කවි රස සිතට ගෙනා නබකෝව්ගේ ලොලීටා (Lolita) කතාව

මම කවි කියවන්න පෙලඹුනේ මෑතකදීය. කවි ගැන මට කුඩා කාලයේ තිබුනේ ඉතාම පටු අදහසකි. එය බොහෝ දුරට මට ඇවිත් තිබුනේ අපට සිංහල ඉගැන්වු ගුරුවරුන් හරහාය. එය කොතරම් නරක අතට බලපෑවේද කිවහොත් අර එලිසමය, තාලය වගේ ඒවා නැති ඒවා කවි නොවේ වෙනත් මොනවාද වගේ කියා සිතෙන තරමට මගේ රසවින්දනය පටුවිය. 

මට කවි පිලිබද මේ පටු සීමාව බිදගෙන එන්න පලමුවෙන් උපකාර කලේ කවියක් නොවේ සිනමා පටයක දෙබසකි .එය හුදෙක් සිනමා දෙබසක් නොව ලෝක පුජිත ග්‍රන්ථයක එක් පිටුවක ඇති කුඩා චේදයකි  එය මෙසේය. 

“I looked and looked at her, and I knew, as clearly as I know that I will die, that I loved her more than anything I had ever seen or imagined on earth. She was only the dead-leaf echo of the nymphet from long ago - but I loved her, this Lolita, pale and polluted and big with another man's child. She could fade and wither - I didn't care. I would still go mad with tenderness at the mere sight of her face.”

― Vladimir Nabokov, Lolita

නබකෝව් ලොලීටා ලියන්නේ කාව්‍යමය බස්වහරකිනි. එත් එය කවියක් නොව නවකතාවකි.  එය එලෙසම සිංහලට පරිවර්ථනය කරන්න ගොස් කේ කේ සමන්කුමාර පොත අලගෝණියක් කලේය. මෙි සියල්ල මහද්වීපවලින් දුපත්වලට චින්තනය සහ කලාව ගලා ඒමේදී සිදුවන දෝශසහගත තත්වයන්ය. මාව වෙනත් රටවල කවියන්ගේ නිර්මාණ කියැවීමට පෙලඹුනේ මින් පසුය .

ඉන් පසු පැබ්ලෝ නෙරුඩා. චාල්ස් බුකෝව්ස්කි. එඩ්ගා ඇලන් පෝ වැනි කවියන්ගේ නිර්මාණ සොයා කියැවුවෙමි.කවි කියවා අවසානයේ කවි ලියන්නට පටන් ගත්තේය .කවි යනු හැමදාම කියන එකම අච්චුවට දාන වචන පේලි නොව ඒවා ආත්මීය ප්‍රකාශන බව මට වැටහුනේ ඉන් පසුය. 

සොසේජස් කතාවක්

සෙසේජස් ගැන කතාවක් මට ලියන්න හිතුණි .පසු ගිය දිනෙක මම දුටු ෆේස්බුක් සටහනකින් එක්තරා අයෙක් අසා තිබුන දැන් තියෙන සොසේජස් සහ මීටිබෝල්ස් රස නැත්තේ ඇයිද කියා?. මේ කතාව ඇත්තක් බව කලක පටන් මේවා පරිබෝජනය කරන අය දන්නා සත්‍යකි. 

දැන් තියෙන සොසේජස් ,මීට්බෝල්ස් සහ සෝයාමීට් අතර වෙනසක් නැත .මේවායෙ ඇත්තේ එකම රසකි. එහෙනම් සිදුව ඇත්තේ කුමක්ද ? මේවැනි මාංශ ආහාර නිශ්පාධනය කරන සමාගමක සේවය කල මගේ හිතවතෙකු පැවසුවේ මේ සොසේජස් නිශ්පාධන වලට දැන් අධික ලෙස සෝයා කලවම්කරන බවකි. මගේ අදහසේ හැටියට බොහෝ දුරට එවා අඩු මිලට ලබාගත හැකි ටෝෆු නැතිනම් Soya curd නම් දෙය විය හැකි බවයි... 

එහෙනම් මොකටද ඒහෙම කරන්නේ ? මාකටින් ගැන අවබෝධයක් ඇති කෙනෙකුට මෙය තේරුම ගත හැකිය. සොසේජස් සහ මිට්බොල්ස් යනු දශක දෙකකට පමණ ඉහතදී ලංකාවේ තිබු Classy නැත්නම් ජේත්තුකාර ආහාර වර්ගයකි.. ඒවගේ මිල ගනන් දශක දෙකකට පමන පෙරදීත් දැන් තියෙන ම්ලට බොහෝ දුරට සමානය. මේවා නිතර පරිබෝජනය කලේ අගනුවර කේනද්‍රිය ඉහල පංතියේ සමාජයයි.අප වැනි පහල මැදපංතියේ මිනිසුන් මේවා පරිබෝජනයකල නමුදු ඒත් ඉදහිටය .

අපි බොහෝදුරට කෑවේ විවිධ රසින් සෝයාමීට්ය.  එබැවින් නිශ්පාධන සමාගම් වලට මේ නිශ්පාධිතය්න වලින් ලබාගත් හැකි වුයේ සීමා සහිත ලාභයකි. එබැවින ඔවුනට ඔවුනගේ නිශ්පාධනය සමාජයේ වඩා පුලුල් පාරිබෝගිකයින් පිරිසකට අලෙවිකරන්නට හැකිවුය යුතුය. 

හේයි.... ! රාජාංගනේ හාමුදුරුවනේ මේ ටික මතකද ?

රාජාංගනේ හාමුදුරුවො කියන සමාජමාධ්‍ය තුල ජනප්‍රිය භික්ශුව පසුගිය දවසක සිවුර ගලවල ගෙදර යැව්වු කියල ආරංචි උනා. මේ හින්දම මට හිතුනා මම දන්න මෙයාගේ අතීතය ගැන යම් කරුනු ටිකක් කියන්න .මේ රාජාංගනේ භික්ශුව අනුරාධපුර දකුණු සීමාවේ දුශ්කර ගමක පීඩිත පවුලක දරුවෙක්.

මොහුගේ ක්‍රියාකලාපය අනුව මම අදුන ගත්ත දේ තමයි මෙයා දැඩි අනන්‍යතා අර්බුධයකින් පෙලුන කෙනෙක්. ඒ කියන්නේ කන්නාඩියක් ඉස්සරහට ගිහින බලපුවාම එයාට එයාව පෙන්නේ නැ. ඒක හින්දා ඒ හිස්තැනට චරිතයක් ආදෙශකරගන්න මිනිහා නොගත්ත උත්සහයක් නෑ. ගොඩක් අය මිනිහව දන්නේ සුදත්ත තිලක්සිරි කියන කුප්‍රකට යුටියුබ් කාරයා (නලුවා) එක්ක ගජමිතුරු කමක් පවත්වගෙන ගිහින් අන්තිමට මුඩුක්කු ගෑනු දෙන්නෙක් වගේ බැනගත්ත  එත විතරයි. 

රාජාංගනේට සෝශල් මිඩියා වල යම් තැනක් හම්බවුනේ සුදත්ත තිලක් සිරි නිසා. මොකද පොර ඊට කලින් ලංකාවේ ජනප්‍රිය නලුවෙක්. සුදත්තට කලින් රාජාංගනේට වෙන කන්ටැක් එකක් තිබුන. ඒක ගොඩක් අය දන්නේ නෑ.  අනුරාධපුරේ සමාජ ශාලාවක් පවත්වගේන ගිය වසන්ත සොයිසා ඝාතනය කල ඉරෝන් රණසිංහ නොහොත් SF ලොකු එක්ක තමයි මිනිහ ඉස්සරෝම ප්ලග් උනේ.

සිග්මන් ෆ්‍රොයිඩ්ට සුබ උපන්දිනයක්

මීට යම් කාලයකට උඩදි මිනිස්සුන්ට ආගම ගැන තිබුනේ වඩා භක්තිමත් අදහසක්.නමුත් මේ අදහස ටිකෙන් ටික දියවෙන්න ගත්තා විද්‍යාව කියන සාධකයත් එක්ක. 

විද්‍යාවේ දියුණුවත් එක්ක ආගම කියන සාධකේ නොවටිනා හුදු සංස්කෘතික කාරණයක් දක්වාම බොහෝ දුරට හැකිලිලා ගියා. නමුත් ගැටලුක් ඉතුරු උනා .මිනිස්සු කොයිතරම් භෞතිකවාදී උනත් ආගම ගැන තියන අවිඥාණික විශ්වාසයෙන් ගැලවෙන්න බැරී උනා .(ඒ කියන්නෙ කොයිතරම් ජගතෙක් උනත් කරදරයක් උනාම දෙවියො සිහිවෙන එක නවත්වන්න බැරි කාරනයක් ) .

ඇයි මෙහෙම වෙන්නෙ කියන එකට වඩාම තාර්කික පිලිතුරක් මට ලැබුනේ සිග්මන් ෆ්‍රොයිඩ්ගේ (Civilization and It's Discontents ) කියන ලිපි පෙලෙන් .ෆ්‍රොයිඩ් අදුන ගත්තා මිනිසාගේ සමස්ත ජීවිතයම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ වේදනාව කියන දේ වටා බව .ඒ කියන්නේ අපි කරන කියන හැම දෙයක්ම අවසන් වෙන්නේ වේදනාව කියන දේ හරහා. 

Interpassivity Of Our Modern Internet Culture

What do you think about the plethora of digital content in front of us today? . In the last decade, with the development of the Internet, there was a great impact on our social life. 

Actually, this is not a revolution that happened only in the Internet or in the technological society.

A certain apathy has infected every facet of society. But since my explanation is about the Internet and the technological society, I intend to explain it to you. Interpassivity is one way of living our life in this modern capitalism.

This concept was first presented by the Austrian philosopher named Robert Pfaller. He called this concept Interpassivity - "Aesthetics of delegated enjoyment".

Thus, Interpassivity means that people do not participate in social activities and pass it on to other people to have fun through it. 

In other words, Interpassivity is how we can have fun without being active. It is true that technology has greatly affected the functioning of this dysfunctional society.