23 June 2024

කෘතිම බුද්ධියෙන් පසු පශ්චාත් මානවීය අවධියක් දෙසට ?

මට මේ ඡයාරුපය ලැබුනේ Reddit සමාජමාද්‍යයේ සැරිසරන අතරතුරයි මැය Frensill නමින් හදුන්වන නිරූපිකාවක්. මට මේ පින්තුරය දැක්ක ගමන් හිතුනේ මානවීය බවින් ඔබ්බට ගිහින් යාන්ත්‍රීකරනය උනු මිනිස්සු ගැන. 

තව සියවස් කිහිපක් එපිට ලෝකය Dune,Blade Runner වැනි සිනමා වලින් පෙන්වනව වගේම වෙන්න පුලුවන් කියල මට හිතෙනවා .

මම හිතන් ලෝකය දැන් ක්‍රමක්‍රමයෙන් Minimalism වලට විලාසිතාවක් වගේ පරිවර්ථනය වෙනවා .ඒ විතරක් නෙවේ අපි ගමන් කරමින් ඉන්නේ පශ්චාත් මානවීය අවිධියකට .

ඒ කියන්නේ ශාරීරිකව මානසිකව සහ සංස්කෘතික වශයෙන් අපි දන්නා මානවීයත්වය ඉක්මවා ගිය (ජීව - යාන්ත්‍රික) මිනිසුන් ඉන්න ලෝකයකට .

Elon Mask වැනි තාක්ශණික බලවතුන් ඉදිරියේදී Neuralink වැනි පද්ධති හරහා අපේ භෞතික ශරිරය යාන්ත්‍රිකරනය කරන්න පටන් ගනන් බව සත්‍යක්.

පැරණි සිනමාවල අපි දැකල තියෙන්නේ AI රොබෝවරු ඇවිත් අපේ මානව ශිෂ්ඨාචාරය ආක්‍රමනය කරනව වගේ දේවල්. 

නමුත් මගේ පෞද්ගලික අදහස වෙන්නේ රෝබෝවරු ඇවිත් අපව යටත් කරගන්නව වෙනුවට මිනිසුන් ක්‍රමක්‍රමයෙන් ස්වකැමැත්තෙන් යාන්ත්‍රිකරණයට ලක්වෙයි කියන එක.  අපේ අනාගත ලෝකය ඩිස්ටෝපියාවක් වෙන්න පුලුවන් සාධක වැඩි ප්‍රමාණයක් දැනටමත් තියෙනවා. 

(කරුනාකර Link ඉල්ලීමෙන් වලකින්න 😅)



No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි