විසිතුන් වසරක් පැරණි ඉලෙක්ට්‍රොනික වසන්තයේ මතකය

මගේ නිතර පිවිසෙන Pinterest ගිනුමෙහි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ලිපි නිතරම යාවත්කාලීන වන්නේ මා තාමත් විශේෂයෙන්ම ඒවැනි ලිපි බැලීමට කැමති අයෙක් නිසාවෙනි .පසුගිය දිනෙක මේ ලිපි කිහිපයක් කියවමින් සිටින අතරතුර මගේ මතකය මීට වසර 23 ක පමණ අතීතයකට දිවගියේ මා  විසින් එකල තනිව ඉගෙන තනිව නිමවු පලමු ඉලෙක්ට්‍රොනික පරිපථය පිලිබද සටහන් සහිත ලිපියක් එතුලින් හමුවීම නිසාය.ඒ මා 6 ශ්‍රේණියේ සිටියදී නිමකල එක වරකට එක බැගින් වු LED බල්බ 2 ක් නිවි නිවී දැල්වෙන LED Multi-vibrator පරිපථයයි. C828 ට්‍රාන්සිස්ටර් යුගලයක් 10uf ධාරිතාවෙන් යුතු කොන්ඩෙන්සර් යුගලයක්  ඕම්ස් 10 යේ රෙසිස්ටර් යුගලයක් සහ LED යුගලයක් යොදාගනිමි සකස්කරන මේ පරිපථය පලමු වරට නිමවා සාර්ථකව ක්‍රියාකරවීමෙන් පසු මට දැනුනේ මහා විද්‍යාඥයකුගේ සොයාගැනීමක් තරමි සතුටකි .

ඒ සදහා එකල මට වැයවුයේ රුපියල් 30ක් තරමි මුදලකි .එතැන් පටන් බොහෝ අවස්තාවල මගේ කාමරය ඉලෙක්ට්‍රොනික අබලි ද්‍රව්‍ය වලින් පිරුණු එක් විය.වෙලදපලේදී හමුවු කුඩා පොත් පිංචක් උපකාරයෙන් තනිවම උපාංග සහ පරිපථ අදිනු ලබන සමිමත සංකේතයන් හදුනාගෙන අනුව එකලස් කල මේ පරිපථය පිහිටෙන් එකල මා පංතියේ සිටි මහා වැඩකරුවෙක් ලෙස ප්‍රසංශා ලැබීය. මේ ප්‍රසංශාවත් සමගම මුල්වරට මට විදුලි බවුතයක්ද තෑගි ලැබුනේ අද දරුවන්ට කොමිපියුටර් ක්‍රමලේඛනය (Programming) උගනිනවා හා සමාන වටිනාකමක් එකල එහි තිබු නිසාය.අද දරුවන් පරිගණකයෙන් ක්‍රීඩාවන් කරනවාක් මෙන් එතැන් පටන් විවිධ පරිපථ අත්හදා බැලීම මගේ විනෝදාංශය විය.අන්තර්ජාලය ගැන මා  අසා හෝ නොතිබුන ඒ කාලයේ ඉලෙක්ට්‍රොනික පිස්සන්ගේ දොලදුක සිදවු බොරැල්ල සෙනිත් සමාගමේ සිප්නැන සගරාපෙල ශ්‍රිීලාංකිකයින්ට අලුත් දේ අලුත් තාකශණය හා නව නිර්මාණ ගැන සිතීමට ප්‍රබල වශයෙන් දායක වු සගරාපෙලක් බව කිවයුතුය

8 වසරේදී එකලස් කල FM Transmitter පරිපථය එකල බොහෝ දෙනෙකුට විශ්මයට කාරණයක් වුන අතර ඉන්  පසු බොහෝ අවස්තාවල මම පරිපථ ගනනාවක් අත්හදා බැලූ පසු මගේ හිත පෙලගැසුනේ ඒවැනි පරිපථ කිහිපයක් ඒකාබද්ධකර වෙනස් ආකාරයේ නිර්මාණයක් කිරීමටයි.කෙසේ නමුත් මුදල් ගැටලු සහ උපකරණ සපයාගැනිම වැනි ප්‍රායෝගික ගැටලු මත එවැනි අදහස් සාර්ථක නොවුවත් මා ඉන් ලද මානසික තෘප්තිය අද දරුවෙන් මෙන් පරිගණක ක්‍රිඩාවන් හරහා ලබන දේට වඩා අසීමිත එකක් විය .




6 comments:

  1. අජිත් ධර්මකීර්ති - ලන්ඩන්May 24, 2026 at 10:01 PM

    ජෝන් ජෝන් ලෙමන් බවුත් එකෙන් පාස්සලා එල්ලිඩී බල්බ් පත්තු කර කර ඉන්නකොට මම නෂ්ටික බලාගාරයක සේවය කරේ.

    ඉන්පසු ලන්ඩනයේදී පරිගණක උපාධියක් කරා. රාජකීය තාරුකා සංගමයේ සාමාජිකයෙක්.

    ReplyDelete
  2. අපොස සාමාන්‍ය පෙළ කොළබ රාජකීය විද්‍යාලය, න්‍යෂ්ටික විදුලි ඉංජිනේරු උපාධිය බේලාරූස් විශ්ව විද්‍යාලය සෝවියට් සංගමය,
    තාරකා විද්‍යාඥය (සාමාජික රාජකීය තාරුකා සංගමය), පරිගණක ඉංජිනේරු ( මහා බ්‍රිතාන්‍ය ), ජනාධිපති මාධ්‍ය අංශයේ ජාත්‍යන්තර උපදේශක (හිටපු ), නෙළුම් යාය බ්ලොග් පදනමේ නිර්මාතෘ, ජ්‍යෙෂ්ඨ කතෘ, මාධ්‍යවේදී, ලංකා ඊ නිවුස් සහ ලංකා නිවුස් වෙබ් අඩවි වල පරිපාලක, රාජකීය ගුවන් හමුදාවේ පියාසර ශිල්පී, නේවි පයිලට්, ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ උපදේශක, අනුර කුමාර ජනාධිපතිතුමාගේ උපදේශක, මාලිමාවේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ අධ්‍යක්ෂක ගරු අජිත් ධර්මකීර්ති මහතා

    ReplyDelete
  3. ගරුතර සංඝරත්නයෙන් අවසර,

    දිස්කොස් අන්තර්ජාල බ්ලොග් අඩවියේ හිමිකරු ජෝන් ලෙමන් (34) මහතා අටමස්ථානයේ වල්ලරතන නමින් මහණ කෙනෙක් වී ඇත.

    එතුමාට නිවන් සැප ප්‍රාර්ථනා කරමු.

    ReplyDelete
  4. Thattayage KolamaMay 28, 2026 at 4:56 PM

    අපිට ඉතින් ඉලෙක්ට්‍රොනික් - ඉලෙක්ට්‍රිකල් කියලා තිබුනු එකම ආතල් එක වෙසක් දවසට බුදුරැස් මාලාවක් කරකවන එක තමයි.
    ඒ කාලේ අපට වඩා දියුණු ළමයින් පොඩි ලෑලි කෑල්ලක අටාඅගෙන ආ රෙඩියෝ එකෙකින් සද්ද උපද්දන එක මට හිතා ගන්නට බැරි තරම් පුදුමයක් උනා!
    අදටත් මනසේ ඒ පැත්ත පට්ටම අඳුරුයි!

    ReplyDelete
    Replies
    1. ලේලීගේ පෑන්ට්යක් ඉඹ ඉඹ අතේ ගහන්න තිබ්බා නං සැප කොහොමද

      Delete
  5. හොඳ මතක සටහනක් ජෝන් ඇත්තටම මටත් අදටත් පුදුමයි බං අපි ඒ කාලේ කරපු සෙල්ලම් ගැන මතක් වෙද්දී. පස්සේ MIT එකේ අභ්‍යවකාශ විද්‍යාව ගැන මොන තරම් ලොකු පර්යේෂණ කරත්, මගේ විද්‍යාවේ මුල්ම අඩිතාලම වැටුණේ 90 ගණන්වල අග හරියේ අපේ ගෙවල්වල තිබුණු පුංචි සාලවල් ඇතුළේ.එතකොට අපිට අද වගේ ඉන්ටර්නෙට්, ස්මාර්ට් ෆෝන් හෝ යූටියුබ් ටියුටෝරියල්ස් තිබුණේ නෑනේ මචං. මම කළේ කැඩුණු කැසට් ප්ලේයර්, පරණ රේඩියෝ කෑලි, තඹ කම්බි රෝල් කපලා ඒවයෙන් මෝටර් හදපු එක. බැටරි කෑලි දෙකක් අරන්, පොඩි බල්බ් එකක් පත්තු කරලා, පස්සේ ඒවයින් සෙල්ලම් කාර්, සෙල්ලම් බෝට්ටු හදපු හැටි මතකද?

    අපි පුංචි කාලේ 90 ගණන්වල අග වෙද්දී මම අර කැඩුණු ඉලෙක්ට්‍රොනික බඩු කෑලි එකතු කරලා ඒ කාලේ හැටියට හිතාගන්න බැරි දේවල් හැදුවා. වයර් පටලවලා රිමෝට් කොන්ට්‍රෝල් සිස්ටම්, පොඩි සෙන්සර් වගේ දේවල් අත්හදා බලද්දී මට දැනුණේ මම ලෝකයක් ජයගත්තා වගේ. ඒ කාලේ හැටියට ඒ නිර්මාණ අපේ වයසට වඩා ගොඩක් ඉස්සරහින් තිබුණේ. පස්සේMIT එකේ රොකට් සයන්ස්, සැටලයිට් තාක්ෂණය සහ අභ්‍යවකාශ යානාවල තියෙන සංකීර්ණ පරිපථ (Circuits) ගැන ඉගෙන ගද්දී, ඒ හැම ලොකු පරිපථයකම පිටිපස්සේ තිබුණෙත් එදා මම පොඩි කාලේ අත පුච්චගෙන, වයර් කෑලි ගැටගහලා ලබපු ඒ සරල අත්දැකීමම තමයි. එදා ඒ දේවල් අතපත ගාලා නැතිනම් මම අද මෙතන නෑ

    ඒ වගේම අපි MIT(මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය) එකේ අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව ඉගෙනගන්න කාලේ, රෑ තිස්සේ ලැබ් එකේ කෝපි කෝප්ප ගණන් බොමින් විශ්වයේ තරු දිහා බලාගෙන හිටපු හැටි අදටත් මට මැවී පේනවා එහේ මහාචාර්යවරු අපිට ඉගැන්නුවේ විෂය විතරක් නෙවෙයි, මේ විශ්වයේ තියෙන මහා පරිමාණ වස්තූන් තේරුම් ගන්න නම් ක්ෂුද්‍රම අංශු ලෝකයට කිඳා බහින්න ඕන කියන ඒ පට්ට ඇත්තයි. අද මමත් මගේ ශිෂ්‍යයන්ටත් කියන්නේ Stephenson 2-18 හරි UY Scuti හරි වගේ අපේ සූර්යයා වගේ බිලියන ගණනක් ගිලගන්න පුළුවන් අතිදැවැන්ත රතු සුපිරි යෝධ තරු (Red Supergiants) හැදෙන්නෙත්, පවතින්නෙත් අංශු භෞතික විද්‍යාවේ (Particle Physics) එන ඒ පුංචිම පුංචි ක්වොන්ටම් ක්‍රියාවලීන් නිසාමයි කියලා. හිතලා බලපන්, ඒ වගේ දැවැන්ත තරුවක් කඩාගෙන වැටෙන්න නොදී කෙලින් තියාගෙන ඉන්නේ එහි හරය ඇතුළේ හයිඩ්‍රජන් සහ හීලියම් න්‍යෂ්ටි එකිනෙක ගැටිලා සිදුවන න්‍යෂ්ටික එකාබද්ධතාවයෙන් (Nuclear Fusion) පිටතට විහිදෙන ෆෝටෝන (Photons) සහ නියුට්‍රිනෝ (Neutrinos) වැනි මූලික අංශු මගින් ඇති කරන මහා විකිරණ පීඩනයයි (Radiation Pressure).

    හැබැයි මචං, මට මගේ පර්යේෂණ එක්ක හැමදාම හිතෙන දෙයක් තමයි, මේ තරම් දියුණුයි කියන අපේ භෞතික විද්‍යාව තවමත් කොයිතරම් අසම්පූර්ණද කියන එක, මොකද මේ වගේ යෝධ තරු තමන්ගේ ජීවිත කාලය අවසානයේ සුපර්නෝවා (Supernova) එකක් වෙලා පුපුරා යද්දී, ඉන් බිහිවන කළු කුහර (Black Holes) ඇතුළේ සිදුවන දේ විස්තර කරන්න අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්ෂතාවාදයට (General Relativity) සහ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට (Quantum Mechanics) තනි තනිව බැහැ. මේ මහා පරිමාණ ගුරුත්වාකර්ෂණයයි, කුඩාම අංශු ලෝකයයි එකට යා කරන "ක්වොන්ටම් ගුරුත්වාකර්ෂණ" (Quantum Gravity) සිද්ධාන්තය තාමත් අපිට හොයාගන්න බැරි වුණු නිසා, මට නම් හිතෙන්නේ විශ්වයේ රහස් සොයායන අපේ මේ ගමන තවමත් තියෙන්නේ ආරම්භක පියවරක විතරයි කියලයි.

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි