මිදුම බ්ලොගයේ මම දැක්ක ගොබෙල්ස් න්‍යාය ගැන ලිපියක් ලියල තියෙනවා. මේක දැක්ක ගමන් මට මතක් උනේ අපිත් එක්ක ඔෆිස් එකේ එකට වැඩ කරපු ගොබෙල්ස් කෙනෙක් ගැන. පොරගෙ නම දමිත්. කොටින්ම කිවුවොත් මිනිහ බොරු විදිනව.
මට තේරුන විදිහට ඒ් බොරුකීම පැතලොජිකල් ලෙවල් එකකට ඇවිත් තිබුනේ. මිනිහ මොකක් හරි බොරුවක් කිව්වොත් එකට ආයේ ප්‍රතිතර්කයක් ගේන්න බැරි ලෙවල් එකට අඹරලා තමයි එක දෙන්නේ .
අපි දවසක් අපේ කාර්්‍යමන්ඩල නිවස්නයේ ඉන්නකොට වැසි දවසක අපිට හිතවත් අංකල් කෙනෙක් අපි සමග රාත්‍රියේ සාමිච්චියේ යෙදිල ඉදල යන්න ලැස්ති උනා.
අංකලයත් කියවන්න පටන් ගත්තට පස්සෙ නවත්වන පොරක් නෙවේ .සමහර දවස්වල අපි බලෙන්මයි පොරව යවන්නේ. අපි ගේට්ටුව ලගට යනකොටම දඩාර සයිස් ගෝණුස්සෙක් ගේට්ටුව ලග ඉන්නවා .ගොනුස්ස දැක්ක විතරයි යන්න ගිය මනුස්සය අය එතන ඉදන් ගෝනුස්සගො ගැන කියවන්න පටන් ගත්ත .
මේ කතාව අස්සේ අපේ දමිත් බුවා කිවුවා