තොරතුරු අධිභාරය සහ අතීත කතා

මාස දෙකකට විතර පස්සේ බ්ලොග් එකට මොනවත් දැම්මේ නැති හින්ද හදිස්සියේ මතක් උන කතාවක් ලියන්න හිතුව. 

දශක දෙකකට පමණ එපිටදී අපට අන්තර්ජාලය නහුරු කාලයේ අපට කියවන්නට දේ බොහෝ තිබුනා. අපිට දැනුම ලැබෙන මාර්ග තිබුනේ කිහිපයක් පමනයි. විදුසර පත්තරේ සිවුදෙස මුතුහර මනහර සගරා ඒ අතර විශේෂයි. දැනුම ලැබුන මාර්ග සිමිත හින්දම අලුත් දේ හොයාගෙන යන්න ඒ කාලෙ මිනිස්සුන්ට තිබුනෙ පුදුම උනන්දුවක් .

මේ සගරා වල තිබුන ලෝකයේ විවිධ රටවල කතන්දර, සිදුවීමි, දේශපාලනය ,සංස්කෘතිය, විද්‍යාව වගේ විශයන් අපේ උනන්දුව පුලුල් කලා. ඒ අතර ලෝකයේ තාක්ශණය දියුණු උනා .

කඩදාසි සගරා වෙනුවට අන්තර්ජාල වෙබ් පිටු සහ යුටියුබ් වගේ දේවල් ආවා .ලෝකය අතැඹුලක් උනා කියලනේ කියන්නේ. හැබැයි මගේ අදහස මේ වෙනකොට මේ තාක්ශනය විසින් අපට තොරතුරු අධිභාරයක් (Overload Of Information) ලබා දිලයි තියෙන්නෙ.