අදෘශ්‍යමාන බල ජාලයන් හෙළි කළ චින්තකයා - Michel Foucalt (මිචෙල් ෆුකෝ)


මිචෙල් ෆුකෝ යනු විසිවන සියවසේ සිටි ප්‍රමුඛතම චින්තකයෙකු වන අතර, විසිඑක්වන සියවසේදී ද ඔහුගේ බලපෑම අතිමහත් ලෙස අපේ සමාජ ජීවිතය ගවේශණය කිරීම ගැන වු විද්‍යාවන්ට බලපා ඇත.1926 දී ප්‍රංශයේ පොයිටියර්ස් (Poitiers) හි උපත ලැබූ ඔහු හැදී වැඩුණේ ප්‍රංශ ඉතිහාසයේ ඉතා කැළඹිලි සහිත කාලයකය ඔහුගේ යොවුන් වියේදී නාසි ආක්‍රමණය සහ යුද්ධයේ අත්දැකීම්වලට මුහුණ දීමට සිදු විය. පශ්චාත් යුධ සමය යනු බුද්ධිමය වශයෙන් යුරෝපයේ විශාල පිබිදීමක් ඇති වූ කාලයකි. එහිදී ජීන් පෝල් සාත්‍රේගේ (Jean-Paul Sartre) "අස්තිත්වවාදී" (Existentialist) අදහස් ප්‍රචලිත වු අතර, ෆුකෝව බොහෝ විට සාත්‍රේ සමඟ සංසන්දනයට ලක් කෙරේ.

1960 දශකය වන විට ඔහු ප්‍රංශ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කීර්තිමත් ලෙස සිය වෘත්තීය ගොඩනාගෙන ගෙන තිබූ අතර, 1968 දී පැරිස් විශ්වවිද්‍යාල කේන්ද්‍ර කරගනිමින් ඇති වූ රැඩිකල් ශිෂ්‍ය ක්‍රියාකාරීත්වයන් සඳහා ද සම්බන්ධ විය. ඔහුගේ රැඩිකල් ප්‍රතිරූපය මධ්‍යයේ වුවද, ෆුකෝ ලොව පුරා ඉහළ ඇගයීමට ලක් වූයේ ඔහු විසින් රචිත පෙරළිකාර කෘති මාලාව නිසාය. උමතුභාවය පිළිබඳ ආකල්ප වෙනස් වීම පිළිබඳ හැදෑරීමක් වූ 'Madness and Civilization' (1961) සහ බන්ධනාගාර ආයතනය පිළිබඳ හැදෑරීමක් වූ 'Discipline and Punish' (1975) ඒ අතරින් විශේෂ වේ.සමාජයට ආවේණික වූ සූක්ෂ්ම බල ජාලයන් (Networks of power) පිළිබඳව ගවේෂණය කිරීමට තිබූ කැමැත්ත ඔහුව එයට පෙලඹවිය. ෆුකෝ 1984 දී ඒඩ්ස් (AIDS) ආශ්‍රිත රෝගාබාධයකින් පැරිසියේදී මිය ගියේය.

 - Paul Oliver ගේ Key Concepts Of Michel Foucault 
    කෘතියේ ෆුකෝ ගැන හැදින්වීමේ සිංහල පරිවර්ථනය

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි