සිංහල බෞද්ධයා නැසුවේ කහසිවුරු ධනවාදයයි!

ගලගොඩඅත්තේ ඥානසාර වෙනුවෙන් කඩේ යන්නට ගොස් සමස්ථ සංඝ සමාජයම අලගෝනියක් බවට පත්ව ඇත මේ අලවීම පටන්ගත්තෙ අදක ඊයෙක නොවේ බද්දේගම සමිත පාලිමේන්තු එන්නටත් කලින් සංඝ සමාජට ගැන ලාංකිය සමාජයේ කතිකාව ක්‍රමිකව වෙනස් වෙන්නට පටන්ගෙන තිබුනි . ලංකාවේ සිංහල බෞද්ධයා තරම් සංස්කෘතිකව බෙලහීනතාවයට පත්වු වෙනත් කිසිදු ජාතියක් නැත. මෙයට හොදම උදාහරනයට ලෙස විවිධ ජාතින්ගේ විවාහ මංගල උත්සව සසදා බලන්න .ඕනැම ජාතියක මිනිසෙකුට විවාහ මංගල්‍ය යනු සංස්කෘතික උත්සවයකි එපමනක් නොව එය එක් අතකින් ශිෂ්ඨාචාරගතවු මිනිසාගේ අභිමානය කියාපාන්නකි. මම පෞද්ගලිකව සිංහල දෙමල මුස්ලිම් යන තුන් ජාතියේම විවාහ මංගල උත්සව වලට සහභාගි වි ඇත. එහෙත් සිංහල බෞද්ධ විවාහ මගුලක් යනු තවදුරටත් සංස්කාතික අංගයක් නොව වෙලදපල ආර්තිකයට ගොදුරුවුන කේඩැරි සැරසිල්ලකි .

මේ සංස්කෘතික උත්සව වෙලදපල ආර්ථිකයේ ගොදුරුක් බවට පත්කිරීමට බලපැ ප්‍රධානම ක්‍රමවේදය ජනමාධ්‍ය ප්‍රොපගැන්ඩාවයි. 2004 සිට සිරස සුභාසිරි හා එ හරහා බිහිවු වෙඩින් ශෝ රැල්ලට ගසාගෙන ගියේ සිංහල බෞද්ධයා පමනි. එය වෙඩින් රැග් නම් අම්බ ගොංපාට් එකේ සිට අශ්නික සිල්වා ලවා ගීත ගායනා කිරිම නැන්දම්මා සහ මාමා සමග ඥාති රංගනය දක්වා උමතු තත්වයක් කරා රැගෙන ගියේය.අපි ඥානසාරලාගේන් අසන්නේ, ගරුහිමියනි. සිංහල බෞද්ධ සංස්කෘතිය නසන්නේ වෙලදපොල ආර්තිකයද, සහරාන් හෂීම්ද ,නැතිනම් කහසිවුරු සමාජයද .මේ මොහොතේ සිංහල බෞද්ධයා යනු නුතනත්වයට (Modernity) වලටත් අයත් නැති ගතානුගතිකත්වයටත් ( Conservative ) අයත් නැති සොහොන් පෙනෙල්ලෙකි. ඒතරමටම බුදුදහම සහ සිංහල සංස්කෘතිය වානිජ-පරිබෝජනවාදයට හසුවී අවසන්ය .

සිංහල සංස්කාතිය යනු ඇමරිකානු පරිබෝජනවාදයයි.  සිංහල සමාජයේ ඉහත වටිනාකම් ධනවාදයතුල දියවීයාම ගැන මේච්චර පණු ගායක් ඇති  ඥානසාර කට හොල්ලන්නේ නැත්තේ ඇයි ?. සිංහල සමාජයේ පවුල් ඒකකය තුල තිබු සබැදියාව දියවගොස් ඇත එහි එක් ප්‍රතිපලයක් වන්නේ හුදෙකලා සිංහල අසංස්කෘථික ජීවින් පිරිසක් බිහිවිමයි. 2022 ගොල්ෆේස් කැරැල්ල දියත් කරන ලද්දේ මේ ජීවින් කුලකයේ කොටසකි එකපිරිසක් වාමංශික-ලිබරල්වාදයේ (WOKE) සංස්කාතිය තුල සිරව සිටින විට අනික් පිරිස සිටින්නෙ වාමාංශික- ජාතිකවාදය තුලයි. මේ බිදවැටුනු ජීවින් යහපත් පවුල් ඒකකයක් කිසිදා තනන්නෙ නැත .ඥානසාර තවමත් අප බියගන්වමින් සිටින්නේ සිංහල ජන අනුපාතය මුස්ලිම් ජන අනුපාතය සමග 50/50 එන දිනය ගැනය .සිංහල සංස්කාතියේ මේ දියාරැ විමට වගකිව යුත්තේ ගිහියන්ට කලින් ධනවාදයේ ගිලුනු කහසිවුරු සමාජය සහ රාජපක්ශවාදය වෙනුවෙන් සිංහල සමාජය නොමග යැවු දොරමඩලාවේ පන්ඩිත නැෂනල්සුට්කාරයන්ය 

(ප/ලි - මෙය මට සිංහල සමාජය ගැන ඇති මාර කැක්කුමක් නිසා ලියන ලද්දක් නොව සිදුව ඇති දෙය ගැන ලියන ලද්දකි )



No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි