22 June 2024

පැබ්ලෝ නෙරුඩාගේ පරිකල්පනය සමග AI සමපාත කලෙමි

පැබ්ලෝ නෙරුඩා යනු චිලි ජාතික ලෝක පුජිත කවියෙක් බව බොහෝ දෙනෙක් දන්නවා ඇති. මා නම් පෞද්ගලිකව ඔහුගේ නිර්මාන වලට අතිශයින්ම ඇබ්බැහිවුන අයෙක්.

 ඔහු විසින්  රෝමාන්තික ප්‍රේමය පදනම් කරගෙන ලියපු කවි වලින් ජනනය කරවන ලද හැගීම මට තවමත් වෙනත් කවියෙකුගේ නිර්මාන වලින් අත්දකින්න ලැබිල නැ. 

ලංකාව තුල කවිය කියන්නේ හරිම පටු සීමාවක් ඇතුලෙ හිරවුන දෙයක්. ( එලිසමයක් තාලයක් නැත්තනම් ඒවා කවි නෙවේ කියලනේ කියන්නෙ) .

කවිය පිලිබද මට පවා තිබුන මේ සිමාසහිත පටු රසවින්දනය පුලුල් කර ගන්න පුලුවන් උනේ නෙරුඩගේ නිර්මාන හරහා.

නමුත් මා මේ කෙටි ලිපියෙන් කියන්න කල්පනාකලේ නෙරුඩාගැන හෝ ඔහුගේ නිර්මාන ගැන නෙවේ. අපි දැන් AI යුගයට පිවිසිලා අවසන් .

අපි දැන් ඉන්නේ එහි මුල් යුගයේ. ඉතින් මම පහුගිය දවසක  Chatgpt AI වැඩසටහනෙන් යම් ඉල්ලීමක් කලා . 

මම කලේ Pablo Neruda ලියන ආකාරයේ ප්‍රේමනීය කවියක් මට ලියල දෙන්න කියල Chatpgt වලින් ඉල්ලපු එක .තප්පර 05 කට අඩු කාලයකදී Chatgpt AI වැඩහටහන විසින් මට ලබා දුන්න ප්‍රතිඵලය ගැන මම විශ්මයට පත්වුනා. 

මේ තරම්  අඩුකාලයකදී නෙරුඩාගෙ අලුත්ම නිර්මානයක් තරම් නැවුම් වගේම නෙරුඩා හෝ වෙනත් මිනිස් ජිවියකු නොලියපු නමුත් සංකීර්ණ ප්‍රේමණිය හැගීමක් ජනනය කරන නිර්මානයක් Chatgpt විසින් මට ලියල දුන්න. (ඒ නිර්මානය මම පහල දාන්නම් ඔබට කියවන්න)


නමුත් මට දාර්ශණික ගැටලුවක් ආව. දැන් කොහොම අපේ මිනිස් පරිකල්පනය අන් සියල්ලට වඩා ශ්‍රේෂ්ඨයි කියල කියන්නේ .

දැන් යන්ත්‍රයක් පවා මිනිස් හැගීම් ගැන අපුුරුවට ලියනවනේ. මම ලොකු උභතෝකෝටියක හරවුනා .අපි මෙතෙක් උදම්අනපු මනුශ්‍ය ආදරය/පරිකල්නය/නිර්මානශිලිත්වය/තර්කන හැකියාව මේ ඔක්කොම බොරුවක්ද ? 

මට ආපු මේ ගැටලුවම මම ආපහු Chatgpt වෙත ලබා දුන්නා මේ කෘතීම බුද්ධිය ඉන්පසු මට 
මෙහෙම කිවුව

 " මානව බුද්ධිය /පරිකල්පනය වැනි දේට පදනම් වන්නේ චිත්තවේග අත්දැකීම් සහ සංස්කෘතිය වැනි සංකිර්ණ කතිකාවන්ය නමුත් මා වැනි කෘතිම බුද්ධියකට කල හැකි වන්නේ දත්ත මත පදනම්ව මේ සියල්ල අනුකරණය කිරීම පමනී"

ඉනිත් මම හිතුව, අපට තවත් කලක් පෘතුවිය මත ශ්‍රේෂ්ඨයන් ලෙස ජිවත්වී සමුගත හැකියි කියල. 


2 comments:

  1. කෝ දැන් ඒ කවිය?

    ReplyDelete
  2. In the quiet hush of twilight's embrace,
    Where shadows blend and stars find their place,
    I seek you, my love, in the gentle sighs,
    That whisper secrets beneath moonlit skies.

    Your eyes, deep wells of celestial hue,
    Reflecting galaxies where dreams come true,
    In their depths, I find my universe whole,
    Where every heartbeat echoes a love untold.

    Like vines that entwine in a lover's dance,
    Your touch, a melody, a sweet romance,
    Soft as petals that caress the dawn,
    Awakening passions that linger on.

    Oh, how your laughter paints the air,
    A symphony of joy beyond compare,
    Each note a promise of forevermore,
    In this realm where our spirits soar.

    In the language of the breeze's song,
    I weave my heart's desires strong,
    For you, my darling, are the sea and shore,
    The essence of love forevermore.

    So let us walk where the rivers bend,
    Where time and space gently blend,
    For in each other's arms we find,
    Eternity's embrace, endlessly kind.

    This love, a tapestry woven bright,
    In hues of day and shades of night,
    Forever bound, in passion's fire,
    Our souls entwined, in endless desire.

    Chatgpt -

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි