ගොඩ කාලයකට පස්සේ මට කෙටි ලිිපියක් ලියන්න හිතුනා .පසුගිය දින කිහිපයේදී මම 90 දශකයේ රුපවාහිනියේ විකාශය උන ජන්ප්‍රිය ටෙලි නාට්‍ය දෙකක් Youtube හරහා බලලා අවසන් කලා. ඒ තමයි නිදිකුම්බා මල් සහ දිය සුලිය කියන ටෙලි නාට්‍ය දෙක. දෙකේම ප්‍රධාන චරිත දෙක රගදක්වන්නේ පාලිත සිල්වා සහ නිල්මිනී තෙන්නකෝන්.
මෙක බැලුවට පස්සේ මට හිතුන දෙයක් ලියන්න. ඒ තමයි අලුත් Gen -Z පරම්පරායේ ආදරය ගැන ඔබ මොකද හිතන්නේ? මගේ අදහස අනුව මේ යුගයේ ආදරය කියන්නේ එකිනොක හමුවෙලා තමන්ගේ ප්‍රශ්ණ විසදගන්නව වගේ දෙයකට. එක ප්‍රශ්ණයක් විසද ගත්තට පස්සේ අය තැනකට සම්බන්ධවෙලා තව ප්‍රශ්නයක් විසදගන්නවා.
අපි දන්නව මනෝවිශ්ලේශණ සායනයකදී කරන්නේ පටු අරුතකින් කිවුවොත් විශ්ලේශකයා විසින් විශ්ලේශිතයාගේ (රෝගියා) මානසික ගැටලුවේ මුලය ගලවා ඔහු යම් සුසංවාදී තැනට ගෙන එක. මේක සරලව පියවර කිහිපයක් ඔස්සේ වෙන දෙයක් ඒක මේ විදිහට පැහැදිලි කරන් පුලුවන්.
මේ කර්්‍යයේදී විශ්ලේශිතයා මනෝ විශ්ලෝශකයකු හමුවට එන්නේ ඔහුගේ ගැටලුවට පිලිතුර විශ්ලේශකයා විසින් දන්නා යැයි කියන උපකල්පනය (Subject Suppose To Know) මත. ඊට පස්සේ විශ්ලේශකයා විසින් විශ්ලේශිතයාගේ අවිඥානයට ප්‍රවේශයක් ගන්නවා. මෙහි ප්‍රතිඵලයක් විදියට රෝගියා විසින් යම් අකාරයට බැදීමක් මනෝවිශ්ලෝශකය වෙතත් ඇති කර ගන්නවා. මෙහිදී විශ්ලේශකයා විසින් රෝගියාගේ මානසික ගැටලුව ජයගැනීමට උපකාර කරනවා (Traversing The Fantasy) . ඉන් පසු විශ්ලේශකයාගේ කාර්‍ය තමයි රෝගියාට තමන් සහ ෆැන්ටසිය සමග ඇති බැදීම ඉවත් කිරීම (Separation) .ඊට පස්සේ විශ්ලෝශනය අවසන් වෙනවා (End OF The Analysis) . මේ Separation එක සිදු උනාට පස්සේ තවදුරටත් රෝගියාට විශ්ලේශනයා සමග කිසිදු සම්බන්ධයක් නෑහැ මානසික වශයෙන්.
අපි දන්නව අපට අතීත පරම්පරා වල විශේෂයෙන්ම 90 දශකයේ ආදරය කියන්නේ යමි කිසි ආකාරයක සුන්දරත්වයක් වගේම වේදනාත්මක දෙයක්. හොදට ඉන්නකොට පවා අහිමිවීම ගැන බියවෙනවා හොදට හම්බවෙන දෙන්නෙක් යමි වෙන්වීමකට පස්සේ වෙන්නේ සුව නොවන වේදනාත්මක තුවාලයක් එක්ක.
අර හැරී පොටර් නලලෙ තියන සලකුණ වගේ හැම තිස්සෙම රිදුම් දෙනවා .ඒ වගේම සුව වෙන්නෙත් නැ මම කියන්න මේවගේ X /Y පරම්පරා වල අය අදරය කරන අය වෙන්වෙන්නෙ තමන්ට එතෙක් නොතිබුන මානසික ගැටලුවක් (Symptom) හදාගෙන .
ආදරය නිසා ජිවිතය නැතිකර ගත්ත පෙම්වතුන් අනන්තවත් හිටිය යුගයක්. ආදරය නිසා ජීවිතය නැතිකරගත්ත කෙනෙක් දැන් ඉන්නවද. කෙනෙකුට හිතුනොත් මගේ ජීවිතයේ එකම අර්ථය ඔබ පමණයි කියල ඉතින් ඔබ නැතිනම් මගේ ජීවිතය තවත් නොපවතී කියල හිතෙන එක රැඩිකල් භාවයක් නෙවේද?
මම කියන්නේ මේ GEN-Z එකේ අය පෙම්වතුන් විදිහට හමුවෙන්නේ තමන්ට එතෙක් තිබුන ගැටලුවක් සුවකර ගන්න. ප්‍රශ්නෙ විසදගත්ත වෙන් උනා. එක තවදුරටත් ආදරයක් නෙවේ, හුදු එකිනොකා විසින් සිදුකරගන්නා විශ්ලේශනය ප්‍රතිකාරයක් වගේ දෙයක්. "Ex ට මඩ ගහමු" වගේ ෆේස්බුක් ග්රුප් හරහා තමන් ආදරය විදිහට ලබාගත් දෙය නැවත නැවත සමච්චලය ලක්කරන්නේ ආදරය නිසා හටගත් තුවාලයක් මේ Gen-Z පරපුරේ අයට නැති නිසා.
මම සෝවියට් රුසියාවේ ඉගෙනුම ලබද්දී තරුණ තරුණියන් හමුවෙන කඳවුරු තිබුනා.
ReplyDeleteඒවායේ අපි බැදපු අර්තාපල් පෙති, හරක් මස් ස්ටු කමින් වොඩ්කා බොමින් කාලය ගත කලා.
මට සයිබිරියානු මිතුරෙක් සිටියා ක්‍රයිචේක් නමින්.
අප අතර රාත්‍රීන් හීදී පෙම් ආලිංගන සිදු වුවා.
මට මුදල් හදල් ලබා දුන්නා ඔහු. එයට හිල්ලව්වට මාත් මගේ දේවල් දුන්නා.