බලු කතා ... !

අද මේ කෙටි ලිපිය ලියන්නෙ බලු කතා කිහිපයක් ගැන ලියන්න. පලවෙනි බලුකතාව තමයි මම කියවපු ආකර්ශනිය වගේම බ්ලැක් කොමඩි ශානරයේ නවකතාවක් උන බල්ලෙකුගේ හදවත නව කතාව. මේක ලියන්නේ මිහයිල් බුල්ගාකොවි කියන සෝවියට් ලේඛකයා. සරලව කියනවනම් මෙතන වෙන්නේ විද්‍යඤයෙක් විසින් බල්ලෙක්ට මිනිහෙක්ගේ මොලයක් බද්ධ කරනවා. වැඩේ සාර්ථකයි. ඒත් බල්ලා පිස්සු කෙලින්න පටන් ගන්නවා .රෑට බිලා ගෙවල් වලට ගල්ගහනවා .ගෑනුන්ගේ පස්සවල් මිරිකන්න යනවා.  හෙදම වැඩේ බල්ලා විද්‍යාඥයට අප්පච්චි කියල කතාකරනවා. තමන්ගේ  පිතෘභාවය බාර ගන්න කියල ගේමක් ඉල්ලනවා. එනපොට හොද නැතිබව තේරුම්ගත්ත විද්‍යඥයා සහ ඔහුගේ සහයකයා බල්ලාව අල්ලගෙන උගේ තිබුන බලු මොලේ ආයෙත් බද්ධ කරනවා. මේක මම කියවපු හරිම ලස්සන නවකතාවක්.. 

බල්ලොන්ට ආප්ප වලින් ගහනව කියල  කතාවක් අහල තියෙනවාද ? .මේක තමයි දෙවනි බලුකතාව. ඇත්තටම මහ ටවුමක් මැද්දෙ බල්ලො සෙට් එකකට ආප්ප පාර්සලයකින් ගහල එන්න උනා මට .දවසක් ආප්ප වගයක් ගන්න ගියා පොඩි හෝටලේකට සවස හයට විතර. බිත්තර ආප්පම තුනක් දාගත්ත .ඒ පාර්සලේ ඔක්කමෙ අප්ප 15 විතර තිබුනා .ආප්ප ටික අරන් මම ගෙදර යන්න කලින් ආප්ප ටික මගේ ස්කුටි බයිසිකලේ එල්ලා විනාඩියෙන් ඒ ලග තිබුන සිල්ලර කඩේකට ගොඩ උනා දුම්වැටියක් මිලට ගන්න. එන තප්පර කිපයට බල්ලො සෙට් එකක් බයික් එක වටේ  එල්ලිලා ආප්ප පාර්සලේ උලා කනවා .ඔලුව උස්සල වට පිට බලද්දි චිත්‍රපටියක් බලනව වගේ කිහිපදෙනක් මා දිහා බලාගෙන ඉන්නව. උඹලම කාපියව් ආප්ප කියල මම ඒක පාරමැද්දෙම දමල ගහල ආවා. පාඩුවට වඩා ලැජ්ජාව ලොකු හින්ද ? .තවත් බලු කතා තිබුනත් ලියන්න ටිකක් කම්මැලීයි .

බල්ලො ගැන දාර්ශනිකයො කිහිප දෙනෙක්ගේ කියල තිබුන අදහස් කිහිපයකුත් මට පහුගිය දිනෙක කියවන්න ලැබුනා .ඩෙකාට් කියන දාර්ශනිකය හිතපු දෙයක්ලු සත්තු කියන්නෙ සිතුවිලි සංවේදනාවන් රහිත පිරිසක් කියන එක. ඒක නිසාම සත්තුන්ට අජීවි වස්තු වලට සලකන විදිහටම සලකන්න පුලුවන් කියල ඔහු හිතුවලු .මේක නිසා කටකතාවක් තිබුනලු ඩෙකාටස් තමන්ගේ බිරිදගේ බල්ලව පනපිටින් ව්‍යවච්ඡේනය කලා කියල. නමුත් ඒ සියල්ල දුශමාන කතාපමනයි .ඇත්තටම ඔහු විවාහ වී පවා සිටියේ නැහැ .ඔහුගේ සුරතල් බල්ලා වන මොන්සියර් ග්‍රැට් ව ඔහු හදුන්වලා තිබුනේ මිස්ටර් ස්ක්‍රෑච් කියන සුරතල් නමින්.

නරුමවාදී (සිනික්) දාර්ශනිකයෙකු වූ ඩයෝජිනිස් (ක්‍රි.පූ. 404-323) හඳුන්වනු ලැබුවේ 'බල්ලා' යන නමින්. 'සිනිකා' (Kynikós) යන ග්‍රීක වචනයේ තේරුම 'සුනඛයාට සමාන' යන්නයි. මෙම දාර්ශනිකයා ජීවත් වූයේ 'පිතෝස්' (pithos) නම් විශාල මැටි බඳුනක. ඔහු උඩඟු මිනිසුන්ට වඩා සිව්පා සතුන් උසස් බව විශ්වාස කළා, "මට යමක් දෙන අයට මම වලිගය වනමි, ප්‍රතික්ෂේප කරන අයට බුරමි, නරුමයන්ගේ ඇඟට කඩා පනිමි" යැයි ආඩම්බරයෙන් කිවු බව සදහන් වෙනවා .

භාෂා දාර්ශනියකු වන ලුඩ්විග් වින්ගන්ස්ටයින් සත්ව ලෝලියෙක්ද කියන්න තරම් තොරතුරු නැහැ. නමුත් ඔහු සතුන්ගේ අභ්‍යන්තර ජිවිතය ගැන කල්පනා කල බව කියවෙනවා .වින්ගන්ස්ටයිගේ අදහස වෙලා තියෙන්නේ සත්තුන්ට බිය සහ ශෝකය නොදැනෙන්න හේතුව ඔවුන්ට කතාකල නොහැකිවීම බවයි. ( ඒ කියන්නේ භාෂාවක් නැතිවිම නිසා ) .කියන එක ඉතින් බල්ලො ගැන මගේ සහ දාර්ශනිකයොන්ගේ බලු කතා ඔන්න හොමයි. 

මගේ වෙනත් ලියුම් කිහිපයක් කියවන්න සබැදි 





No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි