අන්තෝනියෝ ග්රාම්ස්චි නමි ඉතාලියානු මාක්ස්වාදී න්‍යායධරයා විසින් සිය හෙජමොනිය නම් දේශපාලනික ප්‍රවාදය ඉදිරිපත් කලේය. මෙය ඔහු සිය සිරගෙයි සිට ලියූ සටහන් හරහා ඉදිරිපත් කල අදහස් වලින් සාම්ප්‍රදායික මාක්ස්වාදී ප්රවේශයන් වෙනතකට යොමුකල හැකි විය. ඒය ඒක් අකාරයක සංධිස්ථානයකි
මේ අදහස් ඉන් පසුව බිහිවු පශ්චාත්මාක්ස්වාදී ව්‍යාපාරයේ වර්ධනය කෙරේ ඉතා වැදගත් විය. ඇතැම් ග්රාම්ස්චියානු න්‍යායන් අද වන විට කල් ඉකුත් වුවත් ඔහුගේ මුලික අදහස් වලින් ඉතා සිත්ගන්නා සුලු අදහසක් වන්නේ බුද්ධිමතුන් පිලිබද ඔහු දරන අදහසයි.
නුතන ලාංකික සමාජ දේශපාලනික වටපිටාව වෙත අවධානය යොමු කරනවිට අපට අවබෝධ කර ගත හැකි කාරණයක් වන්නේ බුද්ධිමතුන් ලෙස පොදු මහජනතාව විසින් නිශ්චය කරන්නේ මෙවන් නිර්ණයක සහිත පිරිසකි. ඒනම් ඉහල ඇකඩමික අධ්‍යාපනික තත්වයක් තිබිය යුතුය. ලේඛකන කලාවේ නිරතවන හෝ ජනමාධ්‍ය මුලික කරගත් පසුබිමක් තුල ප්‍රකට වුවන් ආදී ලෙසයි.
මේ අනුව රටකට සිටින්නේ ඉතා සීමිත බුද්ධිමතුන් පිරිසකි .නමුත් ග්රාම්ස්චිට අනුව සෑම කෙනෙකුම බුද්ධිමතෙකි ග්රාමිස්චියානු අදහස පෙර කී ඒකට වඩා ඉතා පුලුල් වුන ඒකකි. මෙකී ලක්ශන සහිත බුද්ධිමය කාන්ඩය ග්රාම්ස්චි විසින් හසුන්වනු ලබන්නේ සාම්ප්‍රදායික බුද්ධිමතුන් ලෙසයි. (Traditional Intellectuals ) .ඔවුන් සිය දැනුම උපයෝගි කරගෙන යමි බුද්ධිමය වෘත්තීන් වල නියැලෙන ආචාර්ය මහාචාර්යවරු වෛද්‍යවරු වෙනත් වෘත්තිකයන් ලෙස දැක්විය හැකිය .
ග්රාම්ස්චි විසින් ඉදිරිපත් කල දෙවන කාන්ඩය හැදින්වුයේ අයින්ද්රිය බුද්ධිමතුන් ලෙසයි. අයින්ද්රිය බුද්ධිමතුන් යනු විවිධ සමාජ පංතින් සමග සම්බන්ධවුන ඒ්ම සමාජ පංතිවල සිතුම් පැතුමි සංවිධාන ව්‍යුහය හා කතිකාවන් කෙරෙහි බලපෑමි කල හැකි කන්ඩායමයි .
ඔවුන් ඇකඩමික බුද්ධිමතුන් නොවිය හැකිය. නමුත් අලුත් අදහස්, වෙනස්වන ලෝකය පිලිබද චින්තනයන්, සමාජ සාධාරණත්වය සහා පවතින ක්‍රමය අවබෝධ කර ගැනීමට ඒ්ඒ්සමාජ පංතිවල සිටින ජනතාව කෙරෙහි බලපෑමක් කල හැක්කේ මොවුන්ට .කල යුතු දේ කුමක්ද ? යන්න පොදුජනතාවට මග පෙන්වන්නේ මෙවුන්ය.
අතැමි විට ඇකඩමික බුද්ධිමතුන් හරහා කල නොහැකි ඒක්තරා අකාරයක සමාජිය අවදීකිරීමක් මොවුනට කල හැකිය. ඇකඩමික බුද්ධිමතුන්ගේ අදහස් පොදු මහජනතාව අතරට රැගෙන යන ට්‍රෝජන්වරු මේ අයින්ද්රිය බුද්ධිමතුන් ලෙස සැලකිය හැකිය .
මීට දශක තුනකට ආසන්න කාලයක් තුල බිහිවු ලාංකීය වාම දේශපාලනයේ ඒක්තරා හැරවුම් ලක්ශයක් වු X-කන්ඩායම සිය දේශපාලනික අදහස් තරුන පරපුර අතර ජනප්‍රිය කරවන විට ඔවුන් සහ සාම්ප්‍රදායික බුද්ධිමතුන් අතර ගැටුම් ඇතිවිය .
ඒක්තරා අවස්ථාවක මහාචාර්ය නලීන් සුවාරිස් වැනි සාම්ප්‍රදායික බුද්ධිමතෙකු ඔවුන්ව හදුන්වා තිබුනේ "ඉන්ටර්නෙට් බුද්ධිමත්තු" යන අවඥාසහගත වදනින්ය. නමුත් X කන්ඩායමට කල හැකිව තිබු සමාජ බලපෑම නලීන් සුවාරිස් මහතාට කල හැකිවුනි දැයි ප්‍රශ්ණයකි ? ලාංකිය සාම්ප්‍රදායික බුද්ධිමතුන්ගේ නිද්‍රශිලි ප්‍රතිපත්තිය සහ ආගමික භක්තිය මෙයට තවත් හේතුවකි
බුද්ධිමතුන් සම්බන්ධව ග්‍රාම්ස්චිගේ අදහස් වල අවසන් සංකලනය වන්නේ ධනවාදයට ඒරෙහි සමාජ පරිවර්ථනයකදී ඒයට පන දිය හැකි ඒය මෙහෙයවිය හැකි අයින්ද්රිය බුද්ධිමතුන් කොට්ඨාශයක් බිහිකර ගැනීම සහ සමාජ පරිවර්ථනයේදී සම්ප්‍රදායික බුද්ධිමතුන්ගේ ස්වකීය බුද්ධිමය ඥානය සහ බලය සමාජ පරිවර්ථන කාර්ය සදහා සෘජුවම දායක කර ගැනීමට වෙහෙසවිය යුතුය යන්නයි.
--------------------------------------------------------------------------------------------------------
කෙටි මතක් කිරීමක්සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් අලුත් බ්ලොග් සින්ඩිකේටරයක් එලිදක්වාඇත www.sinhalablogs.com යන සැබැදිය ඔස්සේ ඔබට එයට පිවිසිය හැකිය
වඩා සරල සහ පිලිවෙල සහිත අතුරු මුහුණතක් යටතේ බිලොග් ලිපි වලට ප්‍රවේශවිමට මේ හරහා ඔබට අවකාශ ලැබෙනු ඇත එය ඔබේ ඩිජිටල් වෙහෙස අඩුකරයි
මේ නව සින්ඩිකේටරය තුල දැනට බ්ලොග් අඩවි 100 ක් පමණ ඇතුලත් කර ඇති අතර ඒ සෑම එකක්ම මෑත කාලීනව යාවත්කාලීන කරන ලද ඒවා වන අතර ලිවීම අතිහිටවු බ්ලොග් කිසිවක් ඇතුලත්ව නැත
මීට අමතරව දැනට කිසිදු සින්ඩිකේටරයකට ඇතුලත්ව නැති නමුත් නිතර ලිපි යාවත්කාලීන වන අලුත් wordpress සහ Blogspot යන වේදිකා (Platforms) වලට අයත් බ්ලොග් අඩවි ගනනාවක් මෙයට ඇතුලත් කර ඇත.
නව සින්ඩිකේටරය Responsive මාදිලියක් ලෙස ක්‍රියාකරන බැවින් ඔබට ඔබේ පෞද්ගලික පරිගණකය හරහා මෙන්ම ඕනෑම මොහොතක ඔබේ ජංගම දුරකථනය හරහාද පහසුවෙන් එයට ප්‍රවේශවිය හැකිය
මෙම ලැයිස්තුවට දැන්ටමත් ඔබේ බ්ලොග් අඩවිය ඇතුලත්ව ඇතිනම් පහත දැක්වෙන කේතය ඔබේ බ්ලොග් අඩවියේ Html / java script යටතේ ඇතුලත් කර අපේ ලාංජනය ඔබේ බ්ලොග් අඩවියට ඇතුලත් කර ගැනීමට කාරුණික වෙන්න
ලැදියාවන් අමතක කරලා අවධානයෙන් කියවීමෙන් වලවල්වල වැටීම අවම කරගන්න පුළුවන්.
ReplyDeleteඇත්තක්
Deleteබුද්ධිමතුන් කියන බහුතරයත් මොකක්හරි මතවාදයක පැටලිලා අන්තිමේ... ඕන් සිද්ධිය කෙටියෙන්!
ReplyDeleteලංකාවේ බුද්ධිමතුන් කියන්නේ සිංහල බෞද්ධ මුලධර්මවාදීන් .
Deleteඕකයි ඇත්ත
මැක්සිම් ගෝර්කි අයින්ද්රිය බුද්ධිමතුන් ගණයට වැටෙනවා මම හිතන්නේ . දිප්තිව එයාගේ ගෝලයෝ පස්සේ හලන්නේ - දීප්තිට ආචාර්ය මහාචාර්ය පදවි නැති නිසා කියලත් හිතෙනවා .
ReplyDeleteදීප්ති වරක් කියල තිබුනා වත්තක පොල්කඩන මිනිහා උනත් ප්ලේටෝගේ සංවාද ගැන දැන ගන්න ඕනෙ එහෙම සමාජයක් බිහිවෙන එක ඔහුගේ හීනයක් කියල. ලංකාවේ දැනුම කියන එකටත් පංතියක් බිහිවෙලා තියෙන්නේ. ඉතින් කොහොමෙයි සමාජ විප්ලවයක් කොරන්නේ.
Delete