24 July 2024

ඔබත් බුද්ධිමතෙකි - බොරුනම් ග්‍රාම්ශිගෙන් අහන්න

අන්තෝනියෝ ග්‍රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්‍යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්‍රවාදය ඉදිරිපත් කලේය. මෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්‍රදායික මාක්ස්වාදී ප්‍රවේශයන් වෙනතකට යොමුකල හැකි විය. 

ඒය ඒක් අකාරයක සංධිස්ථානයකි

මේ අදහස් ඉන් පසුව බිහිවු පශ්චාත්මාක්ස්වාදී ව්‍යාපාරයේ වර්ධනය කෙරේ ඉතා වැදගත් විය. ඇතැම් ග්‍රාම්ස්චියානු න්‍යායන් අද වන විට කල් ඉකුත් වුවත් ‌ඔහුගේ මුලික අදහස් වලින් ඉතා සිත්ගන්නා සුලු අදහසක් වන්නේ බුද්ධිමතුන් පිලිබද ඔහු දරන අදහසයි.

නුතන ලාංකික සමාජ දේශපාලනික වටපිටාව වෙත අවධානය යොමු කරනවිට අපට අවබෝධ කර ගත හැකි කාරණයක් වන්නේ බුද්ධිමතුන් ලෙස පොදු මහජනතාව විසින් නිශ්චය කරන්නේ මෙවන් නිර්ණයක සහිත පිරිසකි. 

ඒනම් ඉහල ඇකඩමික අධ්‍යාපනික තත්වයක් තිබිය යුතුය. ලේඛකන කලාවේ නිරතවන හෝ ජනමාධ්‍ය මුලික කරගත් පසුබිමක් තුල ප්‍රකට වුවන් ආදී ලෙසයි. 

මේ අනුව රටකට සිටින්නේ ඉතා සීමිත බුද්ධිමතුන් පිරිසකි .නමුත් ග්‍රාම්ස්චිට අනුව සෑම කෙනෙකුම බුද්ධිමතෙකි  

ග්‍රාමිස්චියානු අදහස පෙර කී ඒකට වඩා ඉතා පුලුල් වුන ඒකකි. මෙකී ලක්ශන සහිත බුද්ධිමය කාන්ඩය ග්‍රාම්ස්චි විසින් හසුන්වනු ලබන්නේ සාම්ප්‍රදායික බුද්ධිමතුන් ලෙසයි. (Traditional Intellectuals ) .

ඔවුන් සිය දැනුම උපයෝගි කරගෙන යමි බුද්ධිමය වෘත්තීන් වල නියැලෙන ආචාර්‍ය මහාචාර්‍යවරු වෛද්‍යවරු වෙනත් වෘත්තිකයන් ලෙස දැක්විය හැකිය .

ග්‍රාම්ස්චි විසින් ඉදිරිපත් කල දෙවන කාන්ඩය හැදින්වුයේ ‌අයින්ද්‍රිය බුද්ධිමතුන් ලෙසයි. 

අයින්ද්‍රිය බුද්ධිමතුන් යනු විවිධ සමාජ පංතින් සමග සම්බන්ධවුන ඒ්ම සමාජ පංතිවල සිතුම් පැතුමි සංවිධාන ව්‍යුහය හා කතිකාවන් කෙරෙහි බලපෑමි කල හැකි කන්ඩායමයි .

ඔවුන් ඇකඩමික බුද්ධිමතුන් නොවිය හැකිය. නමුත් අලුත් අදහස්, වෙනස්වන ලෝකය පිලිබද චින්තනයන්, සමාජ සාධාරණත්වය සහා පවතින ක්‍රමය අවබෝධ කර ගැනීමට ඒ්ඒ්සමාජ පංතිවල සිටින ජනතාව කෙරෙහි බලපෑමක් කල හැක්කේ මොවුන්ට .

කල යුතු දේ කුමක්ද ? යන්න පොදුජනතාවට මග පෙන්වන්නේ මෙවුන්ය. 

අතැමි විට ඇකඩමික බුද්ධිමතුන් හරහා කල නොහැකි ඒක්තරා අකාරයක සමාජිය අවදීකිරීමක් මොවුනට කල හැකිය. 

ඇකඩමික බුද්ධිමතුන්ගේ අදහස් පොදු මහජනතාව අතරට රැගෙන යන ට්‍රෝජන්වරු මේ අයින්ද්‍රිය බුද්ධිමතුන් ලෙස සැලකිය හැකිය .

මීට දශක ‌තුනකට ආසන්න කාලයක් තුල බිහිවු ලාංකීය වාම දේශපාලනයේ ඒක්තරා හැරවුම් ලක්ශයක් වු X-කන්ඩායම සිය දේශපාලනික අදහස් තරුන පරපුර අතර ජනප්‍රිය කරවන විට ඔවුන් සහ සාම්ප්‍රදායික බුද්ධිමතුන් අතර ගැටුම් ඇතිවිය .

ඒක්තරා අවස්ථාවක මහාචාර්‍ය නලීන් සුවාරිස් වැනි සාම්ප්‍රදායික බුද්ධිමතෙකු ඔවුන්ව හදුන්වා තිබුනේ "ඉන්ටර්නෙට් බුද්ධිමත්තු" යන අවඥාසහගත වදනින්ය. නමුත් X කන්ඩායමට කල හැකිව තිබු සමාජ බලපෑමෙන් දශමයක්වත් නලීන් සුවාරිස් මහතාට කල හැකිවුනි දැයි ප්‍රශ්ණයකි ?

බුද්ධිමතුන් සම්බන්ධව ග්‍රාම්ස්චිගේ අදහස් වල අවසන් සංකලනය වන්නේ ධනවාදයට ඒරෙහි සමාජ පරිවර්ථනයකදී ඒයට පන දිය හැකි ඒය මෙහෙයවිය හැකි අයින්ද්‍රිය බුද්ධිමතුන් කොට්ඨාශයක් බිහිකර ගැනීම සහ සමාජ පරිවර්ථනයේදී සම්ප්‍රදායික බුද්ධිමතුන්ගේ ස්වකීය බුද්ධිමය ඥානය සහ බලය සමාජ පරිවර්ථන කාර්‍ය සදහා සෘජුවම දායක කර ගැනීමට වෙහෙසවිය යුතුය යන්නයි.

කෙසේ නමුත්අවාසනාවන්ත ලෙස මෙි යුගයේදී අපට ‌අයින්ද්‍රිය බුද්ධිමතුන් හදුනා ගැනීමට හෝ ඒකිනක මුන ගැසීමට ඇති අවකාශ ගිලිහි ඇත. ඒ් වෙනුවට Facebook වැනි සමාජ ජාලයක් ඉදිරිපත්ව ඇති නිසා පිස්සන්ටත් මේ අයින්ද්‍රිය බුද්ධිමතුන්ටත් ඒකම තලයක ගනුදෙනු කිරීමට සිදුව ඇත.කෙසේ නමුත් අපි දැන් පලමුව ප්‍රවේශමි විය යුත්තේ බුද්ධිමතුන් ස්වරුපයෙන් ඒන මේ Facebook පිස්සන්ගෙන් ප්‍රවේශමි වීමය .





No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි