යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඩොලර් මිලියන 10ක් වටිනා රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතියක් විනාශ වෙයි

සතුරු සීමාවන් තුළ ඉතා ගැඹුරින් පිහිටි ඉහළ වටිනාකමකින් යුත් රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතියකට යුක්රේන ඩ්‍රෝන බලකායක් විසින් ප්‍රහාර එල්ල කර ඇති බවත්, එහිදී 'Osa' (ඔසා) වර්ගයේ මතුපිට සිට ගුවනට විදින මිසයිල පද්ධතියක් විනාශ කළ බව ජනවාරි 13 වනදා නිවේදනය කළේය.මෙම 'Osa' පද්ධතිය විනාශ කර ඇත්තේ පෙරමුණේ සිට බොහෝ ඈතක සිට ක්‍රියාත්මක වූ තනි ප්‍රහාරක ඩ්‍රෝන යානයක් මගිනි.


 එය සිදුකරන ලද්දේ යුක්රේන සන්නද්ධ බලකායට අයත් විශේෂිත ඩ්‍රෝන මෙහෙයුම් ඒකකයකි.

මොවුන් ප්‍රධාන වශයෙන්ම නියමුවන් රහිත ගුවන් යානා හෙවත් ඩ්‍රෝන (Drones/UAVs) මෙහෙයවීම සඳහා පුහුණුව ලැබූ විශේෂ බලකායකි. සතුරු සීමාවන් නිරීක්ෂණය කිරීම, බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ඉලක්කගත ප්‍රහාර එල්ල කිරීම මොවුන්ගේ ප්‍රධාන වගකීම වේ

Osa (SA-8 Gecko) මිසයිල පද්ධතිය සහ එහි ක්‍රියාකාරිත්වය

'Osa' (රුසියානු බසින් "බඹරා" යන අර්ථය දෙයි) යනු ඕනෑම භූමියක ගමන් කළ හැකි, ඉතා ඉහළ සංචලතාවකින් යුත්, කෙටි දුර විහිදෙන මතුපිට සිට ගුවනට මිසයිල එල්ල කරන (SAM) පද්ධතියකි. මෙය ප්‍රධාන වශයෙන් නිර්මාණය කර ඇත්තේ සතුරු ගුවන් යානා, හෙලිකොප්ටර් සහ කෲස් මිසයිල වලින් හමුදා සේනාංක ආරක්ෂා කිරීම සඳහාය.

 සියල්ල එකම ඒකකයක (All-in-one Design): මෙම පද්ධතියේ සුවිශේෂීත්වය වන්නේ මිසයිල විදින යන්ත්‍රය (Launcher), ඉලක්ක හඳුනාගන්නා රේඩාර් පද්ධතිය (Target Acquisition Radar) සහ මිසයිල මෙහෙයවන රේඩාර් (Tracking Radar) යන සියල්ලම එකම රථයක් මත පිහිටා තිබීමයි. මෙලෙස සියලුම උපාංග එකම රථයක තිබීම නිසා ඉතා වේගයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව මෙයට ලැබේ.

 ෙඕනෑම තැනක ගමන් කිරීමේ හැකියාව: රෝද 6කින් යුත් මෙම රථය ගොඩබිම මෙන්ම ජලය මතද (Amphibious) ගමන් කළ හැකි පරිදි නිපදවා ඇත. එම නිසා ගංගා හෝ වගුරු බිම් සහිත ප්‍රදේශවල වුවද මෙය පහසුවෙන් ස්ථාපිත කළ හැකිය.

‍ෙමිසයිල ධාරිතාව: සාමාන්‍යයෙන් මෙම රථයක් මත මිසයිල 6ක් සූදානම්ව තබාගත හැකිය. මෙම මිසයිල මගින් කිලෝමීටර් 10ක් - 15ක් පමණ දුරින් සහ කිලෝමීටර් 5ක් පමණ ඉහළ අහසේ ඇති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ හැකිය.

ස්වයංක්‍රීය ඉලක්ක හඹායාම: මෙහි ඇති රේඩාර් පද්ධතිය මගින් සතුරු ඉලක්කය ස්වයංක්‍රීයව හඳුනාගෙන, මිසයිලය ඉලක්කය වෙත නිවැරදිව මෙහෙයවීම සිදු කරයි.

 ප්‍රහාරයේ වැදගත්කම:

 පිරිවැය: පවතින ඇස්තමේන්තුවලට අනුව, විනාශ කරන ලද ගුවන් ආරක්ෂක පද්ධතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 10 කට වඩා වැඩිය. ප්‍රහාරය සඳහා භාවිතා කළ ඩ්‍රෝන යානයේ පිරිවැය ඊට වඩා සිය ගුණයකින් අඩු බව එම ඒකකය පෙන්වා දෙයි.මෙම සාධක හේතුවෙන් විශාල සේනාංක යෙදවීමකින් තොරව හෝ තම භට පිරිස් සෘජු අවදානමකට ලක් නොකර, රුසියාවේ මිල අධික සහ උපායමාර්ගිකව වැදගත් පද්ධති අකර්මන්‍ය කිරීමට යුක්රේන හමුදාවට හැකියාව ලැබී ඇත.



No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි