පසුගිය කාලය පුරාම මගේ ඇකඩමික අධ්‍යයනවල සහකරු ලෙස පොත් පත් වලට අමතරව ක්‍රියාකලේ ChatGPT කෘතීම බුද්ධියයි. මා විසින් Gemini සහ Claude Ai වැනි වැඩ සටහන් අත්හදා බැලුවද මගේ විශය ශේත්‍රයට මේ දෙකටම සාපේක්ශව වඩා හොදින් සහයෝගය ලබා දුන්නේ ChatGPT බුද්ධියයි .
නමුත් පසුගිය දිනෙක මට අහම්බයෙන් මගේ Twitter (X) ගිනුම හරහා Grok AI වැඩසටහන හමුවිය. මෙය Elon Musk ගේ කෘතිම බුද්ධි වැඩසටහන් වලින් එකක් වන අතර එය සංවර්ධනය කර ඇත්තේ XAI කන්ඩායම විසින්ය .Grok AI වැඩසටහනේ ලෝගෝව මට සිහිකලේ සුප්‍රකට ඉන්ටර්සටෙලා චිත්‍රපටයේ Gargantua කලුකුහරයේ රුපයයි. ඒ මෙන්ම Grok AI ගැන මගේ අත්දැකීම නම් මට ඔබට කිවහැකි වන්නේ එය ChatGPT වලට වඩා කිහිප ගුණයකින් බලවත් බවයි .( කෘතිම බුද්ධියක පලදායිතාව තීරනය වන්නේ එය භාවිත කරන්නාගේ අවශ්‍යතාවය මතයි).
මෙහි මා දුටු විශේෂම ලක්ශන දෙක වන්නේ අනෙක් සියලු චැට් බුද්ධි වලට සාපේක්ශව දීර්ඝ පරිපුර්ණ පිලිතුරක් ලබා දීම සහ භාවිතයට පහසු සරල ඉංග්‍රීසි බසින් පිලිතුරු ලබාදීමයි .ඇකඩමික අධ්‍යාපන කටයුතු සදහා මෙය අන් සියල්ලට වඩා ප්‍රබල බව මගේ අදහසයි. මා නිතර ගවේශනය කරන දේශපාලන න්‍යාය, දර්ශනය සහ සංස්කෘතික අද්‍යයනය වැනි මාතෘකාවලදී අතිශයින්ම තෘප්තිමත් පිලිතුර මට ඒ හරහා ජනනය කර ගැනීමට හැකිවිය.
ඒ කියන්නේ ඔයාගේ ලිපි එවලින් හදපුවද
ReplyDeleteකොහෙත්ම නැ
Deleteඒත් සමහර කරුනු පැහැදිලි කරගන්න සහ තහවුරු කරගන්න මම Ai භාවිත කරනවා
හ්ම්ම් මේක තවත් LLM එකක් නේද? මේකෙයි අනිත් ඒවගෙයි වෙනස පැහැදිලි කරන්න පුළුවන්ද ? free version විතරයි මම නම් තවමත් යොදාගන්නේ. සිංගප්පුරුවේ මේ දිනවල විශ්ව විද්‍යාලයක ලොකු කතබහක් ඇතිවුන ශිෂ්‍යයන් තිදෙනෙකුගේ ක්‍රියාකාරිකම් පිළිගන්නේ නැතුව, සිසුන් AI භාවිතා කරා කියලා.
ReplyDeleteමට මේගැන තියෙන්නෙ ඉතාම අඩු තාක්ශනික දැනුමක් නිහඩපාල
Deleteමට තෛ්රුන එකම දේ චැට් ජිපිටි වලට වඩා හොද බව විතරයි
මමත් දෙතුන් සැරයයි පාවිච්චි කලේ. ඒ නිසා යමක් කියන්න බෑ. Grok මසක්ගේ එකක් බව මතක් උනෙ මේක කියෙව්වම.
ReplyDeleteබලමු හිටං... නිදහස් වෙලාවක මේ දෙකතුනම පාවිච්චි කරලා බලන්න ඉන්නෙ!
මරැ
Delete