මක්කාවේ සිට මිහින්තලය දක්වා

මම නිතර යන එන Reddit සමාජජාලයේ උඩට පහලට යනකොට දැකපු මේ පින්තුරය මට දෙයක් මතක් කලා. මේ ඉන්නේ මක්කම වන්දනාවෙ ගිය මුස්ලිම්වරයෙක්. මක්කාවෙ වන්දනාව යනව කියන එක මුස්ලිම්වරයෙක් තමන්ගේ ජීවිතයේ ලබන ජයග්‍රහනයක් .එතකොට මේ පින්තුරයේ තියෙන විශේෂත්වය මොකක්ද. මේක නිකම්ම නිකම සෙල්ෆියක් නෙවේ.. 

දෙවියන් සමග ගහපු සෙල්ෆියක්. මේ පින්තුරයට දාල තියෙන කැප්ශන් එකේ තේරුම තමයි "අන් අය දෙවියන්ට යාඥාකරමින් සිටි්න අතර තුර ඔබට දෙවියන් හමුවු අවස්තාව" කියන එක. මෙයා මේ දිවේ තියෙන් ඉන්නේ LSD (lysergic acid diethylamide) කියන මත්ද්‍රව්‍ය .ලංකාවෙ නම් මේවා Stamp නැතිනම් මුද්දර කියල තමයි ජනප්‍රිය .මේක ඉතා ප්‍රභල මනෝබ්‍රාමික නැතිනම් psychedelic ඩ්‍රග් එකක්. මේක දිවේ තියාගෙන විනාඩි 30-90 අතර කාලයකදී මේකේ Effect එක පටන් ගන්නවා. ඒ කියන්නේ විවිද්‍ර ද්‍රාශ්‍ය මායාවන් (Hallucination) වර්ණ කාල අවකාශයෙන් මිදීයාම ( Distorted sense of time and space ) වගේ ලක්ශන පහල වෙනවා .

මෙයා හරිම භයානක වැඩක් කරන්නෙ මෙතැන ඒ තමයි නීතිය බිදීම වඩාත් හොදින් විනෝද විය හැකි වන්නේ වඩාත් ප්‍රභල නීති බිදීමෙනි

මේ හා සමාන සිදුවීමක් මම අසා තියෙනවා වරක් මංගල සමරවීර මිහින්තලා ආලෝක පුජාවට සම්බන්ධවෙලා තියෙනවා .මිහින්තලා ආලෝක පුජාව කියන්නේ සුදු ඇදගත්ත සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වෙන ආගමික උත්සවයක්. නමුත් මංගල මේකට සහභාගි වෙන්නේ හොදට අරක්කු බිලා සහ හොද චිකන් පෝක් ඩෙවල් වලින් සප්පායම් වෙලා .එක මංගල එතැනට එහෙම ගියත් මේ සැදැහැවතුන් කියල මේ පුජාවට සහභාගීවුන අය නරුමවාදීන් (Cynicisms). 

තමනුත් හොදට කන බොන බිරිදට හොරෙන් Spa යන අය බව දැන දැනත් තමන්ට විනෝදය සපයන ආගමික දෘශ්ටීවාදය වෙනුවෙන් සැදැහැවතුන් පෙනී ඉන්නවා . මේ මක්කාව වටේ යන්නෙත් ඒ වගේ අය. (තමන් කරන්නේ බොරුවක් බව දැන දැන එය නොදැන මෙන් සිටීම) .අනිත් පසින් මංගල සහ මේ රුපයේ ඉන්න පුද්ගලයා මේ සියල්ලට වඩා ප්‍රබල විනෝදයක් අත්දකිනවා .ඒ තමයි  Transgressive Jouissance .නැතිනම් අනවසර ප්‍රීතිය .ඒ තමයි තමන් ඉදිරියේ ඇති දාශ්ටිවාදයට  අභියෝගකර ප්‍රීිතීවිම .එය හුදෙක් සංතෘශ්ටියක් (Pleasure) හෝ විප්ලවකාරී දෙයක් නොව ආගමික දෘශ්ටීවාදයට අනුගතවීමටත් වඩා එපිටට ගිය විනෝදයක්





1 comment:

  1. මම ඉන්දියාවේ වන්දන්වට අම්මව එක්කන් ගිය වෙලී රෑ බොන්න බෝතලයක් ගෙනාව , ඒ වන්දනා නඩයේම කෙනෙක් තමා අරන් එන්න ගියේ . ඇවිත් අපි හිටිය තැනට ආව ගමන් මේකා ඒක අත ඇරිය පොලොවට . ඒක බිඳුනා . අනිත් වන්දනාකරෝයෝ කියපි - අර බලන්න පවක් කරන්න ගියත් මේ ශුද්ධ බුමියේ ඉඩ දෙන්නේ නැහැලු .

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි