ශිෂ්ඨාචාරය සහ එහි අතෘප්තිය (Sigmund Freud) - සංක්ෂිප්ත පරිවර්ථනය (පලමු කොටස)

මෙම පලමු පරිච්ඡේදයේ  ෆ්‍රොයිඩ් කිසි විටෙකත් නමින් හඳුනා නොගන්නා මිනිසෙකු පිලිබද ආවර්ජනය කරයි. මෙම මිනිසා 1915 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් ප්‍රංශ ලේඛකයෙකු වන රොමේන් රෝලන්ඩ් ලෙස පසුව හැඳින්වුනි. ෆ්‍රොයිඩ් රෝලන්ඩ්ව සමීප මිතුරෙකු ලෙස සැලකූ අතර ඔහු මනෝවිද්‍යාවේ සහ ආගමේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් පොත් සහ ලිපිවල මුල් කෙටුම්පත් බෙදා ගත්තේය .

"Civilization and its discontents "ලිපි පෙලට වසර තුනකට පෙර ලියැවුණු "Future OF An Illusion" (1927) වැනි පොත්වල, ෆ්‍රොයිඩ් ආගම යනු මිනිසුන් ආරක්ෂා කළ හැකි සර්වබලධාරී ජීවියෙකු සඳහා ඇති දැඩි ආශාවෙන් උපන් ව්‍යාජ විශ්වාසයක් බව කෙලින්ම පවසුවේය. "මායාවන්ගේ ලක්ෂණය නම් ඒවා මිනිස් ප්‍රාර්ථනා වලින් ජනනය වීමයි" යනුවෙන් ෆ්‍රොයිඩ් එම පොතේ ලිවීය. 

ආගම අසත්‍ය සහ මායාවක් බව රෝලන්ඩ් එකඟ වුවද, ඔහු ෆ්‍රොයිඩ්ට පවසන්නේ මෙය ආගමික හැඟීමකට හේතුවක් නොවන බවයි. රෝලන්ඩ් පැවසු දෙය වන්නේ   තමාට සහ තවත් මිලියන ගණනක් දෙනා කාලය හා අවකාශය යන දෙකටම වඩා විශාල දෙයක් සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් දැනෙන බවත් (රාත්‍රී අහස දෙස බලන විට ඔබට දැනෙන හැගීම) මෙම "සාගරික හැගිම" ආගමේ සැබෑ මූලාශ්‍රය බවත්ය..

ෆ්‍රොයිඩ් පවසුවේ තමාට මෙය කිසිදා දැනී නොමැති බවත්, එබැවින් එවැනි හැඟීමක් අන් අය තුළ පවතින බව විශ්වාස කිරීමට ඔහුට අපහසු බවත්ය. ෆ්‍රොයිඩ් එය "අමුතු දෙයක් (Bizarre)" ලෙස පවා හඳුන්වයි. නමුත් එවැනි හැඟීමක් කිසිදා අත්විඳ නැති නිසා එහි පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමට ඔහුට අයිතියක් නොමැති බව පැවසීමට තරම් ෆ්‍රොයිඩ් තාර්තිකවිය.

මෙම සාගරික හැඟීම්වල මුලය සොයා ගැනීම සඳහා ඔහු විසින් නිර්මාණය කරන ලද මනෝවිශ්ලේෂණ ක්‍රමවේදය අත්හදා බැලිය යුතු බව ෆ්‍රොයිඩ් තීරණය කලේය. මෙය ඔහුව ඊගෝව හෙවත් එක් එක් පුද්ගලයාගේ ස්වයං හැඟීම ගැන කතා කිරීමට යොමු කලේය .එමෙන්ම ID හෙවත් එක් එක් පුද්ගලයාගේ අවිඥානය ගැන කතා කරයි. ඊගෝවේ ලක්ෂණය වන්නේ එහි තනි සීමාවන් පිළිබඳ අවබෝධය මෙන්ම අනෙක් අයගෙන් පමණක් නොව බාහිර ලෝකයෙන්ද වෙනස් වීමයි. 

මෙය රෝලන්ඩ් කියන ආකාරයට තමා විශ්වයට අයත් බවට දැනෙන හැඟීමට ප්‍රතිවිරුද්ධ දෙයයි. ඊගෝව එහි විවික්ත සීමාවන් පිළිබඳ හැඟීම නැති කර ගන්නා අවස්ථා දෙකක් ගැන පමණක් ෆ්‍රොයිඩ් දුටුවේය. එකක් නම් පුද්ගලයෙකු ආදරය කරන විටය. ෆ්‍රොයිඩ් එයට "Erotic Passion" යන යෙදුම භාවිතා කරයි, නමුත් ඔහු මෙය දැඩි ලිංගික අර්ථයකින් අදහස් නොකරයි. අනෙක් අවස්ථාව නම් යමෙකු මානසික ආබාධයකින් පෙළෙන විටය.

මේ දක්වා ආගමික හැඟීමේ මූලාශ්‍රය පිළිබඳ රෝලන්ඩ්ගේ න්‍යායට ෆ්‍රොයිඩ් කිසිදු පිලිතුරක්  සොයා නොගත්තද, ඔහු දිගටම එයට උත්සාහ කලේය. උපතේ සිට වැඩිහිටිභාවය දක්වා මිනිසුන් මානසිකව වර්ධනය වන ආකාරය ගැන ඔහු සමාලෝචනය කලේය. මෙම ක්‍රියාවලියේදී මමත්වය ක්‍රමයෙන් වර්ධනය වේ. අලුත උපන් බිළිඳුන්ට තම රැකබලා ගන්නන්ගෙන් හෝ ලෝකයෙන් වෙන්ව සිටින බවක් දැනෙන්නේ නැත.

නමුත් යමි මොහොතක සිදුවන මෙම වෙන්වීමෙන් ඇතිවන ඌනතාවය නැතහොත් කංසාමය තත්වය  සාගරික හැඟීමට මඟ පෑදිය හැකිදැයි ෆ්‍රොයිඩ් කල්පනා කලේය. කෙසේ වෙතත්, මෙය පිළිගැනීමට පෙර, ෆ්‍රොයිඩ් කල්පනා කලේ වැඩිහිටියෙකු තුළ ඇති වඩාත් දියුණු ආත්ම ව්‍යුහයන් සමඟ එතරම් ප්‍රාථමික දෙයක් පැවතිය හැකි යැයි උපකල්පනය කිරීම සාධාරණද යන්නයි.ඉන් පසුව ඔහු ඉතිහාසයෙන් හා ජිවිවද්‍යාවෙන් මේ සදහා පිලිතුරක් සෙවීමට උත්සහ කලේය 

ඔහුගේ තර්කය වුයේ  ප්‍රාථමික (Primitive) මානසික තත්වයන් සෑම පුද්ගලයෙකුගේම මනසෙහි නොපවතින නමුත්, සමහර පුද්ගලයින් තුළ ඒවා පවතින බවයි. මූලික මනෝවිද්‍යාත්මක තත්වයන්හි මෙම අඛණ්ඩ පැවැත්ම බහුතර පුද්ගලයින් ගේ පැවැත්ම සකස්කිරීමේ රීතිය විය හැකි බව ෆ්‍රොයිඩ් විශ්වාස කලේය. 

කෙසේ වෙතත්, මෙම සාගරික හැඟීම මිනිසුන් ආගමක් ඇදහීමේ මූලාශ්‍රය බව ඔහු විශ්වාස කිරීම ප්‍රතික්ෂේප කලේය. අලුත උපන් බිළිඳෙකු තම දෙමාපියන් මත සම්පූර්ණයෙන්ම යැපීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත්, ආරක්ෂිත පියෙකු සඳහා ඇති ආශාව මත ආගම යන සංකල්පය පැන නගින බව ඔහු දිගටම අවධාරනය කලේය. "පියාගේ ආරක්ෂාව සඳහා ඇති අවශ්‍යතාවය තරම් ශක්තිමත් කිසිදු ළමා අවශ්‍යතාවයක් මට උපුටා දැක්විය නොහැක," යනුවෙන් ෆ්‍රොයිඩ් ලියා තැබුවේය

පරිවර්ථනය  - Discourse (10/06/2025)





කෙටි මතක් කිරීමක් 

සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් අලුත් බ්ලොග් සින්ඩිකේටරයක් එලිදක්වාඇත www.sinhalablogs.com යන සැබැදිය ඔස්සේ ඔබට එයට පිවිසිය හැකිය 

වඩා සරල සහ පිලිවෙල සහිත අතුරු මුහුණතක් යටතේ බිලොග් ලිපි වලට ප්‍රවේශවිමට මේ හරහා ඔබට අවකාශ ලැබෙනු ඇත  එය ඔබේ ඩිජිටල් වෙහෙස අඩුකරයි

මේ නව සින්ඩිකේටරය තුල දැනට බ්ලොග් අඩවි 100 ක් පමණ ඇතුලත් කර ඇති අතර ඒ සෑම එකක්ම මෑත කාලීනව යාවත්කාලීන කරන ලද ඒවා වන අතර ලිවීම අතිහිටවු බ්ලොග් කිසිවක් ඇතුලත්ව නැත 

මීට අමතරව දැනට කිසිදු සින්ඩිකේටරයකට ඇතුලත්ව නැති නමුත් නිතර ලිපි යාවත්කාලීන වන අලුත් wordpress සහ Blogspot යන වේදිකා (Platforms) වලට අයත් බ්ලොග් අඩවි ගනනාවක් මෙයට ඇතුලත් කර ඇත. 

නව සින්ඩිකේටරය Responsive මාදිලියක් ලෙස ක්‍රියාකරන බැවින්  ඔබට ඔබේ පෞද්ගලික පරිගණකය හරහා මෙන්ම ඕනෑම මොහොතක ඔබේ ජංගම දුරකථනය හරහාද පහසුවෙන් එයට ප්‍රවේශවිය හැකිය 

මෙම ලැයිස්තුවට දැන්ටමත් ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත්ව ඇතිනම් පහත දැක්වෙන කේතය ඔබේ බ්ලොග් අඩවියේ Html / java script යටතේ ඇතුලත් කර අපේ ලාංජනය ඔබේ බ්ලොග් අඩවියට ඇතුලත් කර ගැනීමට කාරුණික වෙන්න


                            

2 comments:

  1. හොඳ පරිවර්තනයක් , මම ටෙලස්කෝපයෙන් අහස දෙස බලන විට මට හිතෙන්නේ විශ්වයේ කුඩා ජීවියෙක් කියල ක්‍රෝධය , වෛරය , ගෝත්‍රික භාවය වගේ සිතිවිලි නැතිවෙලා යනවා . ඒක ආගමික හැඟීමක් දදන්නේ නැහැ . නමුත් හැඟීමක් එනවා .

    ReplyDelete
    Replies
    1. මෙතනැ රෝලන්ඩ් රොමෙයින් කියන්නේ අන්න ඔය දැනනෙන හැගීම මත පදනම්ව තමයි අපි ආගමකට බැදෙන්නේ කියල. නමුත් ෆ්‍රොඩිඩ් ඊට වඩා ගැඹුරු දුරකට මේ අදහස අරගෙන යනව.. දිගටම මේ ලිපි පෙලත් එක්ක රැදිල ඉන්න.

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි