වාමාංශිකයකුට මව්බිමක් තිබිය හැකිද ?



චේ ගුවේරා වාමංශිකයෙක්ද ජාතිකවාදියෙක්ද කියන ප්‍රශ්නෙ මගේන් කවුරුහරි ඇහුවෙත් මම කියන්නේ මොහු ඇවිල්ල  නොම්බර් එකේ ජාතිකවාදියෙක් කියල. 

කවුරු කොහොම කිව්වත් වාමංශික දේශපාලනය සහ ජාතිකවාදය කියන්නේ කැවුම් සහ පොල්සම්බෝල වගේ කිසිදවසක එකට තියල පාස්සන්න බැරි දෙයක් .

මොකද ජාතිකත්වය කියන්නේ රට,ජාතිය,වර්ගය,කුලය හෝ දේශසිමාව වගේ සංකල්ප මත හැම විටම තමන්ගේ කොටස කියල සීමාකරගන්න හදන දෙයක් .නමුත් වාමංශික දේශපාලනයතුල හැමවිටම පංති, දේශසිමා ,වර්ණ,කුල ගෝත්‍ර ආදි සියලු සීමාවන් පසුකර යමින් සමස්ත මානව ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින්නෙක්. 

චේ ගුවේරා සැමවිටම ඔහුගේ ප්‍රකාශ තුල "සිය රට" යන සංකල්පය ප්‍රවර්ධනය කලා. ඒ විතරක් නෙවේ එක්සත් ජාතීන්ගෙ සමුලුවක් තුල "Country Or Death '' යනුවෙන් ප්‍රකාශ කලා .වාමාංශිකයෙකුට මෙවැනි ප්‍රකාශයක් කල හැකිද ?. 

ජවිපෙ පලමු අරගලය තුල සිටන් මිනිසුන් ඔවුන්ගේ ගරිල්ලා ව්‍යාපෘතිය හැදින්වුයේ චේ ගුවේරා කල්ලිය ලෙසයි .කියු ලෙසටම ජනතා විමුක්ති පෙරමුන  න්‍යායවිරෝධි ජාතිකවාදී-වාමාංශික පක්ශයක් බවට පත්විය.  

ඔවුනට "මව්බිම නැතිනම් මරණය" යන තේමා පාඨය පැමිණියේද මේ හරහායි.  මෙය පිලිබදව වෙනම ලිපියක ලියන්නට අපේශාකරමි. මම අසන්නේ වාමාංශිකයකුට මව්බිමක් තිබිය හැක්කේ කෙසේද යන්නයි ?

8 comments:

  1. ඔබ බොහෝ කලකින් ලියලා!
    ඒ පිළිබඳව අවංකව අපගේ සතුට!

    දැන් ඔබ බලයි කවුද මේ "අපි" කියන්නේ කියලා. අපි තමයි බ්ලොග් අවකාශයේ වඩාත්ම පුළුල් පරාසයක් පුරා පැතුරුණු සින්ඩිය. sandhakadapahana.blogspot.com
    මෙරට බ්ලොග් අඩවි 1250 කට වඩා පැතුරුණු මෙම සින්ඩියේ "බ්ලොග් සඟරා" කොලමේ ඔබගේ වියණුව පෙල ගස්වා ඇත!
    කලකින් ඔබ ලිවීම ඇරඹීම නිසාම ඔබගේ වියණුවේ ප්‍රවර්ධනය වෙනුවෙන්; ඒ සඳහාම් අපගේ සින්ඩියේ වෙන් කොට ඇති "පුනරුප්පත්ති" කොලමේටද එක් කොට ඇත!

    මෙතෙක් ඔබගේ වියණුව පැවති "පුරාවස්තු / වසර 1-3 දක්වා" ලොලමෙන් ඉවත් කොට ඇත!

    අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගයේ ප්‍රචාරයක් ලබාදෙන්නේ නම් එය අපට කරණ මහත්වූ උදව්වක්සේ අප සලකන්නෙමු!

    ReplyDelete
  2. ඕනෑම අයෙකුට තමා ඉගෙනගත් පාසැලෙන් පටන්ගෙන තමාගේ ගම, නගරය, රට ගැන බැඳීමක් ඇතිවෙනවා. ඒක වැරදියි කියන්නත් බෑ. හැබැයි ඒක අන්තයට ගෙනිහින් විනාශකාරී වෙන අය තමා වැඩි. ඔබ කියන ආකාරයට රට ජාතියෙන් ඔබ්බට ගොස් සමස්ත මානව ප්‍රජාවම එක ජාතියක් හැටියට සිතන්නට පුළුවන් නම් හොඳයි. ඒක ඉතින් නිවන් අවබෝධ කරගන්නවා වාගේ වැඩක් කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒක නිවන් දකිනව වගේ අමාරු වැඩක් නෙවේ

      Delete
  3. කොච්චර දැඩි මතදාරියෙක් (idealist) වුණත් පවතින යථාර්තය ඇතුලෙ වැඩ කරන්න වෙනවා. වෙන විකල්ප නෑ. වාමංශික විදියට වැඩ කරන එකත් එහෙමම තමයි

    ReplyDelete
    Replies
    1. ජවිපෙත් එහෙම හිතල විශාල විනාශයක් කලා

      Delete
    2. විනාශය කියන එක පසු ආවර්තික අදහසක්. කරන්න කලින් කවුරුත් දන්නෙ නෑ.

      හැබැයි ජවිපෙ කරන්න හදපු විප්ලවය ඒ විදියට කරන්න බැරි බව ලෝකෙ ඔප්පු වෙලා තියෙන්නෙ රුසියානු ෆෙඩරේශනයේ කඩා වැටීමත් එක්ක.

      හැබැයි ඒකෙන් කියන්නෙ නෑ වාමාංශික අදහස් ප්‍රායෝගික නෑ කියල.

      ඒකෙන් කියන්නෙ ඒ යුගය තුළ තිබුණ සමාජ ආර්ථික යථාර්තය ඇතුලෙ අනුගමනය කරපු වැඩ පිලිවෙල අසාර්ථක වුනා කියලා විතරයි.

      - නවීන්

      Delete
    3. මචං වාමාංශික අදහස් ප්‍රයෝගික නැත්තේ නැහැ. ලංකාවෙ වම කියන්නේ පරන ලෙමන් පෆ් වගේ එකක්. බිස්කට් එක කන්න දුන්නම් ක්‍රිම් ටික හුරගෙන කාල මිනිස්සු අහක දානව. ජවිපෙ කවදාවත් දිනන්නෙ නැත්තේ ඒකයි. හදුන්නෙත්තිගේ ඉන්ටර්නෙට් කතාව තමා හොදම උදාහරනෙ. හිතපන්නේ ඌ තාම ඉන්නේ අසුව දශකෙ වගේ .මේ මිනිස්සු කොහොමද රෙද්දක ඇදගෙන AI , Nano tech වගේ ඒව ගැන කතාකරන්නේ .ඉතාම සරලව කිවුවොත් ඇයි ලංකාවේ වම්මු දීප්ති කුමාර ගුණරත්නට වෛර කරන්නේ කියල හොයල බලපන්. ඇයි ලංකාවේ මෝඩ වම්මු පශ්චාත් මාක්ස්වාදයට අකමැති .උන් ආස පරණ ෆැන්ටසියේ ජීවත්වෙන්න. මුන කැතයි කියල දන්න එකෙක් කන්නාඩියෙන් මුන බලන්න බයයි බන්.

      Delete
    4. ආහ් හරි හරි. අදහසට සම්පූර්ණ එකඟයි.

      පශ්චාත් මාක්ස්වාදයේ මොකක්ද වෙනස?

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි