සුබගමන් වික්‍රමබාහු - Salute To Comrade

වික්‍රමබාහු කරුනාරත්න සහෝදරයා මිය ආරංචිය අද දැන ගන්නට ලැබුනි. මම බාහු ගැන දන්නේ පුංචි දේවල් කිහිපයක් පමනි. බාහු සහෝදරයා සුවිසල් මිනිසෙකු බව දැන ගන්නට පෞද්ගලිකව මට විශාල කාලයක් ගතවිය.

ඔහු ලංකාවේ ජාතිකවාදයෙන් ඔද්දල්වුන කුහක වාමාංශිකයකු නොවන බව දැන ගැනීමට මට විශාල කාලයක් ගතවිය. ඔහු සැබැ නුතනවාදී වාමාංශිකයකු විය. 2005 සිංහල බෞද්ධ යුද්ධය ආරම්භවු  සමයේ බොහෝ දෙනා ඔහුව හැදින්වුයේ කොටි බාහු යන නමින්ය. 

එවකට ජනතා විමුක්ති පෙරමුන නම් අන්තවාදි සිංහල බෞද්ධ වාමාංශික පක්ශය විසින් උතුරේ ද්‍රවිඩ සංහාරයට පිඹුරුපත් සකස්කල යුගයයි. ඒපමනක් නොව මහින්ද රාජපක්ශ සිංහල ජාතියේ ගැලවුම්කරුවා බවය අභිශේක ලබන්නට සිටි මොහොතයි. 

ඔබත් බුද්ධිමතෙකි - බොරුනම් ග්‍රාම්ශිගෙන් අහන්න

අන්තෝනියෝ ග්‍රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්‍යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්‍රවාදය ඉදිරිපත් කලේය. මෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්‍රදායික මාක්ස්වාදී ප්‍රවේශයන් වෙනතකට යොමුකල හැකි විය. 

ඒය ඒක් අකාරයක සංධිස්ථානයකි

මේ අදහස් ඉන් පසුව බිහිවු පශ්චාත්මාක්ස්වාදී ව්‍යාපාරයේ වර්ධනය කෙරේ ඉතා වැදගත් විය. ඇතැම් ග්‍රාම්ස්චියානු න්‍යායන් අද වන විට කල් ඉකුත් වුවත් ‌ඔහුගේ මුලික අදහස් වලින් ඉතා සිත්ගන්නා සුලු අදහසක් වන්නේ බුද්ධිමතුන් පිලිබද ඔහු දරන අදහසයි.

නුතන ලාංකික සමාජ දේශපාලනික වටපිටාව වෙත අවධානය යොමු කරනවිට අපට අවබෝධ කර ගත හැකි කාරණයක් වන්නේ බුද්ධිමතුන් ලෙස පොදු මහජනතාව විසින් නිශ්චය කරන්නේ මෙවන් නිර්ණයක සහිත පිරිසකි. 

ඒනම් ඉහල ඇකඩමික අධ්‍යාපනික තත්වයක් තිබිය යුතුය. ලේඛකන කලාවේ නිරතවන හෝ ජනමාධ්‍ය මුලික කරගත් පසුබිමක් තුල ප්‍රකට වුවන් ආදී ලෙසයි. 

ජාතික චින්තනයේ ඝණදුර - ජයදේව උයන්ගොඩගේ පෙරවදන

ගුණදාස අමරසේකර මහතා මේ වන විට සිංහල සමාජයේ සිටින වඩාත්ම ආභාශකාරී බුද්ධිමතාය ඔහු ජනතා විමුක්ති පෙරමුනේ බුද්ධිමය උපදේශකයකුද වේ

තමා ගොඩනැගු ජාතික චින්තන මතවාදය රාජ්‍යයේ නිල මතවාදය බවට පත්කිරීම ඔහුගේ බුද්ධිමය ව්‍යාපෘතියේ එක් අරමුණකි ජාතික චින්තනය යනු අප සිංහල සමාජයෙන් මතුවු ප්‍රතිගාමී දේශපාලන මතවාදයකි 

එය රාජ්‍යයේ නිල චින්තනය බවට පත්වුවහොත් එය ලංකාවේ පුරවැසියන් ලබන අයිතිහාසික දේශපාලන පරාජයක් වනු ඇතයි කීම අතිශයෝක්තියක් නොවේ 

ජයදේව උයන්ගොඩ
කොලඔ විශ්වවිද්‍යාලය
2006 අගොස්තු

මේ කවුද ? මොනවද කරන්නේ ?

 මේ ජායාරුපයේ සිටින පුද්ගලයා චේතිය මනතුංග නොහොත් අන්වර් මනතුංගයි .මැත කාලින සිංහල සහ මුස්ලිම් ගැටලුව යලි නැගීආවේ 2010 වසරේදී පමණය. උපතින් බෞද්ධයකු වන අන්වර් මනතුංග ලමා කාලය ගෙවන්නේ සිය පියාගේ දැඩි තාඩන පිඩන සහ මුදල් දුශ්කරතාවයන් රැසක් සමගයි .


ඔහුම පවසන පරිදි සිය පියා බේබද්දෙකි .පසුකාලිනව කුමක් හෝ හේතුවක් මත සිය පවුලම ක්‍රිස්තියානි ආගමට බැදි තිබේ .


පසුව චේතිය ක්‍රිස්තියානිය අතහැර මුස්ලිම් වන්නේ අන්වර් මනතුංග යන සිංහල-මුස්ලිම් නාමය සමගයි .මේ ඔහු සිය අන්වර් දවාහ් යන නමින් සියමින් සිටි බ්ලොග් අඩවියක තිබු පාපොච්චාරනයකි. කෙසේ නමුත් ඔහුගේ වෘත්තිය කුමක්ද ඔහු ජිවත් වන්නේ කෙසේද යන්න පිලිබද ආරංචියක් නැත .


2009 හෝ 2010 වර්ශයේ ඔහු ආන්දෝලනාත්මක විඩියෝවක් ඉදිරිපත් කරමින් බුදු දහම පිලිබද ප්‍රශ්ණ කිහිපයක් ඉදිරිපත් කලේය. කිසිදු තර්ක බුද්ධියක් නැති සිංහල බෞද්ධයන් මෙයට දැඩි ලෙස කලබල විය. උපතින් බෞද්ධයකු වි පසුව මුස්ලිම ආගමට හැරුනු සිංහල වාසගමක් ඇති අයෙක් ඉදිරිපත් කල ප්‍රශ්ණ නිසා තත්වය බැරෑරැම් විය. 


මේ ගැන සීතල යුද්ධය මුලින් ව්‍යාප්තවුනේ ෆේස්බුක් සමාජ ජාලය හරහාය .පිටියේ අප්පු  සහ රංග දිසානායක වැනි නම් වලින් පෙනී සිටි අතැම් ජාතිකවාදීන් මෙය සිය අරගලයක් බවට පත්කර ගත්තේය. සිංහලයන්ගේ අවසානය ආරම්භව ඇති බව ව්‍යාජ ප්‍රවාත්ති නිකුත් කරමින් ජනතාව කුපිත කලේය. 


මෙම  වෙඩි නුල අවසානයේදී පුපුර ගියේ 2019 පාස්කු ඉරිදා දිනයි. බෝම්බයේ ගිනිපුපුර තුලින් අලුත් නායකත්වයක් රටට බිහිවිය. මෙම සියලු කරුනු අපට පසක් කරන ලද්දේ මේ සියල්ල මුල මැද අග හොදින් ගලපන ලද සැලසුමක කොටසක් බවයි. 


අන්වර් මනතුංග මුල්කාලයේ පෙනී සිටියේ ඉතා ප්‍රගතිශිලි සහ නුතනවාදී අදහස් ඇති මුස්ලිම්වරයකු ලෙසයි. ඔහුගේ වෙබ්අඩවියේ පලකල ලිපි වලින් අපට එය ප්‍රත්‍යක්ශවිය .