වෙනත් අය විඳින අපේ ජීවිතය - Robert pfaller ඇසුරින්

අද අප ඉදිරියේ ඇති අතිමහත් ඩිජිටල් අන්තර්ගතයන් (Digital Content) පිළිබඳව ඔබ මොකද හිතන්නේ? පසුගිය දශකය තුළ අන්තර්ජාලයේ දියුණුවත් සමඟ අපගේ සමාජ ජීවිතයට විශාල බලපෑමක් එල්ල විය. ඇත්ත වශයෙන්ම, මෙය අන්තර්ජාලය තුළ හෝ තාක්ෂණික සමාජය තුළ පමණක් සිදු වූ විප්ලවයක් නොවේ.පසුගිය දශක කිහිපයක් පුරා සමාජයේ  සෑම අංශයකටම යම් ආකාරයක උදාසීනත්වයක් (Apathy) ආසාදනය වී ඇති බව ඔබට දැනෙනවාද. 'අන්තර්-අක්‍රියතාවය' (Inter-passivity) යනු මෙම නූතන ධනවාදය තුළ අප ජීවත් වන එක් ආකාරයකි.

මෙම සංකල්පය ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද්දේ රොබට් පාලර් (Robert Pfaller) නම් ඔස්ට්‍රියානු දාර්ශනිකයා විසිනි. ඔහු මෙම සංකල්පය "නියෝජිත වින්දනයේ සෞන්දර්යය" (Aesthetics of delegated enjoyment) ලෙස හැඳින්වීය. ඒ අනුව, අන්තර්-අක්‍රියතාවය යනු මිනිසුන් සමාජ ක්‍රියාකාරකම්වලට සෘජුව සහභාගී නොවී, ඒ හරහා විනෝද වීම සඳහා එය වෙනත් පුද්ගලයින් වෙත පවරා දීමයි.වෙනත් වචනවලින් කිවහොත්, අන්තර්-අක්‍රියතාවය යනු අපට ක්‍රියාශීලී නොවී විනෝද විය හැකි ආකාරයයි. මෙම අක්‍රිය සමාජයේ ක්‍රියාකාරීත්වයට තාක්ෂණය බෙහෙවින් බලපා ඇති බව සත්‍යයකි.පහත දැක්වෙන සිදුවීම්වලින් කොපමණ ප්‍රමාණයක් ඔබ අන්තර්ජාලය තුළ දැක තිබෙනවාද ?


  • අපි දැන් වීඩියෝ ක්‍රීඩා (Video games) කරන්නේ නැත, ඒ වෙනුවට වෙනත් අය අප වෙනුවෙන් ඒවා ක්‍රීඩා කරති. අපට ඇත්තේ Gaming Channel ඒකකට ඇවිත් ඒ් දෙස බලන් ඉන්න ඒක විතරය

  • අපට දැන් සැබවින්ම ආහාර සකසා ගැනීමට හෝ ඒවා භුක්ති විඳීමට අවශ්‍ය නැත. අන් අය ඒවා සාදා භුක්ති විඳිනු බලා අපට සතුටු විය හැකිය.මෙය වඩාත් ඉක්මනින් රස විදිමට අවශ්‍ය නම් Cooking entertainment නාලිකාවකට සම්බන්ධ උනානනම් හරි .(Wild Cook Book මල්ලි  ගොඩගියේ මෙන්න මේකෙන්)

  • අපේ පවුල තුළ සතුට නිර්මාණය කර ගැනීම දැන් අපට අවශ්‍ය නොවේ. තවත් ප්‍රසිද්ධ පුද්ගලයෙකු (Celebrity) තම ජීවිතය සතුටින් ගත කරනවා බලා අපට සතුටු විය හැකිය.

  • අවම වශයෙන් දැන් අපට සංචාරය කිරීමට පවා අවශ්‍ය නැත. වෙනත් අයෙකු අප වෙනුවෙන් සංචාරය කරන විඩියෝ මිලියන ගනනක් දැන් අන්තර්ජාලයේ තියෙනවා

  • දැන් ඔබට යුක්තිය වෙනුවෙන් වීදි බැස සටන් කිරීමට අවශ්‍ය නැත. ඒ සඳහා ෆේස්බුක් 'Share' එකක් හෝ 'Hashtag' එකක් ප්‍රමාණවත් වන අතර, ඔබට වීරයෙකු විය හැකිය.

  • ඔබ අන්තර්ජාලයෙන් චිත්‍රපට කීයක් බාගත කළත්, ඔබ ඒවා කිසිදා නරඹන්නේ නැත.

තාක්ෂණය අපට 'ක්‍රියාකාරී වීමට' පහසුකම් සලසා දෙන බව පැවසුවද, ඇත්ත වශයෙන්ම සිදු වී ඇත්තේ අපව තව තවත් අක්‍රිය (Passive) ප්‍රේක්ෂකයින් බවට පත් කිරීම නොවේද?

ඔබ මොකද හිතන්නේ?

(Inter-passivity of modern culture යනුවෙන් මම ලියන ලද කුඩා සටහනක සිංහල පරිවර්ථනයකි) 

Robert Paffler


1 comment:

  1. මචං, ඔය කියන කතාවේ ලොකු ඇත්තක් තිබුණත් ඒකෙ පොඩි "පරස්පරයක්" තියෙනවා කියලා මට හිතෙනවා. Robert Pfaller ගේ අන්තර්-අක්‍රියතාවය (Inter-passivity) කියන දේ ඇත්තටම වෙන්නේ අපි නොදැනුවත්වම අපේ වින්දනය වෙනත් දෙයකට පවරන එක වුණාට, අද කාලේ Social Media වලදී මිනිස්සු ඒ දේවල් බලන්නේ නිකම්ම අක්‍රිය වෙලා නෙවෙයි, ඒ හරහා තමන්ගේම පරිකල්පනයෙන් ලොකු වින්දනයක් සහ දැනුමක් ලබාගන්නයි; උදාහරණයක් විදියට කෙනෙක් උයනවා බලන්නේ ඒකෙන් තමන්ටත් අලුත් දෙයක් ඉගෙනගන්න හෝ ඒ දකින දේ හරහා මානසික සහනයක් (Relaxation) ලබන්න මිසක් තමන්ට කන්න ඕන නැති නිසා නෙවෙයි. අනික "බාගත්තට බලන්නේ නැති චිත්‍රපට" වගේ දේවල් හැමෝටම අදාළ වෙන්නේ නැහැ, මොකද අද කාලේ තාක්ෂණය නිසා මිනිස්සු තමන්ට ඕනම වෙලාවක ඕනම තැනක ඉඳන් තොරතුරු සොයායන සක්‍රිය "ඩිජිටල් ගවේෂකයන්" බවටයි පත්වෙලා ඉන්නේ. ඒ නිසා මේක හුදෙක් අක්‍රිය වීමක්ම නෙවෙයි, වින්දනය කරන ක්‍රමය කාලයත් එක්ක අලුත් විදිහකට පරිවර්තනය වීමක්.

    ඒ වගේම අද කාලේ මාලිමා ආණ්ඩුවත් කරන්නේ අර 'Inter-passivity' කියන සංකල්පයම දේශපාලනිකව පාවිච්චි කරන එකයි

    ඒ කියන්නේ ප්‍රායෝගිකව රටේ ආර්ථිකය හෝ පද්ධතිය වෙනස් කරනවා වෙනුවට, ඒ ගැන කිසිවක් නොකර බොරුවට ව්‍යාජ සෝෂල් මීඩියා කැම්පේන් හරහා මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් නාස්ති කරමින් propaganda විදියට
    ලස්සනට එඩිට් කරපු වීඩියෝ සහ Photoshoot දාලා මලිමාවේ ඩෝබි බලකාය කඩේ යවාගෙන මිනිස්සුන්ට 'දැන් වැඩ කෙරෙනවා' කියන ව්‍යාජ තෘප්තිය බෙදා දෙන්න හදන එක. ඇත්තටම වෙලා තියෙන්නේ පරණ දේශපාලන බොරුවම අලුත් ඩිජිටල් ඇසුරුමක දාලා එවන එක මිසක්, රාජ්‍ය සේවය ඇත්තටම ඩිජිටල්කරණය කරලා ජනතාවට සහනයක් දෙන එක නෙවෙයි. නිකම් අර අපි 'Cooking channel' එකක් බලලා බඩ පිරුණා වගේ දැනෙනවා වගේ, ආණ්ඩුවේ ඩිජිටල් ප්‍රචාරණය බලලා රට හැදෙනවා කියලා හිතාගෙන ඉන්න අක්‍රිය ප්‍රේක්ෂක පිරිසක් නිර්මාණය කරන්න හදන එක මේ ඩිජිටල් බොරුවේ තියෙන භයානකම පැත්තයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි