සිග්මන් ෆ්‍රොයිඩ්ට සුබ උපන්දිනයක්

මීට යම් කාලයකට උඩදි මිනිස්සුන්ට ආගම ගැන තිබුනේ වඩා භක්තිමත් අදහසක්.නමුත් මේ අදහස ටිකෙන් ටික දියවෙන්න ගත්තා විද්‍යාව කියන සාධකයත් එක්ක. 

විද්‍යාවේ දියුණුවත් එක්ක ආගම කියන සාධකේ නොවටිනා හුදු සංස්කෘතික කාරණයක් දක්වාම බොහෝ දුරට හැකිලිලා ගියා. නමුත් ගැටලුක් ඉතුරු උනා .මිනිස්සු කොයිතරම් භෞතිකවාදී උනත් ආගම ගැන තියන අවිඥාණික විශ්වාසයෙන් ගැලවෙන්න බැරී උනා .(ඒ කියන්නෙ කොයිතරම් ජගතෙක් උනත් කරදරයක් උනාම දෙවියො සිහිවෙන එක නවත්වන්න බැරි කාරනයක් ) .

ඇයි මෙහෙම වෙන්නෙ කියන එකට වඩාම තාර්කික පිලිතුරක් මට ලැබුනේ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ (Civilization and It's Discontents ) කියන ලිපි පෙලෙන් .ෆ්‍රොයිඩ් අදුන ගත්තා මිනිසාගේ සමස්ත ජීවිතයම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ වේදනාව කියන දේ වටා බව .ඒ කියන්නේ අපි කරන කියන හැම දෙයක්ම අවසන් වෙන්නේ වේදනාව කියන දේ හරහා. 

ඔහුගේ තර්කය තමා මිනිස්සු මේ හින්දා හැම විටම තමන්ට වඩා ඉහලින් පවතින තමන්ට උපකාර කල හැකි යම් දෙයක් පිලිබද ිවිශ්වාසය තැබුවා කියන එක.  ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේ අසරන භාවයේ හිස්තැන පුරවන්න පුලුවන් එකම දෙය ආගම බවට පත්වීම .

මේ නිසා, ආගමික නොවන පුද්ගලයෙකු පවා යමෙකු තමාට උදව් කරනු ඇතැයි විශ්වාස කරන කාලයක් එලඹෙවා. සමහර විට ඔහු මේ ලෝකයෙන් පිටත කෙනෙකු විය හැකිය. නැතහොත් එය අපගේ භෞතික මානයන්ගෙන් අල්ලා නොගත් කෙනෙකු විය හැකිය. 

"ඔබේ අසරණ භාවයෙන් ඔබව ගලවා ගත හැකි කෙනෙකු කෙරෙහි විශ්වාස කිරීම ආරම්භ වන්නේ මිනිස් ආත්මයේ අසරණ භාවයෙනි."

(අද සිග්මන් ෆ්‍රොයිඩ්ගේ උපන්දිනය බව ගුගල් විසින් මට දැනුම් දුන්නා අප තුල අප දන්නා බව නොදන්නා ලෝකයක් ඇති බව සොයාගත් ඔහුට සුබ උපන්දිනයක් පතමි)











2 comments:

  1. ආගම මුලින්ම කරන්නේ අපිව අසරණ පව් කාරයෝ බවට හරවන එක . එක ඔළුවට කා වැදුනට පස්සේ අපි ඉබාගාතේ ආගම පසුපස යනවා .. නමුත් විද්‍යාව වේදනාවට සහනය හොයනවා , දුකට සතුට දෙන්න විදි හොයනවා .

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි