පෙල ලියන කාලේ. අපි අමතර පංති යන්න පටන් ගත්තෙ අනුරාධපුර .මේ කාලේ අනුරාධපුර කියන්නේ අධිඅවධානම් කලාපයක්. 

එතැන තමයි සිංහල ජනතාව බහුල කලාප වලට පිවිසෙන්න සහ (උතුර දකුන) සම්බන්ධකරපු මංසන්ධිය වෙන්නෙත්. මේ කාලේ තමයි අනුරාධපුර ගුවන්හමුදා කදවුරට එල් ටී ටී ප්‍රහාර එල්ල උනේ. ඒත් එක්කම අනුරාධපුරේදී ජානක පෙරේරා ඝාතනය වුන මරාගෙන මැරෙන ප්‍රාහාරය එල්ලවුනෙත්. අපි බස් එකේ යන්න පටන් ගත්තම චෙක් පොටින්ට් තුන හතරිකින් නවත්වලා කට්ටිය බස්සවලා චෙක් කරනවා. 

අපිත් එක්ක ඒ දවස්වල පංති ගියා යාලුවෙක් හිටිය. මිනිහගේ නම මතක නෑ. ටිකක් තද කලු පැහැ හමක් එක්ක පොකුටු කොන්ඩයක් තිබුනා .වැල් වටාරම් නැතිව කිව්වොත් මිනිහට ඒ තරම් අකර්ශණිය පෙනුමක් තිබුනෙ නැ.එතැනදී මම නෝටිස් කරපු දෙයක් තිබුනා.. අනිත් හැමෝටම චෙක් කරල එැතින්  යන්න කියල මේ කලු පාට කෙනාව තියාගෙන ප්‍රශ්ණ අහනවා ඒවයේ ඉන්න සෙබලු .

ඒ චෙක් පොටින්ට් වල සමහර දවස්වලට ඉන්න අය මාරු වෙනවා .සමහර වෙලාවට කලින් හිටපු අය හම්බවෙනවා .ඒත් හම කලුයි නම් පෙනුම ආකර්ශණිය මදිවගේ නම් කලින් කොයිතරම් දැකල තියෙනව උනත්  මේ සෙබලු මේ වැඩේ කරනවා. චෙක් පොයින්ට් එකේ රදවාගන්න (සැක සහිත) වගේ අයගෙ පෙනුම ගොඩක් ඔය කියන ලක්ෂන වලින් සමන්විතයි. 

මක්කාවේ සිට මිහින්තලය දක්වා

මම නිතර යන එන Reddit සමාජජාලයේ උඩට පහලට යනකොට දැකපු මේ පින්තුරය මට දෙයක් මතක් කලා. මේ ඉන්නේ මක්කම වන්දනාවෙ ගිය මුස්ලිම්වරයෙක්. මක්කාවෙ වන්දනාව යනව කියන එක මුස්ලිම්වරයෙක් තමන්ගේ ජීවිතයේ ලබන ජයග්‍රහනයක් .එතකොට මේ පින්තුරයේ තියෙන විශේෂත්වය මොකක්ද. මේක නිකම්ම නිකම සෙල්ෆියක් නෙවේ.. 

දෙවියන් සමග ගහපු සෙල්ෆියක්. මේ පින්තුරයට දාල තියෙන කැප්ශන් එකේ තේරුම තමයි "අන් අය දෙවියන්ට යාඥාකරමින් සිටි්න අතර තුර ඔබට දෙවියන් හමුවු අවස්තාව" කියන එක. මෙයා මේ දිවේ තියෙන් ඉන්නේ LSD (lysergic acid diethylamide) කියන මත්ද්‍රව්‍ය .ලංකාවෙ නම් මේවා Stamp නැතිනම් මුද්දර කියල තමයි ජනප්‍රිය .මේක ඉතා ප්‍රභල මනෝබ්‍රාමික නැතිනම් psychedelic ඩ්‍රග් එකක්. මේක දිවේ තියාගෙන විනාඩි 30-90 අතර කාලයකදී මේකේ Effect එක පටන් ගන්නවා. ඒ කියන්නේ විවිද්‍ර ද්‍රාශ්‍ය මායාවන් (Hallucination) වර්ණ කාල අවකාශයෙන් මිදීයාම ( Distorted sense of time and space ) වගේ ලක්ශන පහල වෙනවා .

මෙයා හරිම භයානක වැඩක් කරන්නෙ මෙතැන ඒ තමයි නීතිය බිදීම වඩාත් හොදින් විනෝද විය හැකි වන්නේ වඩාත් ප්‍රභල නීති බිදීමෙනි

මේ හා සමාන සිදුවීමක් මම අසා තියෙනවා වරක් මංගල සමරවීර මිහින්තලා ආලෝක පුජාවට සම්බන්ධවෙලා තියෙනවා .මිහින්තලා ආලෝක පුජාව කියන්නේ සුදු ඇදගත්ත සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වෙන ආගමික උත්සවයක්. නමුත් මංගල මේකට සහභාගි වෙන්නේ හොදට අරක්කු බිලා සහ හොද චිකන් පෝක් ඩෙවල් වලින් සප්පායම් වෙලා .එක මංගල එතැනට එහෙම ගියත් මේ සැදැහැවතුන් කියල මේ පුජාවට සහභාගීවුන අය නරුමවාදීන් (Cynicisms). 

ශිෂ්ඨාචාරය සහ එහි අතෘප්තිය (Sigmund Freud) - සංක්ෂිප්ත පරිවර්ථනය (පලමු කොටස)

මෙම පලමු පරිච්ඡේදයේ  ෆ්‍රොයිඩ් කිසි විටෙකත් නමින් හඳුනා නොගන්නා මිනිසෙකු පිලිබද ආවර්ජනය කරයි. මෙම මිනිසා 1915 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් ප්‍රංශ ලේඛකයෙකු වන රොමේන් රෝලන්ඩ් ලෙස පසුව හැඳින්වුනි. ෆ්‍රොයිඩ් රෝලන්ඩ්ව සමීප මිතුරෙකු ලෙස සැලකූ අතර ඔහු මනෝවිද්‍යාවේ සහ ආගමේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් පොත් සහ ලිපිවල මුල් කෙටුම්පත් බෙදා ගත්තේය .

"Civilization and its discontents "ලිපි පෙලට වසර තුනකට පෙර ලියැවුණු "Future OF An Illusion" (1927) වැනි පොත්වල, ෆ්‍රොයිඩ් ආගම යනු මිනිසුන් ආරක්ෂා කළ හැකි සර්වබලධාරී ජීවියෙකු සඳහා ඇති දැඩි ආශාවෙන් උපන් ව්‍යාජ විශ්වාසයක් බව කෙලින්ම පවසුවේය. "මායාවන්ගේ ලක්ෂණය නම් ඒවා මිනිස් ප්‍රාර්ථනා වලින් ජනනය වීමයි" යනුවෙන් ෆ්‍රොයිඩ් එම පොතේ ලිවීය. 

ආගම අසත්‍ය සහ මායාවක් බව රෝලන්ඩ් එකඟ වුවද, ඔහු ෆ්‍රොයිඩ්ට පවසන්නේ මෙය ආගමික හැඟීමකට හේතුවක් නොවන බවයි. රෝලන්ඩ් පැවසු දෙය වන්නේ   තමාට සහ තවත් මිලියන ගණනක් දෙනා කාලය හා අවකාශය යන දෙකටම වඩා විශාල දෙයක් සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් දැනෙන බවත් (රාත්‍රී අහස දෙස බලන විට ඔබට දැනෙන හැගීම) මෙම "සාගරික හැගිම" ආගමේ සැබෑ මූලාශ්‍රය බවත්ය..

ගොබෙල්ස් ගේ යුදෙව් වෛරය - Goebbel's Eyes Of Hate

මෙම  අයිතිහාසික මෙන්ම අාන්දෝලනාත්මක ජායාරූපය ලබාගෙන තිබුනේ යුදෙව් ජාතික ඡායාරුප ශිල්පියකු වන ඇල්ෆඩ් අයිසෙන්ඩියැට් විසින් 1933 වර්ශයේදි ජිනිවා නුවර පැවැත්වු සම්මේලනයකදීය. 

එහි නිරූපනය වන්නේ හිට්ලර්ගේ නාසි රෙජීමයේ න්‍යායාචාර්යවරයකු මෙන්ම සමස්ථ නාසි බලකදවුරේ තෙවැන්නා වු ජෝසෆ් ගොබෙල්ස් මෙම යුදෙවු ජාතික ඡායාරූප ශිල්පියා දෙස වෛරීසහගත දෑසින් බලාසිටින ආකාරයයි.

ඔහු සිය සිරුරේ මුලු බරම ඔහු අසුන්ගෙන සිටින පුටුවේ ඇන්දමත යොදමින් ඔහු සිය යුදෙවු වෛරය පාලනය කර ගන්නා අකාරය ඉන් දැක්වේ. මෙය නාසි බලකදවුරේ ඉහල පෙලේ නායකයින් ගේ ලබාගන්න ලද ඉතාම සීමිත විවාත ජායාරූප කිහිපයෙන් එකකි.



ග්‍රාම්ස්චිගේ බුද්ධිමතුන් - කැරලිකරුවන්, චින්තකයින් සහ සමාජය ගොඩනඟන්නන්

අන්තෝනියෝ ග්රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්රවාදය ඉදිරිපත් කලේයමෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්රදායික මාක්ස්වාදී ප්රවේශයන් වෙනතකට යොමුකල හැකි වියඒය ඒක් අකාරයක සංධිස්ථානයකි

මේ අදහස් ඉන් පසුව බිහිවු පශ්චාත්මාක්ස්වාදී ව්යාපාරයේ වර්ධනය කෙරේ ඉතා වැදගත් වියඇතැම් ග්රාම්ස්චියානු න්යායන් අද වන විට කල් ඉකුත් වුවත් ඔහුගේ මුලික අදහස් වලින් ඉතා සිත්ගන්නා සුලු අදහසක් වන්නේ බුද්ධිමතුන් පිලිබද ඔහු දරන අදහසයි.

නුතන ලාංකික සමාජ දේශපාලනික වටපිටාව වෙත අවධානය යොමු කරනවිට අපට අවබෝධ කර ගත හැකි කාරණයක් වන්නේ බුද්ධිමතුන් ලෙස පොදු මහජනතාව විසින් නිශ්චය කරන්නේ මෙවන් නිර්ණයක සහිත පිරිසකිඒනම් ඉහල ඇකඩමික අධ්යාපනික තත්වයක් තිබිය යුතුයලේඛකන කලාවේ නිරතවන හෝ ජනමාධ්ය මුලික කරගත් පසුබිමක් තුල ප්රකට වුවන් ආදී ලෙසයි

මේ අනුව රටකට සිටින්නේ ඉතා සීමිත බුද්ධිමතුන් පිරිසකි .නමුත් ග්රාම්ස්චිට අනුව සෑම කෙනෙකුම බුද්ධිමතෙකි  ග්රාමිස්චියානු අදහස පෙර කී ඒකට වඩා ඉතා පුලුල් වුන ඒකකිමෙකී ලක්ශන සහිත බුද්ධිමය කාන්ඩය ග්රාම්ස්චි විසින් හසුන්වනු ලබන්නේ සාම්ප්රදායික බුද්ධිමතුන් ලෙසයි. (Traditional Intellectuals ) .ඔවුන් සිය දැනුම උපයෝගි කරගෙන යමි බුද්ධිමය වෘත්තීන් වල නියැලෙන ආචාර්ය මහාචාර්යවරු වෛද්යවරු වෙනත් වෘත්තිකයන් ලෙස දැක්විය හැකිය .

ග්රාම්ස්චි විසින් ඉදිරිපත් කල දෙවන කාන්ඩය හැදින්වුයේ අයින්ද්රිය බුද්ධිමතුන් ලෙසයිඅයින්ද්රිය බුද්ධිමතුන් යනු විවිධ සමාජ පංතින් සමග සම්බන්ධවුන ඒ්ම සමාජ පංතිවල සිතුම් පැතුමි සංවිධාන ව්යුහය හා කතිකාවන් කෙරෙහි බලපෑමි කල හැකි කන්ඩායමයි .

කවි රස සිතට ගෙනා නබකෝව්ගේ ලොලීටා (Lolita) කතාව

මම කවි කියවන්න පෙලඹුනේ මෑතකදීය. කවි ගැන මට කුඩා කාලයේ තිබුනේ ඉතාම පටු අදහසකි. එය බොහෝ දුරට මට ඇවිත් තිබුනේ අපට සිංහල ඉගැන්වු ගුරුවරුන් හරහාය. එය කොතරම් නරක අතට බලපෑවේද කිවහොත් අර එලිසමය, තාලය වගේ ඒවා නැති ඒවා කවි නොවේ වෙනත් මොනවාද වගේ කියා සිතෙන තරමට මගේ රසවින්දනය පටුවිය. 

මට කවි පිලිබද මේ පටු සීමාව බිදගෙන එන්න පලමුවෙන් උපකාර කලේ කවියක් නොවේ සිනමා පටයක දෙබසකි .එය හුදෙක් සිනමා දෙබසක් නොව ලෝක පුජිත ග්‍රන්ථයක එක් පිටුවක ඇති කුඩා චේදයකි  එය මෙසේය. 

“I looked and looked at her, and I knew, as clearly as I know that I will die, that I loved her more than anything I had ever seen or imagined on earth. She was only the dead-leaf echo of the nymphet from long ago - but I loved her, this Lolita, pale and polluted and big with another man's child. She could fade and wither - I didn't care. I would still go mad with tenderness at the mere sight of her face.”

― Vladimir Nabokov, Lolita

නබකෝව් ලොලීටා ලියන්නේ කාව්‍යමය බස්වහරකිනි. එත් එය කවියක් නොව නවකතාවකි.  එය එලෙසම සිංහලට පරිවර්ථනය කරන්න ගොස් කේ කේ සමන්කුමාර පොත අලගෝණියක් කලේය. මෙි සියල්ල මහද්වීපවලින් දුපත්වලට චින්තනය සහ කලාව ගලා ඒමේදී සිදුවන දෝශසහගත තත්වයන්ය. මාව වෙනත් රටවල කවියන්ගේ නිර්මාණ කියැවීමට පෙලඹුනේ මින් පසුය .

ඉන් පසු පැබ්ලෝ නෙරුඩා. චාල්ස් බුකෝව්ස්කි. එඩ්ගා ඇලන් පෝ වැනි කවියන්ගේ නිර්මාණ සොයා කියැවුවෙමි.කවි කියවා අවසානයේ කවි ලියන්නට පටන් ගත්තේය .කවි යනු හැමදාම කියන එකම අච්චුවට දාන වචන පේලි නොව ඒවා ආත්මීය ප්‍රකාශන බව මට වැටහුනේ ඉන් පසුය. 

සොසේජස් කතාවක්

සෙසේජස් ගැන කතාවක් මට ලියන්න හිතුණි .පසු ගිය දිනෙක මම දුටු ෆේස්බුක් සටහනකින් එක්තරා අයෙක් අසා තිබුන දැන් තියෙන සොසේජස් සහ මීටිබෝල්ස් රස නැත්තේ ඇයිද කියා?. මේ කතාව ඇත්තක් බව කලක පටන් මේවා පරිබෝජනය කරන අය දන්නා සත්‍යකි. 

දැන් තියෙන සොසේජස් ,මීට්බෝල්ස් සහ සෝයාමීට් අතර වෙනසක් නැත .මේවායෙ ඇත්තේ එකම රසකි. එහෙනම් සිදුව ඇත්තේ කුමක්ද ? මේවැනි මාංශ ආහාර නිශ්පාධනය කරන සමාගමක සේවය කල මගේ හිතවතෙකු පැවසුවේ මේ සොසේජස් නිශ්පාධන වලට දැන් අධික ලෙස සෝයා කලවම්කරන බවකි. මගේ අදහසේ හැටියට බොහෝ දුරට එවා අඩු මිලට ලබාගත හැකි ටෝෆු නැතිනම් Soya curd නම් දෙය විය හැකි බවයි... 

එහෙනම් මොකටද ඒහෙම කරන්නේ ? මාකටින් ගැන අවබෝධයක් ඇති කෙනෙකුට මෙය තේරුම ගත හැකිය. සොසේජස් සහ මිට්බොල්ස් යනු දශක දෙකකට පමණ ඉහතදී ලංකාවේ තිබු Classy නැත්නම් ජේත්තුකාර ආහාර වර්ගයකි.. ඒවගේ මිල ගනන් දශක දෙකකට පමන පෙරදීත් දැන් තියෙන ම්ලට බොහෝ දුරට සමානය. මේවා නිතර පරිබෝජනය කලේ අගනුවර කේනද්‍රිය ඉහල පංතියේ සමාජයයි.අප වැනි පහල මැදපංතියේ මිනිසුන් මේවා පරිබෝජනයකල නමුදු ඒත් ඉදහිටය .

අපි බොහෝදුරට කෑවේ විවිධ රසින් සෝයාමීට්ය.  එබැවින් නිශ්පාධන සමාගම් වලට මේ නිශ්පාධිතය්න වලින් ලබාගත් හැකි වුයේ සීමා සහිත ලාභයකි. එබැවින ඔවුනට ඔවුනගේ නිශ්පාධනය සමාජයේ වඩා පුලුල් පාරිබෝගිකයින් පිරිසකට අලෙවිකරන්නට හැකිවුය යුතුය. 

හේයි.... ! රාජාංගනේ හාමුදුරුවනේ මේ ටික මතකද ?

රාජාංගනේ හාමුදුරුවො කියන සමාජමාධ්‍ය තුල ජනප්‍රිය භික්ශුව පසුගිය දවසක සිවුර ගලවල ගෙදර යැව්වු කියල ආරංචි උනා. මේ හින්දම මට හිතුනා මම දන්න මෙයාගේ අතීතය ගැන යම් කරුනු ටිකක් කියන්න .මේ රාජාංගනේ භික්ශුව අනුරාධපුර දකුණු සීමාවේ දුශ්කර ගමක පීඩිත පවුලක දරුවෙක්.

මොහුගේ ක්‍රියාකලාපය අනුව මම අදුන ගත්ත දේ තමයි මෙයා දැඩි අනන්‍යතා අර්බුධයකින් පෙලුන කෙනෙක්. ඒ කියන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහින බලපුවාම එයාට එයාව පෙන්නේ නැ. ඒක හින්දා ඒ හිස්තැනට චරිතයක් ආදෙශකරගන්න මිනිහා නොගත්ත උත්සහයක් නෑ. ගොඩක් අය මිනිහව දන්නේ සුදත්ත තිලක්සිරි කියන කුප්‍රකට යුටියුබ් කාරයා (නලුවා) එක්ක ගජමිතුරු කමක් පවත්වගෙන ගිහින් අන්තිමට මුඩුක්කු ගෑනු දෙන්නෙක් වගේ බැනගත්ත  එත විතරයි. 

රාජාංගනේට සෝශල් මිඩියා වල යම් තැනක් හම්බවුනේ සුදත්ත තිලක් සිරි නිසා. මොකද පොර ඊට කලින් ලංකාවේ ජනප්‍රිය නලුවෙක්. සුදත්තට කලින් රාජාංගනේට වෙන කන්ටැක් එකක් තිබුන. ඒක ගොඩක් අය දන්නේ නෑ.  අනුරාධපුරේ සමාජ ශාලාවක් පවත්වගේන ගිය වසන්ත සොයිසා ඝාතනය කල ඉරෝන් රණසිංහ නොහොත් SF ලොකු එක්ක තමයි මිනිහ ඉස්සරෝම ප්ලග් උනේ.

සිග්මන් ෆ්‍රොයිඩ්ට සුබ උපන්දිනයක්

මීට යම් කාලයකට උඩදි මිනිස්සුන්ට ආගම ගැන තිබුනේ වඩා භක්තිමත් අදහසක්.නමුත් මේ අදහස ටිකෙන් ටික දියවෙන්න ගත්තා විද්‍යාව කියන සාධකයත් එක්ක. 

විද්‍යාවේ දියුණුවත් එක්ක ආගම කියන සාධකේ නොවටිනා හුදු සංස්කෘතික කාරණයක් දක්වාම බොහෝ දුරට හැකිලිලා ගියා. නමුත් ගැටලුක් ඉතුරු උනා .මිනිස්සු කොයිතරම් භෞතිකවාදී උනත් ආගම ගැන තියන අවිඥාණික විශ්වාසයෙන් ගැලවෙන්න බැරී උනා .(ඒ කියන්නෙ කොයිතරම් ජගතෙක් උනත් කරදරයක් උනාම දෙවියො සිහිවෙන එක නවත්වන්න බැරි කාරනයක් ) .

ඇයි මෙහෙම වෙන්නෙ කියන එකට වඩාම තාර්කික පිලිතුරක් මට ලැබුනේ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ (Civilization and It's Discontents ) කියන ලිපි පෙලෙන් .ෆ්‍රොයිඩ් අදුන ගත්තා මිනිසාගේ සමස්ත ජීවිතයම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ වේදනාව කියන දේ වටා බව .ඒ කියන්නේ අපි කරන කියන හැම දෙයක්ම අවසන් වෙන්නේ වේදනාව කියන දේ හරහා. 

Interpassivity Of Our Modern Internet Culture

What do you think about the plethora of digital content in front of us today? . In the last decade, with the development of the Internet, there was a great impact on our social life. 

Actually, this is not a revolution that happened only in the Internet or in the technological society.

A certain apathy has infected every facet of society. But since my explanation is about the Internet and the technological society, I intend to explain it to you. Interpassivity is one way of living our life in this modern capitalism.

This concept was first presented by the Austrian philosopher named Robert Pfaller. He called this concept Interpassivity - "Aesthetics of delegated enjoyment".

Thus, Interpassivity means that people do not participate in social activities and pass it on to other people to have fun through it. 

In other words, Interpassivity is how we can have fun without being active. It is true that technology has greatly affected the functioning of this dysfunctional society.

අපේ බොරු විදින ගොබෙල්ස් ගැන මතකයක්

මිදුම බ්ලොගයේ මම දැක්ක ගොබෙල්ස් න්‍යාය ගැන ලිපියක් ලියල තියෙනවා. මේක දැක්ක ගමන් මට මතක් උනේ අපිත් එක්ක ඔෆිස් එකේ එකට වැඩ කරපු ගොබෙල්ස් කෙනෙක් ගැන. පොරගෙ නම දමිත්. කොටින්ම කිවුවොත් මිනිහ බොරු විදිනව. 

මට තේරුන විදිහට ඒ් බොරුකීම පැතලොජිකල් ලෙවල් එකකට ඇවිත් තිබුනේ. මිනිහ මොකක් හරි බොරුවක් කිව්වොත් එකට ආයේ ප්‍රතිතර්කයක් ගේන්න බැරි ලෙවල් එකට අඹරලා තමයි  එක දෙන්නේ .

අපි දවසක් අපේ කාර්්‍යමන්ඩල නිවස්නයේ ඉන්නකොට වැසි දවසක අපිට හිතවත් අංකල් කෙනෙක් අපි සමග රාත්‍රියේ සාමිච්චියේ යෙදිල ඉදල යන්න ලැස්ති උනා. 

අංකලයත් කියවන්න පටන් ගත්තට පස්සෙ නවත්වන පොරක් නෙවේ .සමහර දවස්වල අපි බලෙන්මයි පොරව යවන්නේ.  අපි ගේට්ටුව ලගට යනකොටම දඩාර සයිස් ගෝණුස්සෙක් ගේට්ටුව ලග ඉන්නවා .ගොනුස්ස දැක්ක විතරයි යන්න ගිය මනුස්සය අය එතන ඉදන් ගෝනුස්සගො ගැන කියවන්න පටන් ගත්ත .

මේ කතාව අස්සේ අපේ දමිත් බුවා කිවුවා 

එරන්ද ගිණිගේ නම් හැන්ඩියාට ලියමි

එරන්ද ගිනිගේ නම් හැන්ඩියා විසින් මහේෂ් හපුගොඩ නම් දේශපාලන ලියන්නාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇති බව ෆේස්බුක් හරහා දුටුවෙමි. සරලව මේ නිර්දය ප්‍රහාරයට හේතුව හපුගොඩ විසින් ඩෑන් ප්‍රියසාද් නැමැති කසඩ ජාතිවාදී තක්කඩි කුඩ්ඩාගේ දේශපාලනය විවේචනය ලක්කිරීමයි. 

ඒ වෙනුවෙන් මේ ගිනිගේ නමැත්තා හපුගේ අමතන්නේ පුගුලා, කෙලතොල්ලා, බුම්මන්නා යන නම් වලිනි. ගිනිගේ සහ හපුගොඩ අතර සංවාදය පසෙකලමු. කලක් වියත් මග නම් සංවිධානය නියෝජනය කල එරන්ද ගිනිගේ ඩැන් ප්‍රියසාද් විවේචනය කරනවිට මෙතරම් ෆයර් වෙන්නේ ඇයි. 

මත් කුඩු චෝදනා ලත් මේ ප්‍රියසාද් නම් පුද්ගලයා රාජපක්ශලාගේ  අසුචි වලේ සිටි තවත් එක පණුවෙක් පමණකි .ප්‍රියසාද් යනු කිසිදු සදාචාරයකින් හා හිරිකිතයකින් තොරව දේශපාලන උවමනාවන් වෙනුවෙන් ජාතිවාදය මෙහෙයවු අමණයෙකි. (නෑ කිවුවොත් තොට හෙණ ගහනවා ගිනිගේ) .

වියත් මගේ  සිටි උගත් ගිනිගේ යනු ප්‍රියසාද් පන්නයේම ජාතිවාදී නරුමයෙක් හැර අන් කවරෙක්ද?.  නුගත් තක්කඩි කුඩ්ඩෙක් වෙනුවෙන් ගිනිගේ  කඩේ යාමේ රහස මෙයයි.  මට කීමට ඇත්තේ තොගේ හඩු මුහුන හා හපුගොඩගේ මුහුන අතර ඇත්තේ අල්ප මාත්‍රික  වෙනසක් පමණි ( උඹ හපුගේට වඩා හැන්ඩියෙක් කියල හිතන් ඉන්නවනම් පුක පොලේ ගහගනින් ගිනිගේ)

X යනු කුමක්ද ?

අපි ව්‍යුහවාදය ඉගෙන ගන්නා මුල් කාලයේ අපට ඒ ගැන තිබුනේ හුදෙක් දැනුමක් විතරයි. අපි ඉගෙන ගත්ත ව්‍යුහවාදය ඇසුරෙන් අපිට කිසිම සාමාජ සංසිද්ධියක් දිහා බලන්න බැරි උනා . 

සමහරු මේ දැනුම ඒ විදිහට දැනුක් විදිහට තව කෙනෙකුට  පවරලා ලොකු චරිත බවට පත්වුනා. නමුත් අපි උත්සහ කලේ ව්‍යුහවාදය ඇසුරින් අපේ ජීවිතය දකින්න .ඒක නිසා අපි ඒක ප්‍රැක්ටිස් කලා .

X - කන්ඩායම නැතිනම් සමබිම පක්ශය පසු ගිය දෙසැම්බර් මාසයේ දී ව්‍යුහවාදය පිලිබද ඔවුන්ගේ කෘතිය එලි දැක්වුවා. දීප්ති කුමාර ගුණරත්න ඇතුලු තවත් රචකයන් කිහිපදෙනෙකුගේ ලිපි මේ පොතට ඇතුලත් .මේ පොත මගේ අතටත් ආව .(ව්‍යුහවාදයට ප්‍රවේශක් නැතහොත් පශ්චාත් පදනම්වාදී දේශපාලනයට සංඥාර්තවේදී ප්‍රවේශයක්)

මේ මුලු පොතේ තියන වැගත්ම ලිපිය විදිහට මට හැගුනේ මිහිරාන් ජයසිංහ ලියපු පශ්චාත් පදනම්වාදී දේශපාලන චින්තනයට ආරම්භයක් කියන ලිපිය. ව්‍යුහවාදය ප්‍රයෝගිකය ඇප්ලයි කරගන්න විදිහ උගන්වපු හොදම ගයිඩ් එක මම දැක්කේ මිහිරාන්ගේ ලිපියෙන්.