Grok AI සමග මගේ පලමු අත්දැකීම

පසුගිය කාලය පුරාම මගේ ඇකඩමික අධ්‍යයනවල සහකරු ලෙස පොත් පත් වලට අමතරව ක්‍රියාකලේ ChatGPT කෘතීම බුද්ධියයි. මා විසින් Gemini සහ Claude Ai වැනි වැඩ සටහන් අත්හදා බැලුවද මගේ විශය ශේත්‍රයට මේ දෙකටම සාපේක්ශව වඩා හොදින් සහයෝගය ලබා දුන්නේ ChatGPT බුද්ධියයි .

නමුත් පසුගිය දිනෙක මට අහම්බයෙන් මගේ Twitter (X) ගිනුම හරහා Grok AI වැඩසටහන හමුවිය. මෙය Elon Musk ගේ කෘතිම බුද්ධි වැඩසටහන් වලින් එකක් වන අතර එය සංවර්ධනය කර ඇත්තේ XAI  කන්ඩායම විසින්ය .Grok AI වැඩසටහනේ ලෝගෝව මට සිහිකලේ සුප්‍රකට ඉන්ටර්සටෙලා චිත්‍රපටයේ Gargantua කලුකුහරයේ රුපයයි. ඒ මෙන්ම Grok AI ගැන මගේ අත්දැකීම නම් මට ඔබට කිවහැකි වන්නේ එය ChatGPT වලට වඩා කිහිප ගුණයකින්  බලවත් බවයි .( කෘතිම බුද්ධියක පලදායිතාව තීරනය වන්නේ එය භාවිත කරන්නාගේ අවශ්‍යතාවය මතයි). 

මෙහි මා දුටු විශේෂම ලක්ශන දෙක වන්නේ අනෙක් සියලු චැට් බුද්ධි වලට සාපේක්ශව දීර්ඝ පරිපුර්ණ පිලිතුරක් ලබා දීම සහ භාවිතයට පහසු සරල ඉංග්‍රීසි බසින් පිලිතුරු ලබාදීමයි .ඇකඩමික අධ්‍යාපන කටයුතු සදහා මෙය අන් සියල්ලට වඩා ප්‍රබල බව මගේ අදහසයි. මා නිතර ගවේශනය කරන දේශපාලන න්‍යාය, දර්ශනය සහ සංස්කෘතික අද්‍යයනය වැනි මාතෘකාවලදී අතිශයින්ම තෘප්තිමත් පිලිතුර මට ඒ හරහා ජනනය කර ගැනීමට හැකිවිය. 



Checkpoint වර්ගවාදය - යුධ සමයේ දමිල ශරීර වර්ග කල හැටි

මට මෑතකදි හිටපු ගමන් මතක් වුනා යුද්ධෙ ඉතාම දරැණුවට ඇවිල ගිය කාලයක වුන සිදුවීමක්. ඒතකොට අපි උසස්පෙල ලියන කාලේ. අපි අමතර පංති යන්න පටන් ගත්තෙ අනුරාධපුර .මේ කාලේ අනුරාධපුර කියන්නේ අධිඅවධානම් කලාපයක්. 

එතැන තමයි සිංහල ජනතාව බහුල කලාප වලට පිවිසෙන්න සහ (උතුර දකුන) සම්බන්ධකරපු මංසන්ධිය වෙන්නෙත්. මේ කාලේ තමයි අනුරාධපුර ගුවන්හමුදා කදවුරට එල් ටී ටී ප්‍රහාර එල්ල උනේ. ඒත් එක්කම අනුරාධපුරේදී ජානක පෙරේරා ඝාතනය වුන මරාගෙන මැරෙන ප්‍රාහාරය එල්ලවුනෙත්. අපි බස් එකේ යන්න පටන් ගත්තම චෙක් පොටින්ට් තුන හතරිකින් නවත්වලා කට්ටිය බස්සවලා චෙක් කරනවා. 

අපිත් එක්ක ඒ දවස්වල පංති ගියා යාලුවෙක් හිටිය. මිනිහගේ නම මතක නෑ. ටිකක් තද කලු පැහැ හමක් එක්ක පොකුටු කොන්ඩයක් තිබුනා .වැල් වටාරම් නැතිව කිව්වොත් මිනිහට ඒ තරම් අකර්ශණිය පෙනුමක් තිබුනෙ නැ.එතැනදී මම නෝටිස් කරපු දෙයක් තිබුනා.. අනිත් හැමෝටම චෙක් කරල එැතින්  යන්න කියල මේ කලු පාට කෙනාව තියාගෙන ප්‍රශ්ණ අහනවා ඒවයේ ඉන්න සෙබලු .

ඒ චෙක් පොටින්ට් වල සමහර දවස්වලට ඉන්න අය මාරු වෙනවා .සමහර වෙලාවට කලින් හිටපු අය හම්බවෙනවා .ඒත් හම කලුයි නම් පෙනුම ආකර්ශණිය මදිවගේ නම් කලින් කොයිතරම් දැකල තියෙනව උනත්  මේ සෙබලු මේ වැඩේ කරනවා. චෙක් පොයින්ට් එකේ රදවාගන්න (සැක සහිත) වගේ අයගෙ පෙනුම ගොඩක් ඔය කියන ලක්ෂන වලින් සමන්විතයි. 

මක්කාවේ සිට මිහින්තලය දක්වා

මම නිතර යන එන Reddit සමාජජාලයේ උඩට පහලට යනකොට දැකපු මේ පින්තුරය මට දෙයක් මතක් කලා. මේ ඉන්නේ මක්කම වන්දනාවෙ ගිය මුස්ලිම්වරයෙක්. මක්කාවෙ වන්දනාව යනව කියන එක මුස්ලිම්වරයෙක් තමන්ගේ ජීවිතයේ ලබන ජයග්‍රහනයක් .එතකොට මේ පින්තුරයේ තියෙන විශේෂත්වය මොකක්ද. මේක නිකම්ම නිකම සෙල්ෆියක් නෙවේ.. 

දෙවියන් සමග ගහපු සෙල්ෆියක්. මේ පින්තුරයට දාල තියෙන කැප්ශන් එකේ තේරුම තමයි "අන් අය දෙවියන්ට යාඥාකරමින් සිටි්න අතර තුර ඔබට දෙවියන් හමුවු අවස්තාව" කියන එක. මෙයා මේ දිවේ තියෙන් ඉන්නේ LSD (lysergic acid diethylamide) කියන මත්ද්‍රව්‍ය .ලංකාවෙ නම් මේවා Stamp නැතිනම් මුද්දර කියල තමයි ජනප්‍රිය .මේක ඉතා ප්‍රභල මනෝබ්‍රාමික නැතිනම් psychedelic ඩ්‍රග් එකක්. මේක දිවේ තියාගෙන විනාඩි 30-90 අතර කාලයකදී මේකේ Effect එක පටන් ගන්නවා. ඒ කියන්නේ විවිද්‍ර ද්‍රාශ්‍ය මායාවන් (Hallucination) වර්ණ කාල අවකාශයෙන් මිදීයාම ( Distorted sense of time and space ) වගේ ලක්ශන පහල වෙනවා .

මෙයා හරිම භයානක වැඩක් කරන්නෙ මෙතැන ඒ තමයි නීතිය බිදීම වඩාත් හොදින් විනෝද විය හැකි වන්නේ වඩාත් ප්‍රභල නීති බිදීමෙනි

මේ හා සමාන සිදුවීමක් මම අසා තියෙනවා වරක් මංගල සමරවීර මිහින්තලා ආලෝක පුජාවට සම්බන්ධවෙලා තියෙනවා .මිහින්තලා ආලෝක පුජාව කියන්නේ සුදු ඇදගත්ත සැදැහැවතුන් විශාල ප්‍රමාණයක් සහභාගි වෙන ආගමික උත්සවයක්. නමුත් මංගල මේකට සහභාගි වෙන්නේ හොදට අරක්කු බිලා සහ හොද චිකන් පෝක් ඩෙවල් වලින් සප්පායම් වෙලා .එක මංගල එතැනට එහෙම ගියත් මේ සැදැහැවතුන් කියල මේ පුජාවට සහභාගීවුන අය නරුමවාදීන් (Cynicisms). 

ශිෂ්ඨාචාරය සහ එහි අතෘප්තිය (Sigmund Freud) - සංක්ෂිප්ත පරිවර්ථනය (පලමු කොටස)

මෙම පලමු පරිච්ඡේදයේ  ෆ්‍රොයිඩ් කිසි විටෙකත් නමින් හඳුනා නොගන්නා මිනිසෙකු පිලිබද ආවර්ජනය කරයි. මෙම මිනිසා 1915 දී සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් ප්‍රංශ ලේඛකයෙකු වන රොමේන් රෝලන්ඩ් ලෙස පසුව හැඳින්වුනි. ෆ්‍රොයිඩ් රෝලන්ඩ්ව සමීප මිතුරෙකු ලෙස සැලකූ අතර ඔහු මනෝවිද්‍යාවේ සහ ආගමේ ක්‍රියාකාරිත්වය පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් පොත් සහ ලිපිවල මුල් කෙටුම්පත් බෙදා ගත්තේය .

"Civilization and its discontents "ලිපි පෙලට වසර තුනකට පෙර ලියැවුණු "Future OF An Illusion" (1927) වැනි පොත්වල, ෆ්‍රොයිඩ් ආගම යනු මිනිසුන් ආරක්ෂා කළ හැකි සර්වබලධාරී ජීවියෙකු සඳහා ඇති දැඩි ආශාවෙන් උපන් ව්‍යාජ විශ්වාසයක් බව කෙලින්ම පවසුවේය. "මායාවන්ගේ ලක්ෂණය නම් ඒවා මිනිස් ප්‍රාර්ථනා වලින් ජනනය වීමයි" යනුවෙන් ෆ්‍රොයිඩ් එම පොතේ ලිවීය. 

ආගම අසත්‍ය සහ මායාවක් බව රෝලන්ඩ් එකඟ වුවද, ඔහු ෆ්‍රොයිඩ්ට පවසන්නේ මෙය ආගමික හැඟීමකට හේතුවක් නොවන බවයි. රෝලන්ඩ් පැවසු දෙය වන්නේ   තමාට සහ තවත් මිලියන ගණනක් දෙනා කාලය හා අවකාශය යන දෙකටම වඩා විශාල දෙයක් සමඟ ගැඹුරු සම්බන්ධතාවයක් දැනෙන බවත් (රාත්‍රී අහස දෙස බලන විට ඔබට දැනෙන හැගීම) මෙම "සාගරික හැගිම" ආගමේ සැබෑ මූලාශ්‍රය බවත්ය..

ගොබෙල්ස් ගේ යුදෙව් වෛරය - Goebbel's Eyes Of Hate

මෙම  අයිතිහාසික මෙන්ම අාන්දෝලනාත්මක ජායාරූපය ලබාගෙන තිබුනේ යුදෙව් ජාතික ඡායාරුප ශිල්පියකු වන ඇල්ෆඩ් අයිසෙන්ඩියැට් විසින් 1933 වර්ශයේදි ජිනිවා නුවර පැවැත්වු සම්මේලනයකදීය. 

එහි නිරූපනය වන්නේ හිට්ලර්ගේ නාසි රෙජීමයේ න්‍යායාචාර්යවරයකු මෙන්ම සමස්ථ නාසි බලකදවුරේ තෙවැන්නා වු ජෝසෆ් ගොබෙල්ස් මෙම යුදෙවු ජාතික ඡායාරූප ශිල්පියා දෙස වෛරීසහගත දෑසින් බලාසිටින ආකාරයයි.

ඔහු සිය සිරුරේ මුලු බරම ඔහු අසුන්ගෙන සිටින පුටුවේ ඇන්දමත යොදමින් ඔහු සිය යුදෙවු වෛරය පාලනය කර ගන්නා අකාරය ඉන් දැක්වේ. මෙය නාසි බලකදවුරේ ඉහල පෙලේ නායකයින් ගේ ලබාගන්න ලද ඉතාම සීමිත විවාත ජායාරූප කිහිපයෙන් එකකි.



ග්‍රාම්ස්චිගේ බුද්ධිමතුන් - කැරලිකරුවන්, චින්තකයින් සහ සමාජය ගොඩනඟන්නන්

අන්තෝනියෝ ග්රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්රවාදය ඉදිරිපත් කලේයමෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්රදායික මාක්ස්වාදී ප්රවේශයන් වෙනතකට යොමුකල හැකි වියඒය ඒක් අකාරයක සංධිස්ථානයකි

මේ අදහස් ඉන් පසුව බිහිවු පශ්චාත්මාක්ස්වාදී ව්යාපාරයේ වර්ධනය කෙරේ ඉතා වැදගත් වියඇතැම් ග්රාම්ස්චියානු න්යායන් අද වන විට කල් ඉකුත් වුවත් ඔහුගේ මුලික අදහස් වලින් ඉතා සිත්ගන්නා සුලු අදහසක් වන්නේ බුද්ධිමතුන් පිලිබද ඔහු දරන අදහසයි.

නුතන ලාංකික සමාජ දේශපාලනික වටපිටාව වෙත අවධානය යොමු කරනවිට අපට අවබෝධ කර ගත හැකි කාරණයක් වන්නේ බුද්ධිමතුන් ලෙස පොදු මහජනතාව විසින් නිශ්චය කරන්නේ මෙවන් නිර්ණයක සහිත පිරිසකිඒනම් ඉහල ඇකඩමික අධ්යාපනික තත්වයක් තිබිය යුතුයලේඛකන කලාවේ නිරතවන හෝ ජනමාධ්ය මුලික කරගත් පසුබිමක් තුල ප්රකට වුවන් ආදී ලෙසයි

මේ අනුව රටකට සිටින්නේ ඉතා සීමිත බුද්ධිමතුන් පිරිසකි .නමුත් ග්රාම්ස්චිට අනුව සෑම කෙනෙකුම බුද්ධිමතෙකි  ග්රාමිස්චියානු අදහස පෙර කී ඒකට වඩා ඉතා පුලුල් වුන ඒකකිමෙකී ලක්ශන සහිත බුද්ධිමය කාන්ඩය ග්රාම්ස්චි විසින් හසුන්වනු ලබන්නේ සාම්ප්රදායික බුද්ධිමතුන් ලෙසයි. (Traditional Intellectuals ) .ඔවුන් සිය දැනුම උපයෝගි කරගෙන යමි බුද්ධිමය වෘත්තීන් වල නියැලෙන ආචාර්ය මහාචාර්යවරු වෛද්යවරු වෙනත් වෘත්තිකයන් ලෙස දැක්විය හැකිය .

ග්රාම්ස්චි විසින් ඉදිරිපත් කල දෙවන කාන්ඩය හැදින්වුයේ අයින්ද්රිය බුද්ධිමතුන් ලෙසයිඅයින්ද්රිය බුද්ධිමතුන් යනු විවිධ සමාජ පංතින් සමග සම්බන්ධවුන ඒ්ම සමාජ පංතිවල සිතුම් පැතුමි සංවිධාන ව්යුහය හා කතිකාවන් කෙරෙහි බලපෑමි කල හැකි කන්ඩායමයි .