බලු කතා ... !

අද මේ කෙටි ලිපිය ලියන්නෙ බලු කතා කිහිපයක් ගැන ලියන්න. පලවෙනි බලුකතාව තමයි මම කියවපු ආකර්ශනිය වගේම බ්ලැක් කොමඩි ශානරයේ නවකතාවක් උන බල්ලෙකුගේ හදවත නව කතාව. මේක ලියන්නේ මිහයිල් බුල්ගාකොවි කියන සෝවියට් ලේඛකයා. සරලව කියනවනම් මෙතන වෙන්නේ විද්‍යඤයෙක් විසින් බල්ලෙක්ට මිනිහෙක්ගේ මොලයක් බද්ධ කරනවා. වැඩේ සාර්ථකයි. ඒත් බල්ලා පිස්සු කෙලින්න පටන් ගන්නවා .රෑට බිලා ගෙවල් වලට ගල්ගහනවා .ගෑනුන්ගේ පස්සවල් මිරිකන්න යනවා.  හෙදම වැඩේ බල්ලා විද්‍යාඥයට අප්පච්චි කියල කතාකරනවා. තමන්ගේ  පිතෘභාවය බාර ගන්න කියල ගේමක් ඉල්ලනවා. එනපොට හොද නැතිබව තේරුම්ගත්ත විද්‍යඥයා සහ ඔහුගේ සහයකයා බල්ලාව අල්ලගෙන උගේ තිබුන බලු මොලේ ආයෙත් බද්ධ කරනවා. මේක මම කියවපු හරිම ලස්සන නවකතාවක්.. 

බල්ලොන්ට ආප්ප වලින් ගහනව කියල  කතාවක් අහල තියෙනවාද ? .මේක තමයි දෙවනි බලුකතාව. ඇත්තටම මහ ටවුමක් මැද්දෙ බල්ලො සෙට් එකකට ආප්ප පාර්සලයකින් ගහල එන්න උනා මට .දවසක් ආප්ප වගයක් ගන්න ගියා පොඩි හෝටලේකට සවස හයට විතර. බිත්තර ආප්පම තුනක් දාගත්ත .ඒ පාර්සලේ ඔක්කමෙ අප්ප 15 විතර තිබුනා .ආප්ප ටික අරන් මම ගෙදර යන්න කලින් ආප්ප ටික මගේ ස්කුටි බයිසිකලේ එල්ලා විනාඩියෙන් ඒ ලග තිබුන සිල්ලර කඩේකට ගොඩ උනා දුම්වැටියක් මිලට ගන්න. එන තප්පර කිපයට බල්ලො සෙට් එකක් බයික් එක වටේ  එල්ලිලා ආප්ප පාර්සලේ උලා කනවා .ඔලුව උස්සල වට පිට බලද්දි චිත්‍රපටියක් බලනව වගේ කිහිපදෙනක් මා දිහා බලාගෙන ඉන්නව. උඹලම කාපියව් ආප්ප කියල මම ඒක පාරමැද්දෙම දමල ගහල ආවා. පාඩුවට වඩා ලැජ්ජාව ලොකු හින්ද ? .තවත් බලු කතා තිබුනත් ලියන්න ටිකක් කම්මැලීයි .

කැතරින් ට්‍රැමල් කොළඹට - සෙව්වන්දිගේ උපන්දින ජවනිකාව

සෙව්වන්දිගේ කේක් ගෙඩිය නිසා හැඩි දැඩි පිරිමි කිහිපදෙනෙක් අමාරුවේ වැටෙන්න නියමිත බව ආරංචියක් යනව. ඉතා සරලව කිවුවොත් සිදුවෙලා තියෙන්නේ, කොලඹ අපරාද විමර්ශණ කොට්ඨාශයේ නිලධාරින් විසින් ගනේමුල්ල සංජිව ඝාතනයේ ප්‍රධාන චුදිතයෙක් වන ඉශාරා සෙව්වන්දිගේ උපන්දිනයට කේක් ගෙඩියක් කැපීමට ඉඩසලසා දිමයි. තොරතුරු අනුව ස්ථානාදීපතිවරයගේ සම්පුර්ණ කැමැත්ත සහ අනුමැතිය අනුව මෙය සිදුවෙලා තියෙනවා. මේ සිදුවීම අහපු ගමන් මට මතක් උනේ Basic Instincts සිනමා පටයේ Sharon stone රග දක්වන චරිතය වන කැතරින් ට්‍රැමල්.  

ඒ කතාවට අනුව මනුශ්‍ය ඝාතනයට චෝදනා ලබන කැතරින් ට්‍රැමල් විමර්ශනයකට පෙනි ඉන්නවා. ඇය ඇදගෙන ඉන්නේ ඉතා කෙටි ඇදුමක්. විමර්ශනය අතරතුර ඇය ඉතාම සැහැල්ලු විදිහට ඇයගේ දෙපා අතරින් ලිංගික අවයවය විමර්ශන නිලදාරින්ට පෙනෙන සේ මාරුකරනවා. අන්තිමට මේ දෙපරැන්ද හින්ද මුලු විමර්ශනයම අලගෝනියක් වෙලා කැතරින් නිදහස් වෙනවා. මට හිතා ගන්න අමාරු මම දැකල තියෙන ගොඩක් පිරිමි මේ වගේ ලස්සන ආකර්ශනීය ගැහැනුන් ඉදිරියේ පොඩි ලමයි වගේ වෙන්නෙ ඇයි කියල. 

මම හිතන්නේ ‍සමහර පරිනත පිරිමි ලාබාල වයසේ ගැහැනු ලමුන් නැත්නම් LOLITA වන් ඉදිරියෙත් මේ වගේ හැසිරීමක් දක්වනවා. ප්‍රංශ වචනයක් තියෙනව Femme Patel කියල. මේ ෆෙම් පෙටල් කියන්නේ මාරක ස්ත්‍රීය වගේ අරුතක් තියෙන වචනයක්. ඒ කියන්නේ මේ ස්ත්‍රිය මාරක වෙන්නේ  පිරිමින් සතු අධිකාරිබලය එහෙම නැත්නම් පිරිමියා විසින් ගොඩනංවපු ලෝකයට .මේක ස්ත්‍රීවාදිනියන්ට අදාල නැහැ .මොකද ස්ත්‍රීවාදිනියන් කියන්නේ පිරිමින්ගේ ආශාව සපුරන්න පුලුවන් අය නෙවේ ,පිරිමින්ගේ ආශාවට විරුද්ධව කැරලිගහන අයට.මේක නිසාම ස්ත්‍රී විමුක්තිය කියාගෙන බෝඩ් ලැලී උස්සගෙන ඉන්න ගෑනු බාග වලට පිරිමි ලෝකයට කරන්න පුලුවන් බලපෑම ඉතාම අවමයිග

වෙනත් අය විඳින අපේ ජීවිතය - Robert pfaller ඇසුරින්

අද අප ඉදිරියේ ඇති අතිමහත් ඩිජිටල් අන්තර්ගතයන් (Digital Content) පිළිබඳව ඔබ මොකද හිතන්නේ? පසුගිය දශකය තුළ අන්තර්ජාලයේ දියුණුවත් සමඟ අපගේ සමාජ ජීවිතයට විශාල බලපෑමක් එල්ල විය. ඇත්ත වශයෙන්ම, මෙය අන්තර්ජාලය තුළ හෝ තාක්ෂණික සමාජය තුළ පමණක් සිදු වූ විප්ලවයක් නොවේ.පසුගිය දශක කිහිපයක් පුරා සමාජයේ  සෑම අංශයකටම යම් ආකාරයක උදාසීනත්වයක් (Apathy) ආසාදනය වී ඇති බව ඔබට දැනෙනවාද. 'අන්තර්-අක්‍රියතාවය' (Inter-passivity) යනු මෙම නූතන ධනවාදය තුළ අප ජීවත් වන එක් ආකාරයකි.

මෙම සංකල්පය ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද්දේ රොබට් පාලර් (Robert Pfaller) නම් ඔස්ට්‍රියානු දාර්ශනිකයා විසිනි. ඔහු මෙම සංකල්පය "නියෝජිත වින්දනයේ සෞන්දර්යය" (Aesthetics of delegated enjoyment) ලෙස හැඳින්වීය. ඒ අනුව, අන්තර්-අක්‍රියතාවය යනු මිනිසුන් සමාජ ක්‍රියාකාරකම්වලට සෘජුව සහභාගී නොවී, ඒ හරහා විනෝද වීම සඳහා එය වෙනත් පුද්ගලයින් වෙත පවරා දීමයි.වෙනත් වචනවලින් කිවහොත්, අන්තර්-අක්‍රියතාවය යනු අපට ක්‍රියාශීලී නොවී විනෝද විය හැකි ආකාරයයි. මෙම අක්‍රිය සමාජයේ ක්‍රියාකාරීත්වයට තාක්ෂණය බෙහෙවින් බලපා ඇති බව සත්‍යයකි.පහත දැක්වෙන සිදුවීම්වලින් කොපමණ ප්‍රමාණයක් ඔබ අන්තර්ජාලය තුළ දැක තිබෙනවාද ?

රැඩිකල් වෙස් මුහුණට යටින් ඇති පටු න්‍යායවාදය

"සිද්ධාර්ථ ගගට විසිකලේ පාත්තරයක් නෙවේ ෆෝන් එකක්" කියල ප්‍රකට අලුත් පරපුරේ වාමාංශික අදහස් දරන නලුවෙක් කියල තිබුන ටික කාලෙකට කලින්. ප්‍රශ්ණය තමයි වාමාංශික දේශපාලනයට යන අයට මේ "රැඩිකල්" රෝගය ඒන්නේ කොහෙන්ද ?. ඒ කියන්නේ සම්ප්‍රධාය සම්පුර්ණයෙන් ප්‍රතිශේප කිරීම සහ පරමාදර්ශ විහිලුවකට ගැනීම. (ලංකාවෙ රැඩිකල්භාවය කියන්නේ මේ වගේ එකකට) . මම උනත් පෞද්ගලිකව ආගමක් අදහන්නේ නෑ .ලංකාවේ වාමාංශික කතිකාව ඇතුලේ ඉන්න අයට මේ අදහස් ඒන්නේ යමි විද්‍යාත්මක හෝ දාර්ශණික පදනමකින් නෙවේ කියල මම දන්නව. 

මේ අය හිතනවා ආගමකින් වෙන්වෙලා  ජවිපෙට හරි පෙරටුගාමින්ට හරි ලන්වුනාම තමන් හැම තිස්සේම අනිත් අයට වඩා බුද්ධිමය වශයෙන් උසස් කියල. ලංකාවේ ජනප්‍රිය වාමවාදීන් වන විදර්ශනලා ,සමණලීල, කසුන්ල ,ජෙහාන්ල විතරක් නෙවේ අන්ත ලිබරල්වාදින් වන ධර්මදාසලත් වචන පාවිච්චි කරන්නෙ සමාජ විප්ලවයකට හෝ වෙනත් ප්‍රගතිශිලි යමකට  (Advocacy for Change) නෙවේ. ඒ අර බල්ලොන්ට ගල්වලින් ගහල ගන්න ආතල් ඒක ගන්න විතරයි .

මේ අය කාලේකට කලින් පට්ට ගැහුව වචනෙ තමයි "හෙජමොනිය" කියන ඒක. වැඩේ තියෙන්නේ උන්වත් හරියට දන්නෑ ඒකේ තේරුම මොකක්ද කියල.නමුත් මේ අය දන්නේ නැ ලංකාවේ ඉන්න අන්තම පටු න්‍යායචාරියෝ ටික ඉන්න‌ේ ජවිපෙ හා පෙරෙට්ට‌ො ලග කියල.  මේ අය කියන දේවලට තේරුමක් සහ නිරවද්‍යභාවයක් අවශ්‍ය නැහැ ඔවුන් වටා තියල තියන පොලිටිකල් Aura එක විසින් මේ කතා වලට අර්ථය සපයනවා .

අදෘශ්‍යමාන බල ජාලයන් හෙළි කළ චින්තකයා - Michel Foucalt (මිචෙල් ෆුකෝ)

මිචෙල් ෆුකෝ යනු විසිවන සියවසේ සිටි ප්‍රමුඛතම චින්තකයෙකු වන අතර, විසිඑක්වන සියවසේදී ද ඔහුගේ බලපෑම අතිමහත් ලෙස අපේ සමාජ ජීවිතය ගවේශණය කිරීම ගැන වු විද්‍යාවන්ට බලපා ඇත.1926 දී ප්‍රංශයේ පොයිටියර්ස් (Poitiers) හි උපත ලැබූ ඔහු හැදී වැඩුණේ ප්‍රංශ ඉතිහාසයේ ඉතා කැළඹිලි සහිත කාලයකය ඔහුගේ යොවුන් වියේදී නාසි ආක්‍රමණය සහ යුද්ධයේ අත්දැකීම්වලට මුහුණ දීමට සිදු විය. පශ්චාත් යුධ සමය යනු බුද්ධිමය වශයෙන් යුරෝපයේ විශාල පිබිදීමක් ඇති වූ කාලයකි. එහිදී ජීන් පෝල් සාත්‍රේගේ (Jean-Paul Sartre) "අස්තිත්වවාදී" (Existentialist) අදහස් ප්‍රචලිත වු අතර, ෆුකෝව බොහෝ විට සාත්‍රේ සමඟ සංසන්දනයට ලක් කෙරේ.

1960 දශකය වන විට ඔහු ප්‍රංශ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කීර්තිමත් ලෙස සිය වෘත්තීය ගොඩනාගෙන ගෙන තිබූ අතර, 1968 දී පැරිස් විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගනිමින් ඇති වූ රැඩිකල් ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයන් සඳහා ද සම්බන්ධ විය. ඔහුගේ රැඩිකල් ප්‍රතිරූපය මධ්‍යයේ වුවද, ෆුකෝ ලොව පුරා ඉහළ ඇගයීමට ලක් වූයේ ඔහු විසින් රචිත පෙරළිකාර කෘති මාලාව නිසාය. උමතුභාවය පිළිබඳ ආකල්ප වෙනස් වීම පිළිබඳ හැදෑරීමක් වූ 'Madness and Civilization' (1961) සහ බන්ධනාගාර ආයතනය පිළිබඳ හැදෑරීමක් වූ 'Discipline and Punish' (1975) ඒ අතරින් විශේෂ වේ.සමාජයට ආවේණික වූ සූක්ෂ්ම බල ජාලයන් (Networks of power) පිළිබඳව ගවේෂණය කිරීමට තිබූ කැමැත්ත ඔහුව එයට පෙලඹවිය. ෆුකෝ 1984 දී ඒඩ්ස් (AIDS) ආශ්‍රිත රෝගාබාධයකින් පැරිසියේදී මිය ගියේය.

 - Paul Oliver ගේ Key Concepts Of Michel Foucault 
    කෘතියේ ෆුකෝ ගැන හැදින්වීමේ සිංහල පරිවර්ථනය