Jakarta Solution නොහොත් 1988-89 ලේවැකි මර්දනයේ රහස් වට්ටෝරුව

මිට කලකට ඉහතදී ම‌ගේ දේශපාලන මිතුරෙක් මට කියපු කතාවක් තිබුනා. ඒ් තමයි  88-89 ජවිපෙ සන්නද්ධ අරගලය පරාජය කරන්න ප්‍රේමදාස ආන්ඩුව ඇමරිකාවේ Military Strategists ලාව කන්සාල්ට් කරල තිබුනා කියන කතාව. මේ අනුව ප්‍රේමදාස රජයට කන්සාල්ටන්ට්ලා කිව්වලු සමස්ත ජවිපෙ කැරුල්ලම මර්ධනය කරල දාන්න ඒක පොලීසියකට ඒක වෑන් ඒකයි පොලිස්කාරයේ 03 දෙනෙකුයි දුන්නනම් හොදටම ඇති කියල. නමුත් ඒ් කතාවේ සත්‍යතාව මම හරියටම දන්නේ නැහැ. නමුත් ඒ්ක තවත් දේශපාලන කට කතාවක් නොවේ කියල මට පස්සේ තේරුම් ගන්න පුලුවන් උනා .

අපි දන්නවා ජයවර්ධන පාලන සමයේ උතුරේ නැගී ආපු දමිල ප්‍රචන්ඩත්වය මර්ධනය කරන්න  STF හැදුවා කියල. මේක හදන්න අවශ්‍ය මුලික සටන් තාක්ශනය සහ කැරලි මර්ධණ ප්‍රයෝග සදහා ලංකා‌වෙ රජය කන්සාල්ට් කරනව බ්‍රිතාන්‍ය  කුලි හමුදා සේණාංකයක්. මෙි කුලී සේනාංකය තමයි (KMS) නැතිනම් kini-Mini Services කියන්නේ .1970-1980 දශක දෙක පුරා ලෝකයේ විවිධ රටවල කරපු රහසිගත හමුදා සහ ඩිප්ලොමැටික් මෙහෙයුම් පිටි පස්සේ හිටියේ මේ KMS. ඒතකොට STF ඒක හදන්න ලංකාවට කන්සාල්ටන්සි වලට ආපු නියෝජිතයන් අවසාන නියෝජිතයා ලංකාවෙන් යන්නේ 1989 මැයි මාසයේ. ඒ් කියන්නේ උතුරු දමිල කැරැල්ලට නෙවේ දකුනේ බහුතර සිංහල (වාමාංශික ) කැරැල්ලත් මර්ධනය කරන්න අවශ්‍ය උපදෙස් දීල.

මෑතකදී හෙළි වූ බ්‍රිතාන්‍ය රහස් ලේඛනවලට අනුව, 1988-1989 දකුණේ සිංහල තරුණයන් සහ ජේ.වී.පී. මර්දනය කළ සමයේදීද KMS සමාගමේ නිලධාරීන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයේ මෙහෙයුම් මූලස්ථානයේ (OP HQ) බුද්ධි සහ උපදේශක තනතුරුවල සේවය කර තියෙනවා.

ඒ් කාලේ එකල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් වුුන ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් (David Gladstone) මාධ්‍යවෙිදියෙක්ට කියල තියෙනවා ජකර්තා මෙතඩ් (Jakartha method) කියල ක්‍රමවේදයකට අනුව ලංකාවෙ තරුණ කැරැල්ල මර්ධනය කරනව කියල තමන්ට ලංකාවේ ආරක්ශක අමත්‍යවරයා පැවසුවා කියල. ( ඒ් කියන්නේ ලලිත් ඇතුලත් මුදලි හෝ රංජන් විජේරත්න කියන දෙන්නගෙන් කෙනෙක්).

Jakartha method කියන්නේ ඉන්දුනීසියාවේ ජෙනරාල් සුහර්තෝ බලයට පත්වුනාට පස්සේ ඒරට වාමාංශික ක්‍රියාධරයින් මර්ධනය කරන්න යොදවපු ක්‍රමවේදය. පලවෙනියටම වුනේ CIA හරහා ලැබුන වාමාංශික නායකයින්ගේ නම් ලැයිස්තුව අනුව Killing Chain එක පටන් ගන්න එක.

ඊට පස්සේ වයස අවුරුදු 16-25 අතර හමුවෙන සෑම තරුණයෙක්ම අල්ලා ඝාතනය කිරීමේ සරල ක්‍රමවේදය. සුහර්තෝගේ මේ ජකර්තා සොලියුශන් එකේදී මාස කිහිපයක් ඇතුලත තරුණයෝ මිලියනයකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කලා කියල කියනවා. ඉතින් ජකර්තා විසදුම ඉන්දුනිසියාවට වගේම ලංකාවටත් සාර්ථකව ක්‍රියාත්මක උනා. ඊට පස්සේ Emergency Regulation 55FF කියන නීතිය ගෙනල්ලා Dead body ටික ප්‍රසිද්ධ වෙන්න තියල පස්සෙ නඩු නැතුව අතුරුදන් කලා. 



No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය මට සතුටකි