27 June 2024

වාමාංශිකයකුට මව්බිමක් තිබිය හැකිද ?



චේ ගුවේරා වාමංශිකයෙක්ද ජාතිකවාදියෙක්ද කියන ප්‍රශ්නෙ මගේන් කවුරුහරි ඇහුවෙත් මම කියන්නේ මොහු ඇවිල්ල  නොම්බර් එකේ ජාතිකවාදියෙක් කියල. 

කවුරු කොහොම කිව්වත් වාමංශික දේශපාලනය සහ ජාතිකවාදය කියන්නේ කැවුම් සහ පොල්සම්බෝල වගේ කිසිදවසක එකට තියල පාස්සන්න බැරි දෙයක් .

මොකද ජාතිකත්වය කියන්නේ රට,ජාතිය,වර්ගය,කුලය හෝ දේශසිමාව වගේ සංකල්ප මත හැම විටම තමන්ගේ කොටස කියල සීමාකරගන්න හදන දෙයක් .නමුත් වාමංශික දේශපාලනයතුල හැමවිටම පංති, දේශසිමා ,වර්ණ,කුල ගෝත්‍ර ආදි සියලු සීමාවන් පසුකර යමින් සමස්ත මානව ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින්නෙක්. 

චේ ගුවේරා සැමවිටම ඔහුගේ ප්‍රකාශ තුල "සිය රට" යන සංකල්පය ප්‍රවර්ධනය කලා. ඒ විතරක් නෙවේ එක්සත් ජාතීන්ගෙ සමුලුවක් තුල "Country Or Death '' යනුවෙන් ප්‍රකාශ කලා .වාමාංශිකයෙකුට මෙවැනි ප්‍රකාශයක් කල හැකිද ?. 

ජවිපෙ පලමු අරගලය තුල සිටන් මිනිසුන් ඔවුන්ගේ ගරිල්ලා ව්‍යාපෘතිය හැදින්වුයේ චේ ගුවේරා කල්ලිය ලෙසයි .කියු ලෙසටම ජනතා විමුක්ති පෙරමුන  න්‍යායවිරෝධි ජාතිකවාදී-වාමාංශික පක්ශයක් බවට පත්විය.  

ඔවුනට "මව්බිම නැතිනම් මරණය" යන තේමා පාඨය පැමිණියේද මේ හරහායි.  මෙය පිලිබදව වෙනම ලිපියක ලියන්නට අපේශාකරමි. මම අසන්නේ වාමාංශිකයකුට මව්බිමක් තිබිය හැක්කේ කෙසේද යන්නයි ?

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි