විසිතුන් වසරක් පැරණි ඉලෙක්ට්‍රොනික වසන්තයේ මතකය

මගේ නිතර පිවිසෙන Pinterest ගිනුමෙහි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබද ලිපි නිතරම යාවත්කාලීන වන්නේ මා තාමත් විශේෂයෙන්ම ඒවැනි ලිපි බැලීමට කැමති අයෙක් නිසාවෙනි .පසුගිය දිනෙක මේ ලිපි කිහිපයක් කියවමින් සිටින අතරතුර මගේ මතකය මීට වසර 23 ක පමණ අතීතයකට දිවගියේ මා  විසින් එකල තනිව ඉගෙන තනිව නිමවු පලමු ඉලෙක්ට්‍රොනික පරිපථය පිලිබද සටහන් සහිත ලිපියක් එතුලින් හමුවීම නිසාය.ඒ මා 6 ශ්‍රේණියේ සිටියදී නිමකල එක වරකට එක බැගින් වු LED බල්බ 2 ක් නිවි නිවී දැල්වෙන LED Multi-vibrator පරිපථයයි. C828 ට්‍රාන්සිස්ටර් යුගලයක් 10uf ධාරිතාවෙන් යුතු කොන්ඩෙන්සර් යුගලයක්  ඕම්ස් 10 යේ රෙසිස්ටර් යුගලයක් සහ LED යුගලයක් යොදාගනිමි සකස්කරන මේ පරිපථය පලමු වරට නිමවා සාර්ථකව ක්‍රියාකරවීමෙන් පසු මට දැනුනේ මහා විද්‍යාඥයකුගේ සොයාගැනීමක් තරමි සතුටකි .

ඒ සදහා එකල මට වැයවුයේ රුපියල් 30ක් තරමි මුදලකි .එතැන් පටන් බොහෝ අවස්තාවල මගේ කාමරය ඉලෙක්ට්‍රොනික අබලි ද්‍රව්‍ය වලින් පිරුණු එක් විය.වෙලදපලේදී හමුවු කුඩා පොත් පිංචක් උපකාරයෙන් තනිවම උපාංග සහ පරිපථ අදිනු ලබන සමිමත සංකේතයන් හදුනාගෙන අනුව එකලස් කල මේ පරිපථය පිහිටෙන් එකල මා පංතියේ සිටි මහා වැඩකරුවෙක් ලෙස ප්‍රසංශා ලැබීය. මේ ප්‍රසංශාවත් සමගම මුල්වරට මට විදුලි බවුතයක්ද තෑගි ලැබුනේ අද දරුවන්ට කොමිපියුටර් ක්‍රමලේඛනය (Programming) උගනිනවා හා සමාන වටිනාකමක් එකල එහි තිබු නිසාය.අද දරුවන් පරිගණකයෙන් ක්‍රීඩාවන් කරනවාක් මෙන් එතැන් පටන් විවිධ පරිපථ අත්හදා බැලීම මගේ විනෝදාංශය විය.අන්තර්ජාලය ගැන මා  අසා හෝ නොතිබුන ඒ කාලයේ ඉලෙක්ට්‍රොනික පිස්සන්ගේ දොලදුක සිදවු බොරැල්ල සෙනිත් සමාගමේ සිප්නැන සගරාපෙල ශ්‍රිීලාංකිකයින්ට අලුත් දේ අලුත් තාකශණය හා නව නිර්මාණ ගැන සිතීමට ප්‍රබල වශයෙන් දායක වු සගරාපෙලක් බව කිවයුතුය

8 වසරේදී එකලස් කල FM Transmitter පරිපථය එකල බොහෝ දෙනෙකුට විශ්මයට කාරණයක් වුන අතර ඉන්  පසු බොහෝ අවස්තාවල මම පරිපථ ගනනාවක් අත්හදා බැලූ පසු මගේ හිත පෙලගැසුනේ ඒවැනි පරිපථ කිහිපයක් ඒකාබද්ධකර වෙනස් ආකාරයේ නිර්මාණයක් කිරීමටයි.කෙසේ නමුත් මුදල් ගැටලු සහ උපකරණ සපයාගැනිම වැනි ප්‍රායෝගික ගැටලු මත එවැනි අදහස් සාර්ථක නොවුවත් මා ඉන් ලද මානසික තෘප්තිය අද දරුවෙන් මෙන් පරිගණක ක්‍රිඩාවන් හරහා ලබන දේට වඩා අසීමිත එකක් විය .




No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි