"සිද්ධාර්ථ ගගට විසිකලේ පාත්තරයක් නෙවේ ෆෝන් එකක්" කියල ප්‍රකට අලුත් පරපුරේ වාමාංශික අදහස් දරන නලුවෙක් කියල තිබුන ටික කාලෙකට කලින්. ප්‍රශ්ණය තමයි වාමාංශික දේශපාලනයට යන අයට මේ "රැඩිකල්" රෝගය ඒන්නේ කොහෙන්ද ?. ඒ කියන්නේ සම්ප්‍රධාය සම්පුර්ණයෙන් ප්‍රතිශේප කිරීම සහ පරමාදර්ශ විහිලුවකට ගැනීම. (ලංකාවෙ රැඩිකල්භාවය කියන්නේ මේ වගේ එකකට) . මම උනත් පෞද්ගලිකව ආගමක් අදහන්නේ නෑ .ලංකාවේ වාමාංශික කතිකාව ඇතුලේ ඉන්න අයට මේ අදහස් ඒන්නේ යමි විද්‍යාත්මක හෝ දාර්ශණික පදනමකින් නෙවේ කියල මම දන්නව.
මේ අය හිතනවා ආගමකින් වෙන්වෙලා ජවිපෙට හරි පෙරටුගාමින්ට හරි ලන්වුනාම තමන් හැම තිස්සේම අනිත් අයට වඩා බුද්ධිමය වශයෙන් උසස් කියල. ලංකාවේ ජනප්‍රිය වාමවාදීන් වන විදර්ශනලා ,සමණලීල, කසුන්ල ,ජෙහාන්ල විතරක් නෙවේ අන්ත ලිබරල්වාදින් වන ධර්මදාසලත් වචන පාවිච්චි කරන්නෙ සමාජ විප්ලවයකට හෝ වෙනත් ප්‍රගතිශිලි යමකට (Advocacy for Change) නෙවේ. ඒ අර බල්ලොන්ට ගල්වලින් ගහල ගන්න ආතල් ඒක ගන්න විතරයි .
මේ අය කාලේකට කලින් පට්ට ගැහුව වචනෙ තමයි "හෙජමොනිය" කියන ඒක. වැඩේ තියෙන්නේ උන්වත් හරියට දන්නෑ ඒකේ තේරුම මොකක්ද කියල.නමුත් මේ අය දන්නේ නැ ලංකාවේ ඉන්න අන්තම පටු න්‍යායචාරියෝ ටික ඉන්නේ ජවිපෙ හා පෙරෙට්ටො ලග කියල. මේ අය කියන දේවලට තේරුමක් සහ නිරවද්‍යභාවයක් අවශ්‍ය නැහැ ඔවුන් වටා තියල තියන පොලිටිකල් Aura එක විසින් මේ කතා වලට අර්ථය සපයනවා .
ලංකාව් වම්මුංගේ මේ වචන හරඹ සහ ක්‍රියාකලාපය හරියට අපි පොඩිකාලේ බල්ලොන්ට ගල් වලින් ගහනව වගේ වැඩක්. බල්ලට ගලක් ගැහැවට පස්සෙ පොඩි ආතල් ඒකක් ඒනව තමන්ට. ඒ් ඇරෙන්න කිසිම සමාජ බලපෑමක් නෑ .

No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය මට සතුටකි