25 June 2024

ධුමකේතුවෙන් දෙව්ලොව යන්න ගිය මිනිස්සු

මෙම පින්තූරය මට 1997 දී අපුරු මතකයක් මතක් කර දුන්නේය.මෙය හෙල් බොප් වල්ගාතරුවේ ජායාරූපයකි. 

20 වන ශතවර්ෂයේ අවසානයේ මිනිසුන් විශාල වශයෙන් කතා කළ අභ්‍යවකාශ වස්තුව සමහරවිට  මෙය විය හැකිය. 

මිහිමත ඇතමුන්ගේ  දෛවය තීරණයකල මෙම වල්ගා තරුව පුරා මාස 18 ක් පියවි ඇසින් නිරික්ශනය කිරීමට තරම් පෘතුවියට ආසන්න වු අතර මෙම ධුමකේතුව 1997 දෙසැම්බර් මාසයේ දිනෙක අතුරුදන්විය. 

එය අපට නැවත දැකගත හැකිවන්නේ වර්ශ 4380 දීය . මෙම වල්ගා තරුව දර්ශනය වූ කාලය වන  විට අපි කුඩා දරුවන්ව සිටිමු. 

පෘථිවියේ සමහර ප්‍රදේශවල මිනිසුන් රාත්‍රියේදී පියවි ඇසින් මෙම ස්වභාවික ආශ්චර්යය දැකීමට වාසනාවන්තවිය .නමුත් අපේ රටේ මිනිසුන්ට මෙය දැකගත නොහැකි විය .

අපි මේ ගැන ඉතා කුතුහලයෙන් සිටියෙමු නමුත් අපට රූපවාහිනී ප්‍රවෘත්ති හැර වෙනත් කිසිදු තොරතුරක් හරහා එකල මේ ගැන දැනගැනීමට නොතිබුණි.

 "සියදිවි නසා ගැනීම" යන වචනය මට ඇසුණු පළමු මොහොත එයයි.එක්සත් ජනපදයේ මිනිසුන් පිරිසක් මෙය අභ්‍යවකාශ යානයක් යැයි විශ්වාස කර එය තුල පුනරුප්පත්තිය ලැබීමේ අපේක්ශාවෙන්  ඔවුන් විසින්ම ජීවිතය නැතිකරගත් බව ඇසීමෙන් අපි එකල පුදුමයට පත්වුනෙමු. 



4 comments:

  1. Hell-Bop ද
    වල්ගා තරු දැකල සූසයිඩ් කරගන්නෙකත් ආතල් ඇති ඉතිං නේ.
    අමෙරිකාව කියන්නෙ විකාර කල්ට් රාශියකට උපත.දුන්න රටක් නෙව. ලොකු අරුමයකුත් නෑ

    ReplyDelete
  2. මං හිතුවේ ආසියාවේ මිනිස්සු විතරයි මේ වගේ විකාර විස්වාස කරන්නේ කියල...

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ඇමරිකාවේ තමයි වැඩිපුරම cult කිතෙන්නෙ
      America's book of secrtets කියන වාර්ථා වැඩසටහන් පෙලේ මේ ගැන වැඩ සටහනක් ගියා මෙතනින් බලන්න

      https://www.dailymotion.com/video/x7vycy1

      Delete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි