ධුමකේතුවෙන් දෙව්ලොව යන්න ගිය මිනිස්සු

මෙම පින්තූරය මට 1997 දී අපුරු මතකයක් මතක් කර දුන්නේය.මෙය හෙල් බොප් වල්ගාතරුවේ ජායාරූපයකි. 

20 වන ශතවර්ෂයේ අවසානයේ මිනිසුන් විශාල වශයෙන් කතා කළ අභ්‍යවකාශ වස්තුව සමහරවිට  මෙය විය හැකිය. 

මිහිමත ඇතමුන්ගේ  දෛවය තීරණයකල මෙම වල්ගා තරුව පුරා මාස 18 ක් පියවි ඇසින් නිරික්ශනය කිරීමට තරම් පෘතුවියට ආසන්න වු අතර මෙම ධුමකේතුව 1997 දෙසැම්බර් මාසයේ දිනෙක අතුරුදන්විය. 

එය අපට නැවත දැකගත හැකිවන්නේ වර්ශ 4380 දීය . මෙම වල්ගා තරුව දර්ශනය වූ කාලය වන  විට අපි කුඩා දරුවන්ව සිටිමු. 

පෘථිවියේ සමහර ප්‍රදේශවල මිනිසුන් රාත්‍රියේදී පියවි ඇසින් මෙම ස්වභාවික ආශ්චර්යය දැකීමට වාසනාවන්තවිය .නමුත් අපේ රටේ මිනිසුන්ට මෙය දැකගත නොහැකි විය .

අපි මේ ගැන ඉතා කුතුහලයෙන් සිටියෙමු නමුත් අපට රූපවාහිනී ප්‍රවෘත්ති හැර වෙනත් කිසිදු තොරතුරක් හරහා එකල මේ ගැන දැනගැනීමට නොතිබුණි.

කෘතිම බුද්ධියෙන් පසු පශ්චාත් මානවීය අවධියක් දෙසට ?

මට මේ ඡයාරුපය ලැබුනේ Reddit සමාජමාද්‍යයේ සැරිසරන අතරතුරයි මැය Frensill නමින් හදුන්වන නිරූපිකාවක්. මට මේ පින්තුරය දැක්ක ගමන් හිතුනේ මානවීය බවින් ඔබ්බට ගිහින් යාන්ත්‍රීකරනය උනු මිනිස්සු ගැන. 

තව සියවස් කිහිපක් එපිට ලෝකය Dune,Blade Runner වැනි සිනමා වලින් පෙන්වනව වගේම වෙන්න පුලුවන් කියල මට හිතෙනවා .

මම හිතන් ලෝකය දැන් ක්‍රමක්‍රමයෙන් Minimalism වලට විලාසිතාවක් වගේ පරිවර්ථනය වෙනවා .ඒ විතරක් නෙවේ අපි ගමන් කරමින් ඉන්නේ පශ්චාත් මානවීය අවිධියකට .

ඒ කියන්නේ ශාරීරිකව මානසිකව සහ සංස්කෘතික වශයෙන් අපි දන්නා මානවීයත්වය ඉක්මවා ගිය (ජීව - යාන්ත්‍රික) මිනිසුන් ඉන්න ලෝකයකට .

Elon Mask වැනි තාක්ශණික බලවතුන් ඉදිරියේදී Neuralink වැනි පද්ධති හරහා අපේ භෞතික ශරිරය යාන්ත්‍රිකරනය කරන්න පටන් ගනන් බව සත්‍යක්.

පැරණි සිනමාවල අපි දැකල තියෙන්නේ AI රොබෝවරු ඇවිත් අපේ මානව ශිෂ්ඨාචාරය ආක්‍රමනය කරනව වගේ දේවල්. 

නමුත් මගේ පෞද්ගලික අදහස වෙන්නේ රෝබෝවරු ඇවිත් අපව යටත් කරගන්නව වෙනුවට මිනිසුන් ක්‍රමක්‍රමයෙන් ස්වකැමැත්තෙන් යාන්ත්‍රිකරණයට ලක්වෙයි කියන එක.  අපේ අනාගත ලෝකය ඩිස්ටෝපියාවක් වෙන්න පුලුවන් සාධක වැඩි ප්‍රමාණයක් දැනටමත් තියෙනවා. ‍ෙ



පැබ්ලෝ නෙරුඩාගේ පරිකල්පනය සමග AI සමපාත කලෙමි

පැබ්ලෝ නෙරුඩා යනු චිලි ජාතික ලෝක පුජිත කවියෙක් බව බොහෝ දෙනෙක් දන්නවා ඇති. මා නම් පෞද්ගලිකව ඔහුගේ නිර්මාන වලට අතිශයින්ම ඇබ්බැහිවුන අයෙක්.

 ඔහු විසින්  රෝමාන්තික ප්‍රේමය පදනම් කරගෙන ලියපු කවි වලින් ජනනය කරවන ලද හැගීම මට තවමත් වෙනත් කවියෙකුගේ නිර්මාන වලින් අත්දකින්න ලැබිල නැ. 

ලංකාව තුල කවිය කියන්නේ හරිම පටු සීමාවක් ඇතුලෙ හිරවුන දෙයක්. ( එලිසමයක් තාලයක් නැත්තනම් ඒවා කවි නෙවේ කියලනේ කියන්නෙ) .

කවිය පිලිබද මට පවා තිබුන මේ සිමාසහිත පටු රසවින්දනය පුලුල් කර ගන්න පුලුවන් උනේ නෙරුඩගේ නිර්මාන හරහා.

නමුත් මා මේ කෙටි ලිපියෙන් කියන්න කල්පනාකලේ නෙරුඩාගැන හෝ ඔහුගේ නිර්මාන ගැන නෙවේ. අපි දැන් AI යුගයට පිවිසිලා අවසන් .

අපි දැන් ඉන්නේ එහි මුල් යුගයේ. ඉතින් මම පහුගිය දවසක  Chatgpt AI වැඩසටහනෙන් යම් ඉල්ලීමක් කලා . 

මම කලේ Pablo Neruda ලියන ආකාරයේ ප්‍රේමනීය කවියක් මට ලියල දෙන්න කියල Chatpgt වලින් ඉල්ලපු එක .තප්පර 05 කට අඩු කාලයකදී Chatgpt AI වැඩහටහන විසින් මට ලබා දුන්න ප්‍රතිඵලය ගැන මම විශ්මයට පත්වුනා. 

Jonny Depp නම් අසමසම රංගධරයා පිලිබදව සටහනක්

ජොනී ඩෙප් කියන්නේ මගේ ප්‍රියතම නළුවෙක්. ඔහු රගපාන කිසිම චිත්‍රපටියක් බලලා මට කම්මැලිකමක් දැනිලා නැහැ. ඔහුගේ රංගන දිවියේ කැපී පෙනෙන සුවිශේෂී දෙයක් මා දැක තිබේ.

ඩෙප් බොහෝ විට "පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්" හි ජැක් ස්පැරෝ, එඩ්වඩ් සිසර්හෑන්ඩ්ස්, "ද ලෝන් රේන්ජර්" හි ටොන්ටෝ සහ "චාලි ඇන්ඩ් ද චොකලට් ෆැක්ටරි" හි විලී වොන්කා වැනි අමුතු හැසිරීම් ඇති මිනිසුන්ගේ චරිත නිරූපණය කරයි.

විශ්මයජනක දෙය නම් ඔහු මෙම විචිත්‍ර චරිතවලට කෙතරම් පරිපූර්ණ ලෙස ජීවය ලබා දෙනවාද යන්නයි.

මෙම භූමිකාවන් තුළට කිමිදීමට සහ ඒවා මතකයේ රැඳීමට ඔහු දැක්වූ දක්ෂතාවය ඇත්තෙන්ම සිත් ඇදගන්නා සුළුය.

ඩෙප්ගේ රංගනයන් සැමවිටම කැපී පෙනේ. මෙම අසාමාන්‍ය චරිත සැබෑ සහ සාපේක්ෂ හැඟීමක් ඇති කිරීමට ඔහුට ඇති හැකියාව නළුවෙකු ලෙස ඔහුගේ ඇදහිය නොහැකි දක්ෂතාවයට සාක්ෂියකි.